සෞර ග‍්‍රහ මණ්ඩලයේ දුර ඈත කක්ෂගතව ඇතැයි විද්‍යාඥයන් මත නිර්මාණය කරන 9 වැනි ග‍්‍රහයා හෙවත් × ග‍්‍රහයා චිත‍්‍ර ශිල්පියෙකුගේ ඇසින්
කි‍්‍ර.ව. 2006 දී ප්ලේටෝ ට ග‍්‍රහ තත්ත්වය අහිමිවීමත් සමගම අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ නව ග‍්‍රහයන්ගෙන් එක් ග්‍රහයෙකු හැලී ගිය ද, නවවැනි ග‍්‍රහයෙකු නැතිනම් අවිනිශ්චිත × ග‍්‍රහයෙකු පිළිබඳව විද්‍යාඥයන් අතර මතයක් ගොඩනැගීමට පටන් ගෙන තිබුණේ කලක සිටය. මේ ඒ පිළිබඳ විසිතුරු කතාවේ නවතම කොටසයි.
ග‍්‍රහයෙකු යනු කුමක්ද යන්න ගැන ලිපියක් අපි පසුගිය බදාදා (ඔක්තෝබර් 05 දා) තතු මගින් ගෙන ආවෙමු. ග‍්‍රහයෙකු යනු කුමක්ද මෙන්ම අපේ මේ ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහයන් සංඛ්‍යාව අටක් බවට පත් වූ ආකාරයක් එහි සඳහන් කෙරිණ. එහෙත් ප්ලූටෝට ඔබ්බෙන් ඇතැයි කියන යෝධ ග‍්‍රහයා සෙවීමේ තරඟය දින දින උග‍්‍රවෙමින් පවතී. විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක්ම විශ්වාස කරන්නේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ ඈත ප්ලූටෝට ඔබ්බෙන් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ ග‍්‍රහයෙකු කක්ෂ ගතව ඇති බවයි. × ග‍්‍රහයා හෙවත් 9 වැනි ග‍්‍රහයා ලෙස ප‍්‍රකට මෙම ග‍්‍රහයා සැබවින්ම පවතින බව සොයාගැනීම අපේ තාරකා විද්‍යා පෙළ පොත් පමණක් නොව අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය සැදුනු ආකාරය පිළිබඳ අපේ දැනුම ද අනිවාර්යයෙන්ම වෙනස් කිරීමට සමත් වෙනු ඇත.

(ඇත්තටම මෙවැනි ග‍්‍රහයෙකු සිටී නම් එම) නව ග‍්‍රහයා අනුරූපණය පිණිස අවශ්‍ය තාක්ෂණය මෙන්ම වාසනාවද මෙතෙක් මඟහැරී ගොස් ඇතත් සෞර ග‍්‍රහ මණ්ඩලයේ ඈත තවත් වස්තු පෙළක් නොහිතන කක්ෂවල ගමන් කරන බව සොයා ගැනීම එකී පොදු ඉසව්වේ ඇති දැවැන්ත ග‍්‍රහයෙකු පිළිබඳව වක‍්‍ර ආකාරයෙන් සිදු කරණ සොයා ගැනීම්වලට රුකුළක් වී තිබේ.
අලූත් සොයා ගැනීම් වාර්තා වී ඇත්තේ විද්‍යාව පිළිබඳ කානගී ආයතනයේ ස්කොට් ෂෙපඞ් සහ උතුරු ඇරිසෝනා සරසවියේ දැඞ්වික් ටෘජිල්ලෝ යන අයෙගෙනි. අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ මෙකී දුරස්ථ ග‍්‍රහයෙකු පවතීය යන්න පිළිබඳව ඉඟියක් මුලින්ම මෙයට වසර දෙකකට පෙර පළ කර සිටියේ මොවුන් දෙදෙනා විසිනි. එම තොරතුරු පසුව වෙනත් අය එකතුව පූර්ණ සිද්ධාන්තයක් බවට ගොඩ නගා තිබේ.
‘අප දැන් නිකුත් කර ඇත්තේ 9 ග‍්‍රහයා පිළිබඳ න්‍යායාත්මක වාර්තාවලින් අනතුරුව ඈත වස්තුන් පිළිබඳ මුල්ම දත්තයි. ඒවායින් පෙන්නුම් කරන්නේද අප සිතන ආකාරයේ ප‍්‍රධාන පෙළේ ග‍්‍රහයෙකු නිසා ඇති විය හැකි පොකුරු ගත වීමේ හා කක්ෂගත වීමේ රටාවක්මය’යි ෂෙපර්ඞ් පෙන්වා දෙයි. ‘අප සිතන ආකාරයට ග‍්‍රහයන් මගින් පමණක් කක්ෂවලට තල්ලූ කළ හැකි අන්දමට මෙවැනි වස්තූන්– කුඩා වාමන ග‍්‍රහයන් හෝ අයිස්මය වස්තූන් කක්ෂගතව ඇති අන්දම සෙවීමේ ප‍්‍රවණතාවම තමයි මෙයිනුත් පෙන්නුම් කරන්නේ. තවත් සාක්ෂි ඕන තමයි. ඒත් සාක්ෂි ගොඩ ගැහෙන්න පටන් අරන්. මට හිතෙන හැටියට නම් මේ වන විට ඔය ග‍්‍රහයා (9 ග‍්‍රහයා) තියෙන්න ඇති හැකියාව 80%ක් තරම් වෙනවා’ ෂෙපර්ඞ් තවදුරටත් පෙන්වා දෙයි.

ග‍්‍රහයෙකුවීමේ විභවයක් ඇතැයි සැලකෙන මෙම ග‍්‍රහයාට ඇතැමෙකු (අවිනිශ්චිත දෙයකට කියන අන්දමට) × ග‍්‍රහයා යයි කියනු ලැබේ. සමහරුන් එය හඳුන්වන්නේ 9 වැනි ග‍්‍රහයා ලෙසය. ඒ කලින්ද සඳහන් කළ පරිදි ප්ලෝටෝ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් දැනට ග‍්‍රහයන් අට දෙනෙක් පමණක් ඉතිරිව ඇති නිසයි. කුමන නමකින් හැඳින්වුවත් මේ දුර ඈත ග‍්‍රහයා පිළිබඳ උනන්දුව දක්වන්නේ විද්‍යාඥයන්ම පමණක් නොවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය, ජාතික විද්‍යා පදනම, බලශක්ති දෙපාර්තමේන්තුව පෙර කී කැනගී ආයතනයද ඔවුන්ගේ ප‍්‍රයත්නයට රුකුල් දෙයි.
NASA Astrobiology හී The Case Strengthens for Planet 9 නම් විශේෂාංග ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න