මානවයන්ගේ ලිංගිකත්වය තීරණය වන්නේ Xහෝ Y ලිංගික වර්ණදේහ හෙවත් ක්‍රෝමසෝම ඇති නැති බව අනුවයි. කෙසේ වෙතත්, පරිණාමය හේතුවෙන් ලිංග නිර්ණය කිරීමේ ඉතා සුවිශේෂ ක‍්‍රමයක් මීමැස්සන් තුළ පරිණාමය වී ඇත.
මී මැස්සන්ගේ ලිංග නිර්ණය සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ ඩිම්බය සංසේචනය වීද සංසේචනය නොවීද යන්න මතයි. මෙම ප‍්‍රකාරය මුලින්ම සොයා ගනු ලැබුවේ ජොහෑන් ඩිසියර්සොන්(Johann Dzierzon) නම් කතෝලික පූජකවරයෙකු විසිනි. ඒ 1845 දී ය. මීමැසි රැජනක් ලිංගික සම්භෝගයේ යෙදෙන්නේ වදයෙන් පිටත නිදහසේ පියසර කරමින් සිටින විටය. එසේ සම්භෝග පියැඹීමක නොයෙදුණු මීමැසි රැජනක් නිපදවන්නේ පුරුෂ ජනිතයන් පමණක් බව ඩිසියර්සොන් වාර්තා කළේය. ඔහුගේ වාර්තාව නිකුත් වුණේ ලිංග වර්ණදේහ සොයා ගැනීමට වසර 50කට පෙරයි. ලිංග නිර්ණ පද්ධතිය පිළිබඳව දැඩිව විස්තර කෙරුණු ප‍්‍රථම වාර්තාවයි.

මේ අතින් මීමැස්සන් සුවිශේෂී නොවන බව අප දැන් දන්නා අතර සත්ව විශේෂ අතරින් 20%ක් පමණ ඒක ද්විගුණතා(haplodiploid) ප‍්‍රජනන ප‍්‍රකාරයන් යොදා ගනී. ඒක ද්විගුණතා ක‍්‍රමවලදී පිරිමි ජනිතයන් සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ අසංසේචිත ඩිම්බයන්ගෙනි. ඒවා ඒකගුණ(haploid) වන අතර ඇත්තේ එක් වර්ණදේහ කට්ටලයක් පමණකි. සංසේචිත මීමැසි ඩිම්බ ද්විගුණ (diploid) වන අතර වර්ණදේහ කට්ටල දෙකක් ඇත. ඒවා රැජනන් හා සේවක මැස්සන් ලෙස වෙනස්ව වර්ධනය වේ.

අනුපූරක ලිංග නිර්ණය කිරීම මීමැස්සන්ට ලිංග ක්‍රෝමයෝම නොමැතිය යන නිරීක්ෂණයෙන් පසුව ගත වූ වසර වල දී මීමැස්සන් ගැන කෙරෙන අධ්‍යයනවලදී ද්වි ගුණික පිරිමි ජනිතයන් සොයා ගැනීමට හැකිවීම පර්යේෂකයන්ට පුදුමය ගෙන දෙන්නක් විය. මෙලෙස පිරිමි ද්විගුණිකයන් සිටීම පෙන්නුම් කළේ සංසේචන කි‍්‍රයාදාමයන්වත්, එමෙන්ම ඩිම්බයෙහි ඒක ගුණ හෝ ද්විගුණ තත්ත්වයන්වත් මීමැස්සන් තුළ ලිංග නිර්ණය සඳහා මූලික සංඥාව නො සපයන බවයි. ද්විගුණ පිරිමි ජනිතයන් ඇතිවීම සහාභිජනනය (inbreeding) හා සම්බන්ධ කෙරුණු නිසාවෙන් අනුපූරක ලිංග නිරීක්ෂණයක් යනුවෙන් උපන්‍යාසයක් පර්යේෂකයෝ ඉදිරිපත් කළහ. ඒකල (තනි) ලිංග නිර්ණය කිරීමේ පථයක් හෙවත් single sex determination locus (SDL) ලිංගික ඉරණම තීන්දු කරන්නේය යන්න මින් දැක්වේ. මෙම උපන්‍යාසයට අනුව, ලිංග නිර්ණායක පථයකදී සමයෝගී (homozygous) වන සංසේචිත ඩිම්බ ද්විගුණ පිරිමි ජනිතයන් බවට විභේදනය වන අතර ලිංග නිර්ණායක පථයකදී විෂමයෝගී (heterozygous) වන ඩිම්බ ස්තී‍්‍ර ජනිතයන් ලෙස වර්ධනය වේ. මීමැසි රැජනගේ අසංසේචිත, ඒක ගුණ ඩිම්බ මගින් ජනනය වන්නේ සරු පුරුෂයන්ය. ඔවුන් අවශ්‍යයෙන්ම ඒකල ලිංග නිර්ණායක පථයේදී අර්ධයෝගීය
(hemizygous). ඒකල ලිංග නිර්ණායක පථයේ දී සමයෝගී(Homozygosity ) බව පුරුෂ ජනිතයන්ට මරණීයයි. ද්විගුණ පුරුෂ ජනිතයන් බිත්තරයෙන් එළියට ආ සැනෙන් සේවක මීමැස්සන් විසින් කා දමනු ලැබේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ මීමැසි ගණාවසයක ප්‍රරූපී රැකුම් රටාවක්(brood pattern) අතිවීමයි. මීමැසි පාලනයෙහි යෙදෙන්නන් මෙය හඳුන්වන්නේ ප්‍රරෝහ රැකුමක් ලෙසටයි.
මී මැස්සන් අතරේ ලිංග නිර්ණායක පථයක් වෙන්කර ගැනීමට(හුදකලා කරගැනීමට) හැකිවීම අනුරූපක ලිංග නිර්ණායක ජානයක් හෙවත් complementary sex determiner (csd) gene හඳුනාගැනීමට මඟ පෑදීය. අනුරූපක ලිංග නිර්ණායක(csd) ජාන ඵලය ස්තී‍්‍ර ජනිතයන් වර්ධනය සඳහා අත්‍යවශ්‍යය. මන්ද, ස්තී‍්‍ර කලලයන් තුළ ජාන ඵලය අකි‍්‍රයවීම, පුරුෂ සංවර්ධනය සඳහා පූර්ණ අප ගමනයක් ඇති කරයි අනුරූපක ලිංග නිර්ණායකජාන ඵලයෙහි ඉලක්කය ස්තී‍්‍රකරන ජානය (feminizer (fem) gene) ලෙස මෑතක හඳුනාගනු ලැබ ඇත. ස්තී‍්‍ර අනුපත පුරුෂ හා ස්තී‍්‍රන් අතරේ පිරිද්දීම වෙනස් ආකාරවලට ඇති කෙරෙයි. විවිධ ලිංග නිර්ණය කිරීමේ අනුපූරක ප‍්‍රකාරය මීමැස්සන්, බමරුන්, කුහුඹුවන් ඇතුළු විවිධ හයිමෙනොප්ටෙරා(hymenopteran) විශේෂයන් අතරේ හටගනී. එහෙත් මේ විශේෂ සියල්ලම ලිංග නිර්ණය පිණිස අනුරූපක ලිංග නිර්ණායක ජාන ඵල මත රඳා නොපවතී. අනෙනකුත් මීමැසි හා බඹර විශේෂයන් ජාන සංසන්දයේදී පෙනී ගියේ පොදු පූර්වජ මූලකෘති පිටපතකින් මී මැසි පරම්පරාව ඇතුළත ජාන ද්විගුණයෙන් අනුරූපක ලිංග නිර්ණායක ජානය මෑතක මතු වූ බවයි.
ස්තී‍්‍රකරණ ජානය, කෘමීන් අතරේ ලිංග නිර්ණයක මං පෙත්වල සංරක්ෂිත සංරචකයක් ලෙස නොවෙනස්ව පවතී. මී මැස්සන්ගේ පරිණාමයේදී, ස්තී‍්‍රකරණ ජානය, අනුරූපක ලිංග නිර්ණායක කි‍්‍රයාකාරිත්වයේ ඉලක්කය බවට පත්ව ඇත. අනුරූපක ලිංග නිර්ණායක ජානය, එහි නූතන කාර්ය භාරය අත්පත් කර ගන්නට වඩාත් හැකියාව ඇත්තේ අනුවර්තී පරිණාමය මගිනි. කොපමණ නම් පහසුවෙන් දැනට පවතින ජාන සමාභාරයෙහි වෙනස්කම් සරල අන්ත‍්‍රක, මගින් ලිංග නිර්ණය කිරීමේ නව ක‍්‍රමයක් ඉස්මතු විය හැකිද යන්නට නිදසුනක් ලෙස ජානයේ පරිණාමය දැක්විය හැකියි. ලිංග නිර්ණායක පථයෙහි නිරීක්ෂණය කළ හැකි ඌණ විභාජන ප‍්‍රතිසංයෝජනයෙහි අඩුවීම මීමැස්සන්ගේ කාලයාගේ ඇවෑමෙන් අනුරූපක ලිංග නිර්ණායක ජානය ක‍්‍රමයෙන් පිරිහෙන බව පෙන්වන්නක් ලෙස ද සැලකිය හැකිය. මෙය, මී මැසි පරම්පරාවේ පරිණාමීය කාල පරාසය තුළ විකල්ප ලිංග නිර්ණායක සංඥා පරිණාමයට හා ධනාත්මක වරණයට යළිත් මග පාදනු ඇත.
Learn Science at Scitable වෙබ් අඩවියෙහි Sex Determination in Honeybees නම් ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න