ඩෙංගු වෛරසයෙන් ආසාදිත වූ යමෙකුගේ රුධිරයෙන් පෝෂණය වීමෙන් පසුව එම මදුරුවා ඩෙංගු වාහකයෙකු බවට පත්වේ. මෙලෙස රුධිර ආහාර වේල ගත යුත්තේ පුද්ගලයා viremia යනුවෙන් නම් කෙරූණු අවධියකදීය. එනම් එම පුද්ගලයාගේ රුධිර ධාරාවේ වෛරසය වර්ධනයඅවධියයි. (නොවැම්බර් 10 දා තතු හී “ඩෙන්ගු සම්පේ‍්‍රෂණය වන අන්දම” යන ලිපිය බලන්න)
එම ලිපියෙහි සඳහන් පරිදිම ආසාදිත පුද්ගලයාගේ රුධිරයෙහි ඩෙංගු වෛරසය ඉතා ඉහළ මට්ටමක පවතින්නේ viremia යනුවෙන් නම් කෙරූණු අවදියෙහි දී ය. රුධිර ආහාරවේල සමග වෛරසය මදුරුවාගේ පද්ධතියට ඇතුල් වීමෙන් පසුව, වෛරසය මදුරුවාගේ ශාරීරය ඔස්සේ දින 8 සිට 12 ක කාල ෙඡ්දයක් තුළ පැතිරෙයි. මෙම කාල ෙඡ්දය නිමවීමෙන් පසුව ආසාදිත මදුරුවාට වෙනත් පුද්ගලයෙකුගේ ලේ උරා බොද්දී එම පුද්ගලයාට ඩෙංගු වෛරසය සම්පේ‍්‍රෂණය කළ හැකිය.
ඩෙංගු වෛරසය ආසිදිත වූ මදුරුවෙකුට වෛරසය සම්පේ‍්‍රෂණය කළ හැක්කේ ඊළඟට ලේ උරා බොන පුද්ගලයාට පමණක්ද?
නැත. ඩෙංගු වෛරසය වරක් ආසාදිත වූ මදුරුවා, සිය මුළු ජීවිත කාලය තුළම වෛරසයෙන් ආසාදිතව සිටිනු ඇත. ඒ අනුව ඔවුන්ගේ ජීවිත කාලය තුළ එවැනි මදුරුවන්ට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට දිගටම ඩෙංගු වෛරසය සම්පේ‍්‍රෂණය කළ හැකිය. සාමාන්‍ය මෙම කාලෙඡ්දය සති තුනේ සිට හතර දක්වා වේ.

ගැහැනු මදුරුවන් මෙන්ම පිරිමි මදුරුවන්ද ඔවුන්ගේ ප‍්‍රධාන ශක්ති මූලය ලෙස ශාක මකරන්දය, පළතුරු යුෂ සහ වෙනත් ශාක සීනි ආහාරයට ගනී. එය එසේ නම්, මදුරුවන් මිනිසුන්ට දෂ්ට කරන්නේ ඇයි? ගැහනු මදුරු සතුන්ට සිය බීජ (ඩිම්බ) නිපදවීම සඳහා රුධිරය අවශ්‍ය වේ. එහෙයින් ඔවුහු මිනිසුන්ට දෂ්ට කරති. මදුරුවන්ගේ ගැහැනු සතෙකුට සිය ජීවිත කාලය තුළ කිහිපවාරයක්ම බිත්තර ගොන්න බැගින් දැමිය හැකිය(batch of eggs). තවද බොහෝ විට, බිත්තර ගොන්නක් දැමීමට පෙර Aedes aegypti රුධිර ආහාර වේල් කිහිපයක්ම ලබා ගනී. ගැහැනු මදුරුවෙකු ඩෙංගු වෛරසයෙන් ආසාදිත වූ විට වෛරසය පවතින්නේ එම ගැහැනු මදුරුවාගේ ඛේට ග‍්‍රන්ථීන් තුළය.
මදුරුවාගේ ඛේට ග‍්‍රන්ථීන්වල සිට මිනිසුන් වෙත වෛරසය ගමන් කරන්නේ කෙසේද?
මිනිසුන්ගේ ලේ උරා බොන විට, ලේ ලබාගන්නා පුද්ගලයාගේ රුධිරය කැටි ගැසීම වළක්වන පිණිසත්, ලේ උරා බීම පහසු කිරීම සඳහාත්, ගැහැනු මදුරුවා ආසාදිත ඛේටය (කෙළ) විදියි. මෙලෙස ඛේටය (කෙළ) විදීම මගින් පුද්ගලයා ඩෙංගු වෛරසයෙන් ආසාදිත වේ.
ඩෙංගු වෛරසය මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වන එකම මාර්ගය මදුරුවන් දෂ්ට කිරීමද?
ඉතාමත් කලාතුරකින් ඩෙංගු, ඉන්ද්‍රීය බද්ධකිරීමේදී(organ transplantations) හෝ රුධිර පාරවියලනයේදී(blood transfusions) ඩෙංගු සම්පේ‍්‍රෂණය විය හැකිය. ඩෙංගු වෛරසය ආසාදිත ගැබනි මව්වරුන් සිය කලලයට (භ‍්‍රෑණයාට) වෛරසය සම්පේ‍්‍රෂණය කළ හැකි බවට සාක්ෂ්‍ය ඇත. මෙකී අතිශය දුර්ලභ සිද්ධි හැරුණු කොට ඩෙංගු ආසාදන බහුතරය සිදුවන්නේ මදුරුවන් දෂ්ට කිරීමෙනි.

මදුරුවන්ගේ ජීවන අදියරය මොනවාද?
මදුරුවන්ට ඇත්තේ සංකීර්ණ ජීවන චක‍්‍රයෙකි. (රූපය බලන්න) මදුරුවන් වර්ධනය වෙද්දී ඔවුන් සිය හැඩය සහ වාසස්ථාන වෙනස් කරයි. සාමාන්‍යයෙන් මදුරු ගැහැනු සතුන් බිත්තර දමන්නේ ජලය රැඳෙන භාජනවල ඇතුළත ජල රේඛාව මත්තේය. මෙකී භාජන අතර ටයර්, බාල්දි, කුරුළු නානතැන්, වතුර ගබඩා කරන බහාලූ, සහ මල් පෝච්චි වේ. මෙම භාජන වතුරෙන් පිරුණු විට (බොහෝ අවස්ථාවල වැස්සෙන් පසු එසේ පිරේ) මදුරු කීටයෝ බිත්තරවලින් එළියට එති. මෙම කීටයෝ දියෙහි වසන්නෝය. ඔවුන් ජලයේ ජීවත්වෙමින් ජලයෙහි සිටින ක්ෂුද්‍ර ජීවීන් ආහාරට ගන්නෝය. වර්ධන අවස්ථාව පසුකරන කීටයෝ තුන්වරක් හැව අරිති(molt). මෙකී කීට අවස්ථාව හඳුන්වනු ලබන්නේ (එකේ සිට හතර දක්වා වූ) අතුරු රුව (instars) ලෙසයි. හතරවැනි අතුරුරුව ලෙස කීටයා පූර්ණව වැඩුණු පසුව කීටයා, නව ස්වරූපයක් ලබමින් පිලවෙකු ලෙස රූපාන්තරයට ලක්වෙයි. එය මදුරුවන්ගේ ‘බීජකෝෂ’ අවස්ථාව ලෙස දැක්විය හැකිය. මදුරුවාගේ ජීවිතයේ මෙකී අවස්ථාද ජලයෙහි ගත වෙයි. දින දෙකකට පසු සම්පූර්ණ වැඩුණු මදුරු අවස්ථාවට පැමිණෙන්නේ පිලවා හම ඉරා දමමිනි. වැඩිහිටි මදුරුවාට පියෑඹීමට හැකි අතර තවදුරටත් ජලයේ නොවසයි. වැඩිහිටි මදුරුවා භෞමික වාසස්ථානයන් තෝරා ගනී.
ඉතින් වර්ෂාව නොලැබුණොත් මොකද වෙන්නේ?
මාස ගණනාවක් තිස්සේ වියළි තත්ත්වයන්ට මුහුණදීමට හැකි වන පරිදි මදුරුවෝ හැඩ ගැසී සිටිති. බිත්තර ලෑවේ වියළි භාජනයක නම් අලුතෙන් මදුරුවන් වර්ධනය වන්නේ භාජනය ජලයෙන් පිරුණු විටය. මදුරුවන්ගේ මෙම අනුවර්තන හැකියාව හේතුවෙන් මදුරු ගහණයන් සම්පූර්ණයෙන් විනාශකිරීම දුෂ්කර වේ. වැසි සමය මදුරුවන් බෝවීමට ඉතාමත් යෝග්‍යවන නිසා ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල සෑම වසරකම වැසි සමයේදී ඩෙංගු හිස ඔසවයි. ඩෙංගු විශේෂයෙන්ම තර්ජනයක් බවට පත්වන්නේ ජනගහණය අධික ප‍්‍රදේශවලය. ඊට හේතුව, හුදකලා වූ ප‍්‍රදේශවලදීට වඩා මදුරු වාහකයන් විශාල සංඛ්‍යාවක් හමුවන ජනාකීර්ණ ප‍්‍රදේශවල වසංගත ඇතිවීමේ ඉඩ කඩ වැඩි නිසාය. නිවර්තන මෝසම් වර්ෂාව සමයන් සහිත ඉන්දුනීසියාව, ඉන්දියාව, බ‍්‍රසීලය, තායිලන්තය, ශී‍්‍ර ලංකාව හා මියන්මාරය ඇතුළු සමක කලාපයේ ඇති රටවල ඩෙංගු වසංගත බරපතළ මහජන සෞඛ්‍ය ගැටලූවකි.
Learn Science at Scitable හී 1.2 Dengue Transmission ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න