අභ්‍යාවකාශ වස්තු අතර දුර මනින ඒකක පිලිබඳ පැහැදිලි කිරීමක්

අභ්‍යාවකාශයේ පෘථිවි ග‍්‍රහයාට ආසන්නම ආකාශ වස්තුව වන චන්ද්‍රයාට ඇති දුර කිලෝමීටර(කම්) 384,000කි. අපට ආසන්නයේම ඇති තාරකාව වන ඇල්පා සෙන්ටෝරි යුගල තාරකාවට(binary star) ඇති දුර කිලෝමීටර 41,500,000,000,000 කි. අප කාටත් පාහේ චන්ද්‍රයාට ඇති දුර සිතට නගා ගැනීමේ දී එතරම් අපහසුවක් ඇති නොවේ. ඒත් ළඟම ඇති තරුවට ඇති දුර? කිලෝමිටරවලින් සටහන් කර තිබුණ ද බින්දු බොහොමයක් ඇති එම සංඛ්‍යාව අපේ මනස අවුල් කරයි. අපට විශාල දුර ප‍්‍රමාණයන් දැක්වීමට පැහැදිලිවම වඩාත් ලූහු වඩාත් නිර්මාණශීලී ක‍්‍රමයක් තිබිය යුතුය. ඇල්පා සෙන්ටෝරි වෙත ඇති දුර විද්‍යා අංකනය අනුව කිලෝමිටර 4.15.1013 ලෙස දැක්වීමට පුළුවන. එය සමහරවිට විද්‍යාඥයන්ගේ ගණන් බැලීමට පහසුවක් විය හැකි වුවත් සාමාන්‍ය ජනතාවට හරි අවබෝධයක් ලබා ගැනීම තවමත් පහසු නැත. තාරකා විද්‍යාඥයන් කොස්මික් දුරවල් විස්තර කිරීම සඳහා විශේෂ ඒකක යොදා ගන්නේ එම නිසාවෙනි.
අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ දුර සටහන් කිරීම සඳහා යොදා ගත හැකි පහසුම ඒකකය නක්ෂත‍්‍ර ඒකකයයි(astronomical unit (AU)) නක්ෂත‍්‍ර ඒකකය ලෙස දැක්වෙන්නේ පෘථිවිය සහ සූර්යයා අතර සාමාන්‍යය හෙවත් මධ්‍යක දුරයි. එනම් කිලෝමීටර මිලියන 150කි. අපේ සෞර ග‍්‍රහමණ්ඩලය තුළ දුර මැනීමේදී මේ ඒකකය මනාව කි‍්‍රයාත්මකයි. නිදසුනක් ගෙන බැලූවොත් සූර්යයාගේ සිට ඈතින්ම ඇති නෙප්චූන් ග‍්‍රහයාගේ කක්ෂීය විෂ්කම්භය නක්ෂත‍්‍ර ඒකක 30 කි. විශාල කක්ෂ සහිත ධූමකේතු (comets) උපරිම වශයෙන් සූර්යගේ සිට නක්ෂත‍්‍ර ඒකක 100,000 දුරක් ගමන් කරයි.
සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත අභ්‍යවාකයේ ගැලැක්සි (මන්දාකිණි) සම්බන්ධයෙන් නම් නක්ෂත‍්‍ර ඒකකය වෙනුවට වෙනත් ඒකකයන් යොදා ගැනීමට සිදුවන්නේ ඒවාට ඇති අති විශාල දුර සළකන විටය. ඒ සඳහා යොදා ගන්නා එක් ඒකකයක් වන්නේ පාර්සික, සහ එහි ගුණිතයන්ය. එනම් කිලෝ පාර්සික, මෙගා පාර්සික වශයෙනි. Parsec යන වචනය සෑදී ඇත්තේ parallax (=අසම්පාතය. වෙනස් ස්ථාන දෙකක සිට වස්තුවක් දෙස බැලීම නිසා එහි දිසාවේ ඇති වෙනස) සහ arcsecond (චාප තත්පරය) යන වචන දෙක එකතු කර කෙටි කිරීමෙනි. පෘථිවි කක්ෂයේ අරයට (radius) සමාන පාදක දුරක් යොදා ගනිමින් චාප තත්පර 1ක අසම්පාත කෝණයක් ඊට තිබුණේ නම් වස්තුවක් පිහිටි තැන සොයා ගත හැකි දුර පාර්සිකයයි.

ඒකකයක් හැටියට පාසිකය යොදා ගැනීමේ වාසිය වන්නේ එය අසම්පාතය මගින් දුර මැනීමේ ක‍්‍රමයට නෛසර්ගිකව සම්බන්ධ වී තිබීමයි. තරුවක අසම්පාතය චාප තත්පර 1යි නම් එහි දුර පාර්සික එකකි.(පාසික 1 = කී.මී. 3.1.1013) අසම්පාතය 10 ගුණයකින් කුඩා වන්නේ නම්(නැතහොත් චාප තත්පර 0.1 වන්නේ නම්) දුර දශ ගුණයකින් තවත් වැඩිවෙයි. නැතහොත් පාර්සික 10 කි. අපේ ක්ෂීරපථය මන්දාකිනිය ඇතුළත ඉතා විශාල දුර මැනීමේ දී අප යොදා ගන්නේ පාර්සික දහසක් හෙවත් කිලෝ පාර්සිකය(kiloparsecs = kpc). එමෙන්ම අනෙකුත් මන්දාකිණි දක්වා වූ දුර මැනීමට පාර්සික මිලියන හෙවත් මෙගා පාර්සික (megaparsecs = Mpc)) යොදා ගැනේ. නිදසුනකින් දක්වහොත්, ක්ෂීරපථය මන්දාකිණියේ මධ්‍යයේ සිට අපේ සූර්යයා දක්වා දුර කිලෝ පාර්සික 8 කි. අපට නුදුරුතම මන්දාකිනි පොකුර වන කන්‍යා මන්දාකිණි පොකුර(Virgo cluster) දක්වා දුර ගතහොත් එය මෙගා පාර්සික 15 සිට 20 දක්වා දුරක් ගනී.
අභ්‍යවකාශ දුර මැනීම තවත් ක‍්‍රමයක්
අභ්‍යවකාශ දුර මැනීම තවත් ක‍්‍රමයක් මෙන්ම අප බොහෝ දෙනාට අසා පුරුදු ඒකකයක් වන්නේ ආලෝක වර්ෂය(light-year = LY). පාර්සිකයට ආලෝක වර්ෂ 3.26 කි. අලෝක වර්ෂ කියද්දී අපට කාලය පිළිබඳ අදහසක් ආවත්, ඉන් මනිනු ලබන්නේ දුරයි. එනම්, වර්ෂයක් තුළ ආලෝකය ගමන් කරන දුර(distance traveled by light in one year) ඉන් දැක්වේ. කෙසේ වෙතත්, ආලෝක වර්ෂ ඒකකය යොදා ගැනීමේ වාසියක් වනුයේ දුර වස්තුවේ වයස පිළිබඳ තොරතුරු ද ඊට අනුබද්ධිතව ඇති හෙයිනි. නිදසුනක් ලෙස දක්වතොත් කිසියම් මන්දාකිණියක් ආලෝක වර්ෂ බිලියනයක් දුරින් පිහිටා ඇත්නම්, අප එය දකින්නේ මෙයට වසර බිලියනයකට පෙර එම මන්දාකිණිය තිබූ ආකාරයටයි. දෘශ්‍ය මාන විශ්වයෙහි සීමාව ආලෝක වර්ෂ බිලියන 13.7කි. ඉතින් අප මේ සීමාවේ යම් වස්තුවක් දකින්නේ මෙයට වසර බිලියන 13.7කට තිබූ අන්දමටය. ඒ කියන්නේ විශ්වය ආරම්භක අවස්ථාවේදීම වාගේය.
A Question and Answer Guide to Astronomy (CAMBRIDGE UNIVERSITY PRESS, 2010) නම් ග්‍රන්ථයේ Parsecs? Light-years? Why not miles or kilometers? යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න