සාම්ප‍්‍රදායානුකූල ශුක‍්‍රාණු පරීක්ෂණයක් එතරම් කරුණු අනාවරණය නොකරයි. පුද්ගලයා කොපමණ ශුක‍්‍රාණු ප‍්‍රමාණයක් නිපදවන්නේද, ශුක‍්‍රාණු විකෘති වී ඇත්ද  එමෙන්ම ඒවා පිහිනනු ඇත්තේ කොයිබට ද  යන කාරණා ගැන පමණකි එවැනි පරීක්ෂණවලින් ඇගැයීමට ලක් කළ හැක්කේ. කෙසේ වෙතත්, ශුක‍්‍රාණු හරහා තවත් දත්තයන් උකහා ගත හැකිය යන මතය ඔස්සේ යමින් නව ව්‍යාපාර ගණනාවක්ම ඉදිරි පරම්පරාවේ පරීක්ෂන පිළිබඳව අත්හදා බැලීම් සිදුකරමින් සිටියි. ඒවායේ ඉලක්කය පිරිමින්ට සිය වඳභාවය (infertility) හෝ මන්ධ්‍යතාව ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට මඟ සැලසීමයි. සමහර පිරිමින්ට සාමාන්‍ය ශුක‍්‍රාණු  ගණනයක් (sperm count) තිබියදීත් දරු පිළිසිඳ ගැනීමක් ඇති කර ගැනීමට නොහැකි වන්නේ මන්දැයි පැහැදිලි කර ගැනීමට මෙය ඉවහල් වෙනු ඇත.

මෙවැනි එක් නව පරීක්ෂණයක් පිළිබඳ තොරතුරු ඊයේ (ඔක්තෝබර් 24 දා) සෝල්ට් ලේක් නගරයේ ආරම්භවූ ප‍්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇමරිකානු සංගමයේ වාර්ෂික රැස්වීමේදී මන්ධ්‍යතා වෛද්‍යවරුන් දහස් ගණනක් හමුවේ අනාවරණය කෙරෙනු ඇත. ඒපිසෝනා (Episona) නම් නව සමාගමක් මගින් වැඩිදියුණු කරනු ලැබ ඇති මේ පරික්ෂණය නම් කර ඇත්තේ Seeds යනුවෙනි. පරීක්ෂාවට වැයවන මුදල ඇමරිකානු ඩොලර් 895කි. රසායනික සංයෝග අධික එකතුවක් වන ජෙනෝමය මතුපිට ප‍්‍රදේශ 480,000ක් මෙමගින් විශ්ලේෂණය කෙරේ. එක් එක් පුද්ගලයා ගතහොත් මේ එකතුව එකිනෙකට වෙනස්ය. එකතුව අපේ DNAවලට ඇලී සිටින අතර කුමන ජාන පණ ගන්වනවාද නැද්ද යන්න තීරණය කරයි.

7877592

මෙම ව්‍යාපාරයේ ආරම්භකයා ඇලන් හෝර්සගර්ය. පරීක්සණය වැඩි දියුණු කිරීම පිණිස ඔහු ප‍්‍රවේණි විද්‍යාඥයන්, ශුක‍්‍රාණු විශේෂඥයන් හා පරිගණක විද්‍යාඥයන් හා එක්ව ක්‍රියා කළේය. ‘වද බව හා අරගලයක යෙදෙන පිරිමින්ට මෙවැනි තොරතුරු ලබා ගැනීම සඳහා විශාල ඉල්ලූමක් තියෙනවා.’ යයි හෙතෙම පවසයි.

‘ප‍්‍රජනනය කියන්න් අප කාටත් කළ හැකි දෙයක් වශයෙනුයි සලකන්නේ. ඒත් ඒ දේ සිද්ධ නොවෙනවා නම් අපට ඒ ගැන පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට අවශ්‍ය වෙනවා’යයි වෛද්‍ය රිචඞ් ස්කොට් පෙන්වා දෙයි. සමාගමේ විද්‍යා උපදේශක මඩුල්ලේද සේවය කරන ස්කොට් නිව් ජර්සි හි මන්ධ්‍යතා විශේෂඥයකි. නව පරික්ෂාවේ තාක්ෂණ අංශයෙහි වලංගු බව තහවුරු කිරීමේ පරීක්ෂණයක් පැවැත්වීම ඔහුද සහාය වී ඇත. ‘ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ ඔය වගේ පැහැදිලි කිරීම් හැම විටම පිළියමකට මඟ පෙන්වන්නේ නැහැ’.ස්කොට් කියයි.

අන්වීක්ෂයකින් බැලූ කල ශුක‍්‍රාණු සාමාන්‍ය බව පෙනී ගියත් තමන් වඳ බවට පත්ව ඇත්තේ මන්දැයි යන්න පිරිමින්ට පැහැදිලි කර දීමේ දී,  දැනටමත් බොහෝ පාර්ශ්වම මගින් ද වැඩිදියුණු කරමින් සිටින අනෙකුත් පරීක්ෂාවන්වල  මෙන්ම සීඞ් පරීක්ෂණයෙහි ප‍්‍රතිඵල සහායක් වනු ඇත. ඔවුන්ගේ බහීර්ජානමය (ජානමය නොවන) පැතිකඩ වර්ධනය කිරීමේඅරමුණින් මෙම පිරිමින් අතුරින් සමහරුනට බර අඩුකර ගැනීමට, දුම් පානයෙන් වැළකී සිටීමට ආදීවශයෙන් වෛද්‍යවරු උපදෙස් දුන්නේ වී නමුදු තවමත් ඊට ප‍්‍රතිකර්මයක් නොමැත. එසේ වුවද තමන්ගේ වඳ බව වෙනස් කළ නොහැකි බව මෙලෙස තහවුරු වූ විට, නාලස්ථ සංසේචනය චක‍්‍ර (cycles of vitro fertilization) වෙනුවෙන්  ඩොලර් දස දහස් ගනනක් වැය නොකර ශුක‍්‍රාණු ප‍්‍රදානය කරන්නන් ගේ සේවය ලබා ගැනීමට හෝ දරුවකු හදාවඩා ගැනීමට හෝ තීරණයකට යොමු විය හැකිවේ.

ඇමරිකාවේ රෝග පාලන හා නිවාරණ කේන්ද්‍ර(Centers for Disease Control and Prevention) දක්වන පරිදි එරට මිලියන 5කට ආසන්න පිරිමි පිරිසක් මන්ධ්‍යතාව පිළිබඳ ගැටලූවලට මුහුණ පා සිටිති. දරුවෙකු ලබා ගැනීම අසාර්ථකවී ඇති ජෝඩු අතරින් 30%කට වගකිව යුත්තේ පුරුෂයාගේ සාධක යයි. එපමණ නො, මන්ධ්‍යතාව හා සම්බන්ධ සියලූ ප‍්‍රශ්නවලින් අඩකටමත් පමණ යම් දායකත්වයක් සපයයි. පුරුෂයන්ගෙන් 30%කට පමණ පැහැදිලි කළ නොහැකි හෙවත් අහේතුක (“idiopathic” infertility) මන්ධ්‍යතාව ඇත. සාම්ප‍්‍රදානුකූල ශුක‍්‍රාණු පරීක්ෂාවන් මෑතක දැඩි විවේචනයට බඳුන් වූයේ ඒවා පුද්ගල නිශි‍්‍රත (subjective) නිසාවෙන් දිනෙන් දින වෙනස් වීමට ඉඩ ඇති හෙයිනි.

Can Sperm DNA Methylation Predict Brain Disorders

මන්ධ්‍යතා සාමාන්‍ය පරීක්සණවලදී සෑම විටම සොයා බලන්නේ පුරුෂයෙකුට කොපමණ ශුක‍්‍රාණු සංඛ්‍යාවක් ඇත් ද  ඒවාට කොපමණ හොදින් පිහිනීමට හැකිද යන්න පමණකි. ‘අවාසනාවකට මෙය සංකීර්ණ ප‍්‍රශ්නයක් සම්බන්ධ සරල විග‍්‍රහයක් පමණයි. පහළ ශුක‍්‍රාණු ගණනයක් හෝ විකෘති ශුක‍්‍රාණු සහිත පුරුෂයන්ටද පිළිසිඳ ගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. ඒ වගේම  පරීක්ෂණවලදී ශුක‍්‍රාණු සාමාන්‍ය බව තහවුරු කෙරෙන ඇතැම් පුරුෂයන්ට පිළිසිඳීමට නොහැකි වෙන්නත් පුළුවන්. ඒ නිසා අපට මේ කි‍්‍රයාදාමය පිළිබඳව තවදුරටත් කරුණු කාරනා දැනගැනීමට අවශ්‍යය’ යනුවෙන් ස්කොට් කරුණු පැහැදිලි කරයි.

මේ අඩුව පිරවීම වස් සමාගම ගණනාවක්ම නව පරීක්ෂණ ක‍්‍රම හඳුන්වාදීමට පෙරමුණ ගෙන ඇත. සීඞ් එහි එක් ප‍්‍රයත්නයක් පමණයි. වඳ බව හෝ එසේ නොමැති බව වඩා හොඳින් තහවුරු කිරීමටත්, එමගින් දරුවන් පිළිබඳ වඩා ‘ප‍්‍රබුද්ධ’ තීරණ ගැනීමටත් නව පරීක්ෂණ මග පාදනු ඇතැයි විශ්වාස කෙරේ.

Scientific American හී පලවූ New Sperm Tests May Offer Better Understanding of Male Infertility  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending