ලංකාවේ ගෙවල් වල දැනට කාලයකට පෙර පාන් පෙත්තක්  ‘ටෝස්ට්’ කරගත්තේ තැටියක හරි කබලක හරි දමලා දෙපැත්ත කර කර ගැනීමෙනුයි. විදුලි උපකරණ භාවිතය ජනප්‍රිය වුනාට පස්සේ අපි ඒ වැඩේ පැවරුවේ විදුලි ටෝස්ටරේටයි. එක තරමක පහසුවක් තමයි. ඒ මොකද පාන් පෙත්ත කර වෙන තුරු,  ලීප ළඟ තපින්න ඕන නැහැනේ? නියම පදමට කර වුනහම උඩට පනිනවානේ. මොකක්ද කිව්වේ, නියම පදමට කියලාද? තැටියේ කර කලත්, විදුලි ටෝස්ටරයේ කර කලත් හැම පාන් කැල්ලම එක ගානටම කර නොවන බව අපි අත් දැකීමෙන් දන්නවා. එතකොට අපිට හිතෙන්නේ අපි මිලට ගත්ත  විදුලි ටෝස්ටරය බාල එකක් නිසා එහෙම වෙනවා කියලයි.  මිල අධික ටෝස්ටරයක් අයිති කෙනෙකුගෙන් අහල බැලුවත් කතාව ඕකම තමයි. ඒ තියා ටෝස්ටර හදන රටවල්වල වුණත් කෙනෙකුගෙන් ඇහුවොත් එහෙම කියාවි. එහෙම රටක කෙනෙකු ලියු මේ ලිපිය කියවලා බැලුවහම මේ පලහිලව්ව තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

1919 දී චාල්ස් ස්ට්‍රයිට්(Charles Strite) පෙත්ත ඉබේ උඩට පනින හෙවත් උද්ගාමි පාන් ටෝස්ටරය(pop-up toaster) සදහා පේටන්ට් බලපත්‍රයක් ලබාගත්ත තැන පටන් ටෝස්ටරයක මුලික සැකැස්ම මෙතෙක් වෙනසකට ලක් වෙලා නැහැ. ස්ට්‍රයිට්ගේ නිර්මාණය අදහස් කිහිපයක් එකට එක් තැන් කළ නිෂ්පාදනයක්. විශේෂයෙන්ම, ටයිමරයක් සවිකළ රත්කිරීමේ අවයවයක් වගේම ඊටම අදාලව පාන් පෙත්ත  උඩට පැන්නීමට යාන්ත්‍රණයත් සදහන් කරන්න පුළුවනි. හැබැයි ටෝස්ටරයේ මුලික කොටස වශයෙන් පවතින්නේ අදටත් නුතන ටෝස්ටරයක වුණත් ඇතුලේ ප්‍රභාවත්ව දිලිසෙමින් පවතින නව කිපයුමක්: නික්රොම් හෙවත් නිකල් ක්‍රෝඩියම් මිශ‍්‍ර ලෝහ වයරයි.

1893 දී ලෝකයේ මුල්ම ටෝස්ටරය නිපදවූ ස්කොට් ජාතික ඇලන් මැක්මාස්ටර්(Alan MacMasters) වානේ දඟරයි සිය නිෂ්පාදනයට යොදාගත්තේ. අවාසනාවකට? වාගේ වානේ දඟරය අධිකව රත්වී ඔක්සිගන් හා අන්තර් ක්‍රියා කර පිලිස්සි යනවා. මැක්මාස්ටර්ටවත්, ඔහුගේ නව නිපැයුම ආශ්‍රයෙන් වෙළද පොලට ටෝස්ටරය හදුන්වා දුන් සමාගමට වත් ඒ වගේම පාරිභෝගිකයාටවත් ඉන් පලක් අත්වුණේ නැහැ.

Image result

එත් ඔන්න 1905 දී නික්රොම් හෙවත් නිකල් ක්‍රෝඩියම් මිශ‍්‍ර ලෝහ වයරය ඉස්මත්තට පැමිණෙනවා. නිකල් සියයට් 80ක් සහ ක්‍රෝමියම් සියයට 20ක් යොදා තනන මාත්තුවේ නැතිනම් මිශ්‍ර ලෝහයේ වැදගත් ගුණාංග ඇතුළත් වුනා. වානේ මෙන් පිලිස්සී විනාශ නොවී අධිකව රත්කිරීමට ඊට හැකියාව තිබෙනවා. පිලිස්සී විනාශවනු  වෙනුවට එහි ක්‍රෝමියම් ඔක්සය්ඩ් ආරක්ෂක ස්තරයක්නිර්මාණය වෙනවා. එමෙන්ම ස්විදුලි සන්නායකයක් වශයෙන් නික්රොම් හෙවත් නිකල් ක්‍රෝඩියම් මිශ‍්‍ර ලෝහ වයරයෙහි  ඇති මද දුර්වල ගතිය ඇත්තටම විදුලියෙන් රත්වන උපකරණ වලට එය බහුලව යොදා ගැනීමට එක් හේතුවක් වුනා. විදුලි ධාරාව ගලා යාමට එහි ඇති ප්‍රතිරෝධය නිසා ඒ තුලා අධිඅ තාපයයක් රැස් වෙනවා. මේ ගුණාංගදෙක එකට එකතු වීම හේතු කොට ගෙන නික්රොම් (nichrome) හෙවත් නිකල් ක්‍රෝඩියම් මිශ‍්‍ර ලෝහ වයරය විදුලිය තාපය බවට හැරවීම උදෙසා ප්‍රශස්තම ද්‍රව්‍යයක් බවට නික්රොම් පත්වුණා. එය කොපමණ පිළිගැනීමට ලක් වුනාද කිව්වොත් එහි ඇමරිකානු නිර්මාපක ඇල්බට් මාෂ්(Albert Marsh) විදුලි තාපන කර්මාන්තයේ ‘පියා’ ලෙසට හදුන්වනවා.

ඉතින් ටෝස්ටරය බොහොම සරල උපකරණයක් වෙලත් මේ තරමට වෙනස් නැතිනම් විචල්‍ය ප්‍රතිපල ඇති කරන්නේ මන්ද යන ප්‍රශ්නය මතුවෙනවා. ඇත්තටම මේකට පිළිතුර සෙවිය යුත්තේ ටෝස්ටරයෙහි නොවෙයි පාන් වලයි. ඔව් පාන් පෙත්තේ. අපි කවුරුත් හොදට ටෝස්ට් කරපු පාන් පෙත්තක් හැටියට සලකන්නේ උණු උණු, කර කර ගතියෙන්(crispy) යුක්ත, හැමතැනම එක ගානට කරවී තද රන් පැහැ ගත් පෙත්තක්. ‘උණු උණු, කර කර ගතිය’ නම් සාපේක්ෂව පහසුවෙන් අත්පත් කර ගත හැකි ප්‍රතිපලයක්. එත්, ටෝස්ට් කරපු පාන් පෙත්තේ එක ගානට පැතිරුණු රන්වන් වර්ණය තමයි ගැටලුව. මිට අදාළ රසායනික් ප්‍රතික්‍රියාව හැදින්වෙන්නේ මෙලාඩ් ප්‍රතික්‍රියාව(Maillard reaction) හැටියටයි. මෙය සුප ශාස්ත්‍ර ක්‍රියාදාම බොහොමයකට අදාළ නිසා මේ ගැන නොයෙකුත් අධ්‍යයනයන් කර තිබෙනවා. පාන් පැත්තක් නැතිනම් අර්තාපල් පෙත්තක්, කෝපි ඇට හෝ ඝන මස් හෝ මාළු පෙත්තක් රත් කිරීමට පටන් ගත විට ප්‍රෝටීන අණු සුක්‍රෝස් සමග නැතත් ග්ලුකෝස්, ලැක්ටෝස් සහ මොල්ටෝස් වැනි ඇතැම් සීනි වර්ග සමග ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. මේ ප්‍රතිචාරය, නව, සංකීර්ණ, තද රන්පැහැ එමෙන්ම රසවත් අණු නිපදවනවා. පාන් පෙත්ත මත අපි බලාපොරොත්තු වෙන්නේ ආන්න ඒ වගේ මතුපිටක් තමයි. එහෙත් අධිකව රත් වූ විට සිදුවන්නේ අධික දුඹුරු පැහැ කරමල් ගතියට පත් වීම හෝ කරකුට්ටන් වී අගුරු ගතියට පත්වීමයි.

Image result

ඉතින් මේ ගැටලුවට පිළිතුර වශයෙන් ගතහොත්,පාන් වල සීනි සහ ප්‍රෝටීන වර්ගය සහ ප්‍රමාණය මෙලාඩ් ප්‍රතික්‍රියාව හා තීරණාත්මකව බලපෑමක් ඇති කරනවා. එකම පාන් ගෙඩිය ඇතුලේ පවා මේ වෙනස් කම් දකින්න පුළුවනි. එපමණක්ද නොවෙයි  ටෝස්ටරය දාන්න කලින් පාන් පෙත්තේ උෂ්ණත්වය සහ එහි ගනකමත් බලපානවා.ඒ නිසා තමයි ලෝකයේ ඉස්තරම්ම ටෝස්ටරයට වුණත් අතොරක් නෑර හැමවිටම එක හා සමාන පාට ගැහුණු පාන් පෙත්ත්තක් තනන්න බැරි. දැන්  ඉතින් කාරනාව දන්නා නිසා තව සල්ලි දී දී අලුත් ටෝස්ටර් මිලට ගන්නේ නැතුව තියෙන ටෝස්ටරයෙන් පාන් පෙත්තක් ටෝස්ට් කරගෙන කන එකයි ඇත්තේ. මොකද මෙලාඩ් ප්‍රතික්‍රියාව හරිහැටි පුරෝකථනය කරන්න බැහැනේ.

The Science of Everyday Life by Marty Jopson(2015) හී  The imperfect toaster ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending