නැනෝ තාක්ෂණ නව භාවිතය අවශ්‍යයෙන්ම දහනය ආපසු හරවයි.
කාබන් විමෝචන දිගටම ඉහළ යද්දී, එම විමෝචන මුදාහැරීම වැළැක්වීමට හෝ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් ඉවත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම එන්ට එන්ටම වැඩිවේ. පෘථිවි වායුගෝලයේ කාබන් මට්ටම් මෙතෙක් බියෙන් සිටි පෙරලූම් ලක්ෂ්‍යය කරා අවසානයේ පැමිණ ඇති බව විද්‍යාඥයන් ප‍්‍රකාශයට පත් කළේ මෙම ගිම්හානයේදීය. මෙම ලක්ෂ්‍යය පසු කළ විට කාබන් විමෝචනය අඩු කළ ද වායුගෝලීය උණුසුම්වීම අඛණ්ඩව සිදුවේ.
එහෙත් අතිරික්ත කාබන් ඩයොක්සයිඞ් ඉන්ධන බවට පරිවර්තනය කිරීමේ මගක් තිබේ නම්?
මෑතක, ටෙනසි හී ඕක් රිජ් ජාතික පරීක්ෂණාගාරයේ පරීක්ෂක කණ්ඩායමක් නව නැනෝ තාක්ෂණ ක‍්‍රමයක් පරීක්ෂාවට ලක් කලහ. වායුගෝලයේ කාබන් ඔයොක්සයිඞ් පරිවර්තනය කිරීමේ නව මාර්ගවලට මෙම තාක්ෂණය උපකාරී වෙතැයි ඔවුහු බලාපොරොත්තුවෙති. තඹ නැනෝ අංශු (nanoparticles) කාවැද්දු හෙවත් අන්තරීකෘත නැනෝ ප‍්‍රමාණයේ නයිට‍්‍රජන් හා කාබන් ශුකී (උල්) පරීක්ෂයන් විසින් නිර්මාණය කරන ලදී. මද විදුලි වෝල්ටීතාවක් ඒවායේ පද්ධතියට යෙදීමෙන් ජලයෙහි දිය කළ කාබන් ඩයොක්සයිඞ් එතනෝල් බවට පරිවර්තනය විය.
“මේ ද්‍රව්‍ය සාර්ථකව කි‍්‍රයාකරන බව අප සොයා ගත්තේ තරමක අහඹු ආකාරයකටයි”, අධ්‍යයන ප‍්‍රධානී, පර්යේෂක ඇඩම් රොන්ඩිනොන් පවසයි. “අප ඇත්තටම උත්සාහ කළේ යෝජිත ප‍්‍රතිචාරයක මුල් අදියර පරීක්ෂා කරන්නයි. එතකොට තමයි අපට තේරුම් ගියේ සම්පූර්ණ ප‍්‍රතිචාරයම ස්වයංකී‍්‍රයව උත්පේ‍්‍රරකය මගින් සිදු කෙරෙන බව”.

යමහල් වායු මගින් නිපදවන, බීවොත් අන්ධභාවයට පත්විය හැකි විෂ මධ්‍යාසාරයක් වන මෙතනොල් වෙනුවට නැනෝද්‍රව්‍ය මගින් කාබන්ඩයොක්සයිඞ් එතනොල් බවට පරිවර්තනය කෙරෙන ප‍්‍රතිචාරයකට මුල පුරන බව විද්‍යාඥ පිරිසට පෙනී ගියේය. එතනෝල් ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ විභවයකින් යුක්තයි. සංයෝගය හරහා මද විදුලි ධාරාවක් යැවීමෙන් දහන කි‍්‍රයාදාමය යළි හැරවෙන බව පර්යේෂක පිරිසගේ අදහසයි. “එක් තනි උත්පේ‍්‍රරකයක් මගින් කාබන් ඩයොක්සයිඞ්වල සිට එතනෝල් කරා යෑම අතිශය දුෂ්කරයි” යයි රොන්ඩිනොන් පවසයි.
මෙම අධ්‍යයනයේදී යොදා ගැණුනු තාක්ෂණය සිත් අළවන රසායන කි‍්‍රයාදාමයකට මග පෑදුවා පමණක් නොව එය පහසුවෙන් පරිමාණය ඉහළ දැමීමේ විභවයකින් ද යුක්තයි. පර්යේෂකයන් නැනෝ ද්‍රව්‍ය සාමාන්‍ය මූලද්‍රව්‍යයකින් නිපද වූ අතර ප‍්‍රතිචාරය කාමර උෂ්ණත්වයේදී සිදු විය. මේ සියල්ල ගත් කල පෙනී යන්නේ මෙය කාර්මික මට්ටම දක්වා පරිණාමය ඉහළ නැංවීමේ ඉඩ කඩ ඇති බවයි. මේ කි‍්‍රයාදාමයට වායුගෝලීය කාබන් වැඩි ප‍්‍රමාණයක් ඉවත් කිරීම පිණිස විශාල ශක්ති ප‍්‍රමාණයක් වැයවන බව රොන්ඩිනොන් පෙන්වා දෙයි. එසේ වූවද, එතනෝල් ස්වරූපයන් අතිරේක ශක්තිය ගබඩා කිරිමෙන් සූර්ය පැනල, සුළං ටර්බයින් වැනි විකල්ප ශක්ති ප‍්‍රභව අනුපූරණය කළ හැකිය. එවිට වලාකුළින් බර දිනවල හෝ සුළං අඩු දිනවල විකල්ප විදුලි බලයට පිටුවහලක් ලෙස එතනොල් ඉන්ධනය යොදා ගත හැකිය.
අධික කාබන් විමෝචන සම්බන්ධයෙන් කි‍්‍රයා කරන සෙසු බොහෝ මාර්ග මෙන්ම මෙම තාක්ෂණයද විදුලි බලාගාර ආදියෙහි යෙදවීමට කලින් තව කළ යුතු දෑ බොහෝය. එසේ වුවද විකල්ප බලශක්ති ප‍්‍රභවයක් කාර්මික පරිමාණයකින් වඩාත් ඵලදායී කිරීම සඳහා විභවයක් මෙම නව තාක්ෂණය සතුව ඇත.
Smithsonian SMARTNEWS හී Scientists Stumble on a New Way to Tackle Carbon Emissions: Turn It Into Alcohol යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න