මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන ලිපි පෙළක් තතු මගින්

අප මුලික වශයෙන් තරංග ගැන සිතන්නේ ජල කඳක ඇතිවන තරංගන ලෙසයි. ශබ්දයේ සිට ආලෝකය දක්වා ආලෝකයේ සිට X-කිරණ දක්වා බොහොමයක් භෞතික සංසිද්ධි ඇත්තටම සමන්විත වන්නේ තරංග වලිනි. තරංගයක් යනු මාධ්‍යයක් හෝ අවකාශයක් හරහා ප්‍රාවරණය කෙරන ඕනෑම ආවර්තිය(ක්‍රමානුකුලව යළි යළිත් සිදුවන) විපර්යාසයක් හෝ දෝලනයකි. බොහොමයක්ම තරංග එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ශක්තිය ගෙන යයි(ප්‍රවාහනය) කරයි. නිදසුනක් ගනිමු.ශබ්ද තරංග යාන්ත්‍රික ශක්තිය තැනකින් තැනකට ගෙන යන අතර ආලෝක තරංග විද්‍යුත්චුම්භක ශක්තිය ගෙන යයි.
හරස්ව වැටුණු හෙවත් තීර්යක්(transverse) තරංග වලදී දෝලනය සිදුවන්නේ ගමන් කරන දිසාවට ලම්බකවය(at right angles). එහෙත් අන්වායාම තරංග ගමන් කරන දිසාවට සමාන්තරය.
සියලුම තරංග වලට පොදු ගුණාංග තුනක් තිබෙනවා: විස්ථාරය(Amplitude),තරංග ආයාමය(Wave Length) සහ සංඛ්‍යාතය(Frequency) යනුවෙනි. තරංග පාරාවර්ථනය() විය හැකිය(එ නම් වෙනත් මාධ්‍යකින් පොළා පැනීම). එලෙසම තරංග විවර්තනය විය හැකිය(හිඩැසක් හරහා යාමෙන් පසුව පැතිරීම). ඒවා එකිනෙක හා නිරෝධනය() වීමට ද පුළුවන. තරංගයේ වර්ගය කුමක් වුවත් ගණිතමය සුත්‍ර ආශ්‍රයෙන් මෙකී ගුණාංග සියල්ල විස්තර කළ හැකිය.

- තරංග ආයාමය:අනුයාත තරංග ශිර්ෂ(peaks) හෝ නිම්න (troughs) අතර දුර
- විස්ථාරය: තරංගයේ උස හෙවත් කැලඹිමෙහි විශාලත්වය
- සංඛ්‍යාතය: තත්පරයක් තුළ ස්ථාවර ලක්ෂ්‍යක් පසු කරණ ශිර්ෂ හෝ නිම්න සංඛ්‍යාව

Big ideas in brief(Quercus, 2013) නම් ග්‍රන්ථයේ Wave Theory කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න