ගෝලීය උණුසුම් වීම සිමා කිරීම සඳහාවූ පැරිස් ගිවිසුම පසු ගිය සිකුරාදා(නොවැම්බර් 4 දා) සිට බලාත්මකයි. එහි ප්‍රකාශිත එල්ලය වනුයේ ලෝකය කාර්මික විප්ලවයට පෙර තිබූ මට්ටමට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 කට(ෆැරන්හයිට් 3.60) වැඩියෙන් යාමට නොදී තබාගැනීමයි.
මෙහිදී හුදු එක් ප්‍රශ්නයක් මතුවෙයි: එම ඉලක්කය සපුරා ගනු වස් රටවල් හරිතාගාර වායු විමෝචන අඩුකිරීමට ප්‍රතිඥා දී ඇති ප්‍රමාණය හිතන තරම් ප්‍රමාණවත් නොවීමයි. මේ බව සඳහන් වන්නේ පසුගිය බ්‍රහස්පතින්දා(එනම් නොවැම්බර් 3 දා) පළවු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විමෝචන පරතර වාර්තාවෙහිය.

වර්තමානයේ සිට 2030 අතරතුර යෝජිතව ඇති කාබන් දුෂණ කප්පාදු අනුව ලෝකය උණුසුම්වීම සෙන්ටිග්‍රේඩ් අංශක 3.4 දක්වා ගමන් පතයකට යොමු කරයි. සෙන්ටිග්‍රේඩ් අංශක 2 හි ප්‍රවේශ ලක්ෂ්‍ය ආසන්නයේ තබා ගැනීමට නම් කාබන් දුෂණයේ අතිරේක සියයට 25 කපා හැරීමේ මගක් ලෝකයට සොයාගත යුතු වෙයි.
පසුගිය වසරේදී කාබන් ඩයොක්සයිඩ් ගිගාටොන් 39ක් පමණ ගෝලීය වශයෙන් විමෝචනය කෙරින. පැරිස් එකගතාවය අනුව විමෝචන, විශේෂයෙන්ම සංවර්ධිත රටවල විමෝචන සිමා කෙරෙන නමුත් සංවර්ධිත රටවල් ගණනාවක්ම සිය විමෝචන ඉදිරි දශකය තුළ ඉහල යනු දැකීමට කැමැත්තෙන් සිටියි. නිදසුනක් ගතහොත් චීනය සිය විමෝචන 2030 දී ඉහලටම නගිනු ඇතැයි අපේක්ෂිතයි. එහි තේරුම, පැරිස් ගිවිසුමේ සියලුම ප්‍රතිඥා සුරැකිය ද ලෝකයේ සමුච්චිත විමෝචන 2030 වනවිට ගිගාටොන් 52 විය හැකි බවයි.
මෙම අනාවරණයන්ට පාදක වී ඇත්තේ කාබන් අය වැය(carbon budget) යන සංකල්පයයි. මුලික වශයෙන් ගතහොත් සෙන්ටිග්‍රේඩ් අංශක 2 හි ප්‍රවේශ ලක්ෂ්‍යයට පහලින් තබාගනිමින් ලෝකය විමෝචනය කළ හැකි කාබන් දුෂණය කොපමණද යන්නයි. ලෝකය දැනටමත් කාබන් අයවැයෙහි සෙන්ටිග්‍රේඩ් අංශක 2 සිමාවේ අතරමැද පසුකරමින් සිටියි. වර්තමාන ප්‍රවණතා ගතහොත් අප මේ සීමාව පහසුවෙන්ම පසු කරනු ඇත. මේ වසරේ මාස කිහිපයක් ඇතුලත අප දැනටමත් සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ක ප්‍රවේශ ලක්ෂ්‍යයට ආසන්න වී ඇත. (ඒවා ලෝකයේ උෂ්ණාධිකම මාසයි)
තවත් දැඩි කප්පාදු සිදු නොකොට, සෙන්ටිග්‍රේඩ් අංශක 2 සාධ්‍ය කරගත හැකි ගමන් පථයක ලෝකය තබා ගැනීමට නම් 2030 වනවිට චආබන් දුෂණය තවත් අතිරේක ගිගා ටොන් 12-14 ඉවත් කර ගන්නා මං සොයා ගත යුතු වෙයි.

පැරිස් ගිවිසුම බලාගැනීම ආසන්නයේ එමෙන්ම මේ සතියේ මොරොක්කෝවේ දේශගුණ සාකච්ඡා ආරම්භයේ මේ වාර්තාව නිකුත් වීම, තවත් කලයුතු දේ ඇති බව ප්‍රතිපත්ති සම්පාදකයින්ට කෙරෙන වැදගත් සිහි ගැන්වීමක් ලෙස දැක්විය හැකිය. දේශගුණ විපර්යාස ගැලවීගත නොහෙන යතාර්තයකි. ඉහල යන මුහුදු මට්ටමට යටවී සමස්ත ජාතින්ම ය හැකිය. ඝට්ටන, ලෙඩරෝග සහ ආහාර අනාරක්ෂිතභාවය වඩාත් ප්‍රචලිත විය හැකිය. අපට උරදෙන ඇතැම් පරිසර පද්ධති කදාවටිය හැකිය.
වර්තමාන ගමන් පථයෙහි මේ අසුබ පුවත් අස්සේම විමෝචන පරතරය පියවා, සෙන්ටිග්‍රේඩ් අංශක 2 ඉලක්කය සාධ්‍ය කරගනිමින් ඉදිරියට යා හැකි මගක් ඇති බව ද වාර්තාව පෙන්වා දෙයි. මහනගර, පෞද්ගලික සමායතන සහ ප්‍රාදේශීය ආණ්ඩු වලට මෙහිදී වැදගත් කාර්ය භාරයක් ඉටු කළ හැකිවේ. බලශක්ති කාර්යක්ෂමතාව මගින් ද කාබන් අයවැය අයිරාවෙන් තවත් සුළු ගිගා ටොන් ප්‍රමාණයක් අඩු කරගැනීමට පුළුවන.
අවසානයේ මෙම වාර්තාව පෙන්වාදෙන්නේ ගෝලීය උණුසුම් වීම පාලනය කර තබා ගැනීම තනිකරම විශාල හෝ කුඩා රජයන්ගේ වගකීමක් නොව මේ මිහිතලය මත වසන සාකල සියලු දෙනාගේම වගකීම බවයි.
CLIMATE CENTRAL වෙබ් අඩවියේ The World Isn’t Doing Enough to Slow Climate Change ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න