charles_darwin_photograph_by_herbert_rose_barraud_1881ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාර්වින් සිය The Origin of Species (1859)  නම් සම්භාව්‍ය කෘතිය මගින් ඉදිරිපත් කළ ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය  පිලිබඳ සිද්ධාන්තය විද්‍යාවේ ඇති සිද්ධාන්ත අතුරෙන් සරලතම එමෙන්ම වඩාත් සුසැබි සිද්ධාන්තයකී. එම සිද්ධාන්තය අප අපගැනම හිතන ආකාරය පරිවර්තනයකට ලක් කළේය.

පරිණාමය  පිලිබඳ සිය සුප්‍රකට  සිද්ධාන්තය පළ කිරීමට මත්තෙන් ඩාවින් දශක ගණනාවක්ම සිය සිද්ධාන්තයට අදාළ සාක්ෂ්‍ය එක්කාසු කරමින්ද, සංවිධානය කරමින්ද කාලය ගත කළේය. පෘථිවිය එවකට සිතා සිටි අන්දමට වඩා අපේ මේ පෘථිවිය බෙහෙවින් වයස්ගත වුවක් බවත්, පුරාතන පාෂාණ තුළ වඳව ගිය සතුන් බොහොමයක ෆොසිල සංරක්ෂිතව ඇති බවත් භුවිද්‍යන්ග්යන් විසින් පෙන්වා දෙනු ලැබිණ. මෙසේ සුරැකී තිබූ ෆොසිල එකිනෙක හා සමාන එහෙත් තවමත් ජීවමාන වෙනස් සත්ව විශේෂ සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව ඩාවින් එක්තරා වැදගත් කාරණාවක් පැහැදිලි කර දුන්නේය. එනම් සමාන නුතන සත්ව විශේෂ කණ්ඩායම් එක් පොදු ආදිතමයෙකුගෙන් කුඩා ක්‍රමණයෙන් පරිණාමය වී ඇති බවයි. මේ සඳහා පාදක වූ යාන්ත්‍රණය ලෙස ඔහු විසින් හදුන්වනු ලැබූවේ ස්වභාවික වරණයයි.  ඉඳ හිට ඒකෛකයකු  තුළ ඊට  සිය පරිසරයට වඩා හොදින් ගැලපීමට හැකිවෙන පරිදි විකෘතීන් හට ගනී. එවැනි ඒකෛකයන් වඩා හොදින් අභිජනනය කිරීමටත් එමෙන්ම එම අනුවර්තනය පැවරීමටත්  වඩාත් ඉඩ ඇත. මානවයන් වන අපත් ඇතුළු නව විශේෂ හට ගන්නේ ඒ ආකාරයටය.

evo

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Evolution කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending