
ආයෙත් පෑවිල්ල. රටේ හැම තැනකම වාගේ පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක්. දවල් රැ දෙකම රස්නෙයි. මේ වසරේ මුල් මාස කිහිපය තුළත් මේ වගේ රස්සනය අධික කාලයක් පැවතුනා. ඒ දිනවල කීවේ එල් නිනෝ (El Nino ස්පාඤ්ඤ භාෂාවෙන් ‘කුඩා ළමයා” යන තේරුමයි) බලපෑමෙන් එසේ වුණ බවයි. දැනුත් මේ තියෙන්නේ එලනිනෝ බලපෑමද?
එල්නිනෝ කියන්නේ අප උණුසුම් කරන මාර්තෘකාවක්. පොදු ජනතාව අතුරෙන් බොහෝ දෙනෙකු මේ පද දෙක අසා තිබෙනවා සිකුරුයි. ඉන් සමහරුන්ට මෙය කාලගුණයට අදාළ යම් රටාවක් බවට අපැහැදිලි හෝ අවබෝධයක් තිබේ. සාමාන්‍යයට වඩා වෙනස් ආකාරයක කාලගුණ තත්ත්වයන් උදා වෙද්දී පොදු ජනතාව මෙන්ම කාලගුණ විද්‍යාඥයන් එක්ව එල් නිනෝවලට දොස් පවරති. එල්නිනෝ ගැන බොහෝ දේ දැන සිටිතැයි සිතා සිටියාට වැරදි අවබෝධයන් ද බොහෝ ප‍්‍රචලිතයි. දරුණු එල්නිනෝ තත්ත්වයකට සම්බන්ධ කළ හැක්කේ ඇතැම් බලපෑම පමණක් බව වායුගෝලීය විද්‍යාඥයෝ දනිති. සෙසු බලපෑම් ගැන ඔවුනට ඇත්තේ සැක සංකාවන්ය.
2015-2016 එල්නිනෝව මෙතෙක් වාර්තා වී ඇති එල්නිනෝ තත්ත්වයන් අතරින් දරුණුතම තුනෙන් එකකි. අනෙක් දරුණුතම එල්නිනෝ තත්ත්වයන් 1982-83 වර්ෂයේ දී සහ 1997 -98 වසරේදී ඇතිවිය. මේ අතර තුර කාලයේ එල් නිනෝ දුර්වලව පැවතුනා හෝ නොතිබුණාමත් විය හැකිය. එමෙන්ම, මේ කාල පරාසය තුළ එල්නිනෝ හි ඥාති සොයුරිය ලා නිනා (La Nina ස්පාඤ්ඤ භාෂාවෙන් ‘කුඩාදැරිය’ යන තේරුමයි) සමහර ඍතුවලදී බලවත් වන්නට ඇත. උත්තරාර්ධගෝලයේදී සීත ඍතුව ඇතුළත උච්ච වන අතර ඊට පසු එළැඹෙන අපි‍්‍රයෙල් මාසය වන විට සියල්ල එකලාසයක් වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනයේ පර්යේෂණ විද්‍යාඥ එමිලි බේකර් සමග සයන්ටිෆික් ඇමරිකන් (Scientific American) සඟරාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සම්පිණ්ඩනයක් මෙහි පහත දැක්වේ. දේශගුණ නිර්ණ විශේෂඥවරියක වන බෙකර් එල් නිනෝ ගැන මෙසේ කරුණු දක්වයි.
මුලින්ම කියන්න එල් නිනෝව කියන්නේ මොකක්ද?
එල් නිනෝවක් කියනනේ සමක ශාන්තිකර සාගරයේ සෑම වසර දෙකේ සිට හත දක්වා කාලයක් තුළ ස්වාභාවිකව ඇතිවන විෂම චක‍්‍රයකි. එල්නිනෝ වේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මධ්‍යම හා නැගෙනහිර ශාන්තිකර සාගරයේ මතුපිට සාමාන්‍යයට වඩා ඉහළ උෂ්ණත්වයක් විශාල ප‍්‍රදේශයක පැවතීමයි. මේ චක‍්‍රයේ අනෙක් කොටස තමයි ලා නිනා. එහිදී සාගර මතුපිට ජලය සාමාන්‍යයට වඩා ශීතලය. උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක ආසන්නයේ පවතින මධ්‍යස්ථ හෙවත් උදාසීන අවධියක් ද ඇත.
එල්නිනෝ කාලගුණය කෙරෙහි බලපාන්නේ කෙසේද?
ශාන්තිකර සාගරයේ මතුපිට එම අතිරේක රස්නය ඊට ඉහතින් ඇති වාතය උණුසුම් කරන අතර එම කලාපයේ සාමාන්‍යයෙන් පවතිනවාට වඩා වැඩි වාතයක් උඩට යාමට මඟ පාදයි. මෙය ගෝලීය වායුගෝලමය (වායු) සංසරණයට බලපෑම් ඇති කරයි. සාගරයේ එක්තරා ස්ථානයක උෂ්ණත්වය අංශක කීපයක් වැඩි වුණු පළියට ලෝකයටම බලපෑමක් ඇති වෙතැයි සිතීම පිස්සු විකාරයක් මෙන් පෙනී යාමට පුළුවන් වුවද එමගින් වායුගෝලයට අතිරේක ශක්තිය විශාල ප‍්‍රමාණයක් එක්වීමක් බව අප සැලකිල්ලට ගත යුතුයි.
එය බලපෑමක් ඇතිකරන්නේ උතුරු ඇමරිකාවට පමණක් ද නැතිනම් සෙසු ලෝකයටමද?
වඩාත්ම ඍජුවම එල් නිනෝ බලපෑම් ඇති කරන්නේ උතුරු ඇමරිකාවටයි. එය උරෝපයට ඇත්තටම බලපෑමක් ඇතිකරන්නේ නැත. කෙසේවුවත් ඉන්දුනීසියාවේ හා අපි‍්‍රකාවේ එහි බලපෑම් ඇති අතර එම බලපෑම් බොහෝ සංගතව දැකිය හැකියි.
එක් එල් නිනෝ වර්ෂයකදී ඇති විය හැකි දරුණු කාලගුණික තත්ත්වයන් වෙනත් එල් නිනෝ වර්ෂයකදී ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත හැකිද? උදාහරණයකට 1998 මුල බලවත් එල් නිනෝවකදී කැලිෆෝනියාවට තදබල ගංවතුර හානි පැමිණියේය. ඒත් ඊට පෙර ශීත ඍතුවේදී එල් නිනෝ නොමැතිවත් තදබල ගංවතුර හානි පැමිණියා.
ඔව්, එසේ විය හැකියි. සමස්ත වායුගෝලීය පද්ධතියම කෙතරම් සංකීර්ණද කීවොත් එය එකම ආකාරයේ වෙනස්කම් නොදක්වයි.
කාලගුණය අනාවැකි පළ කරන්නන් මෙන්ම සාමාන්‍ය ජනතාවද 2015-16 බලවත් එල් නිනෝවට වුවමනාවට වඩා කාලගණිකමය සිද්ධි සම්බන්ධ කරන්නෙහිද?
ගෝලීය දේශගුණයට අදාළව කොපමණ දෑ සිද්ධවේද කියතහොත් එක් සිදුවීමක් ගෙන එය එල් නිනෝ නිසා සිදුවී යයි කිව නොහැක. එය හරියට ආසාත්මිකතා ඇතිවන වකවානුවලදී කිවිසුමක් ගිය විට එය අහවල් හේතුව නිසා ඇතිවූයේ යයි කීම බඳුය.
සමහරු කියනවා සුළිසුළං සහිත චණ්ඩ මාරුතයක් වන ටෝනාඩෝ ඇතිවීමටත් එල් නිනෝ බලපානවා කියලා. එක ඇත්තක් ද?
මම නම් එකග වෙන්නේ නැහැ. ටෝනාඩෝ වායුගෝලීය තත්වයන් බොහොමයකට සංවේදියි
එතකොට ඉන්දුනීසියාවේ ඇතිවන ලැව් ගිනි?
ඔව්, ඉන්දුනීසියාවේ කුණාටු අඩු නිසා වැසි ලැබෙන්නේ ද අඩුවෙනි. වියළි කාලගුණ තත්ත්වයක් ලැව් ගිනිවලට රුකුලක් ලැබේ. තවත් කාරනාවක් තමයි, ඉඩම් සුද්ධකිරීම පිණිස ගිනි තැබීමෙන් බොහෝ විට මිනිසුන්ම ලැව් ගිනි මවන එක.
ලොව පුරා තවත් එවැනි කැපී පෙනෙන කාලගුණ රටා දැකිය හැකිද?
නැගෙනහිර අපි‍්‍රකාවට ඔක්තෝබරයේ සිට දෙසැම්බර දක්වා තද වැසි ලැබේ. එහෙත් දකුණු අපි‍්‍රකාවේ වැසි හිඟය මෙවන් අපූරු දේ අනන්තවත් සිදුවිය හැකියි.
Scientific American Ask the Experts හී පලවූ Is El Niño to Blame for So Much Weird Weather ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න