අද අපේ සමාජයේ නිතර අසන්නට ලැබෙන රෝගයක් ලෙස පිළිකාව හදුන්වන්න පුළුවන්. රෝගය වැළදෙන සංඛ්‍යාවෙහි වැඩි වීමක් හෝ රෝගීන් ගැන වාර්තාවීම වැඩි වීමක් හෝ මේ දෙකම හෝ  ඊට බලපානවා විය හැකියි. කොහොම වෙතත් මෙසේ වාර්තාවෙන පිළිකා රෝගීන් අතුරෙන් ළය පිළිකා, මුඛ පිළිකා, පියයුරු පිළිකා, මහාඅන්ත්‍ර පිළිකා, චර්ම පිළිකා ආදී නොයෙක් වර්ගයේ පිළිකා රෝගීන් ගැන වාර්තා වුණත් හෘදය පිළිකා රෝගියෙකු ගැන ඔබ අසා තිබෙනවාද? නැහනේ? ඉහත මර්තෘකාවෙන් අසා ඇති පරිදිම හෘදය වස්තුවේ පිළිකාවක් ගැන අසන්නට නැත්තේ අයි?  අපි විශේෂඥයෙකුගෙන් අසා බලමු.

Image result

ශරීරයේ ඕනෑම සෛලයක් මාත්සරික වීමේ හැකියාව නැතිනම් විභවය ඇත: ඒඅනුව ඇත්තටම පිළිකාව හෘදයට බලපාන්න පුළුවනි. පිළිකාව මතුවන්නේ සෛලයක DNA විකෘතිවීම්(mutations) හේතුවෙනි. සාමාන්‍යයෙන් නම් පිළිකාමය සෛලයක් මාරක, ව්‍යප්තවන සුළුපිළිකාවක් බවට පත්වීමට පෙර එය විකෘතිවීම් ගණනාවකට හසු විය යුතුයි. මෙම විකෘතිවීම් වැඩිකොටම සිදුවෙන්නේ  සෛලයක් එහි DNA විභාජනය(divide) සහ ප්‍රතිචලිතවන(replicate) අවස්තාවෙහිදීය. සෛලයකට විකෘතිවීමක් ව්‍යාප්ත කරන්න හැකි එකම මග විභාජනය වී එකී විකෘතිවීම් සිය දුහිතෘ සෛලවලට පැවරීමෙනි. කෙසේවෙතත්, හෘදය වස්තුවේ සෛල ගතහොත්, ඒවා දිගටම රුධිරය පොම්ප කරමින් සිය කාර්ය භාරය අඛණ්ඩව ඉටු කරනවා විනා කිසියම් පිඩාවක්, හානියක් සිදුවූ විටක හැර අලුතෙන් හෘදය සෛල සාදන්නේ නැත. ඉතින් මේ අන්දමට සෛල විභාජනය අඩුවෙන් සිදුවන තැනක් වන හෘදය වස්තුවේ සෛල විකෘතිවීමක් සිදුවී එය දුහිතෘ සෛලයකට පැවරීම සිදුවිමට ඇති ඉඩ කඩ ඉතාමත් සීමිතය.

දැන් අපි බහුලව ඇතිවන පිළිකා ගැන මදක් කල්පනා කර බලමු. පියයුරු, මහාන්ත්‍ර, චර්ම පිළිකාව ආදිය වඩා ප්‍රකටයි. මේ පටක වල සෛල බොහෝමය නිරතුරුවම දුහිතෘ සෛල තනමින් ප්‍රතිචලිතවනවා. පියයුරු පටක නිරන්තරයෙන් හෝමෝන බලපෑමට හසුවන අතර සෑමවිටම වර්ධනය වෙනවා නැතිනම් හැකිලෙනවා. මහාන්ත්‍රයේ ආස්තරය දිගටම ඉවත්වෙමින් අලුත් ආසතරයක් ඇතිවෙනවා. හැම ගැන බැලුවත් ඒ ටිකම කියන්න පුළුවනි.

A metastatic melanoma tumor in the left ventricle, just prior to surgical removal. Image courtesy of Dr. Robert J. Cusimano. Photo by Win McNamee.

මීටත් අමතරව, සමෙහි සහ මහාන්ත්‍රයෙහි සෛල නිරතුරුවම විකෘතිවීම් හටගන්වන දේවලට අනාවරණය වෙනවා. හැම ගත්තොත් පාරජම්බුල කිරණ; මහාන්ත්‍රය ගත්තොත් ආහාරවල ඇති කාසිනොජන හෙවත් කුලිරජනක(carcinogens) ඒවාගේ දේවලට නිදසුන්. මෙහි ප්‍රතිපලයක් ලෙස විකෘතිවීම් අධිකවෙනවා පමණක් නොව සෛල විභාජනයේදී මේ විකෘතිවීම් දුහිතෘ සෛලවලට පැවරීම සදහා අනන්තවත් අවස්ථා  ඇතිවෙනවා. ඒ නිසයි එවැනි පිළිකා වඩාත් බහුල. මිට පටහැනිව හෘදය සෛල රුධිරයේ ඇති ඒවාට හැර කාසිනොජන හෙවත් පිළිකා ජනකයන්ට බහුලව නිරාවරණය වෙන්නේ නැහැ. මෙයත් හෘදය සෛල නිතර ප්‍රතිචලිත නොවීමත් සැලකිල්ලට ගත්විට හෘදය පේශියේ පිළිකා ගැන නිතර අසන්නට නොලැබීම තේරුම් ගන්න පිළිවන්. අත්තවශයෙන්ම, පිළිකා සංඛ්‍යාලේඛන ගත්විට, හෘදය පිළිකාව මිනිය හැකි මට්ටමක නැහැ.

මේ පිළිබද ඉංග්‍රීසියෙන් ලියු අනගි විස්තරාත්මක ලිපියක් මෙතැනින් ක්යවන්න: http://www.mayoclinic.org/heart-cancer/expert-answers/faq-20058130

 

SCIENTIFIC AMERICAN’S ASK THE EXPERTS හී There are many kinds of cancer, so why is there no heart cancer? ලිපිය ඇසුරෙනි

ANSWERED BY:

Alex Aller, Manager of Cell Biology and Immunology Research, Cancer

Therapeutics Department, Southern Research Institute, Birmingham, Alabama.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending