මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

මානවවාදය  හෙවත් මානවියවාදය(Humanism) යන්න අපගේ ආවේක්ෂාවන් මධ්‍යයේ මානවයා තබන බුද්ධිමය ආකල්පයක් ලෙස පුළුල්ව අර්ථ දක්වන්න පුළුවනි.  සොක්‍රටීස්ට පෙර සිටි ග්‍රීක දාර්ශනිකයන්ගේ මුලික වශයෙන් සැලකිල්ල දැක්වුයේ විශ්වයේ ස්වභාවය ගැනයි. එසේ වුව ද, දේශපාලනය සහ ආචාර ධර්ම ගැන උනන්දුවෙන් පසුවූ  සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන චින්තකයෝ කරලිය මැද  හිට වුයේ මිනිසාය(මානවයය).

humanism-and-reformation-2-eso-bil-ingls-5-1024

මධ්‍යකාලින යුරෝපයේ(European Middle Ages) බුද්ධිමය ව්‍යායාමය වැඩිකොටම යොමුවූයේ දෙවියන් සහ දේව ධර්මවාදය කෙරෙහිය. එසේ වුව ද, පුනුරුද (Renaissance) සමයේදී පුරාණ ග්‍රීකයන්ගේ  සහ රෝමවරුන්ගේ ලේඛන කෙරෙහි නැවත වාරයක් උනන්දුව දැල්වුනා. එම ලේඛන වැඩි වශයෙන් ලෞකික ප්‍රවේශයක් සහිත ඒවාය. දෙවියන්ගේ පැවැත්ම හෝ දෙවියන්ගේ ආධිපත්‍යය අභියෝගයට ලක්වුණේ කලාතුරකින් වුව ද, එම අවධියෙ දී  කලාව, සාහිත්‍ය මෙන්ම පාණ්ඩිත්‍යය  යන සියල්ලෙහි අවධානය මානවයා කෙරෙහි දැඩිව එල්ල වීම ඇරඹුනා.

humanist-with-brain-flipped

කෙසේ වුවද, දහසයවන  සියවසේදී විද්‍යාත්මක විප්ලවය ආරම්භ වීමත් සමගම විශ්වය ක්‍රියා කරණ ආකාරය මිනිසුන්ගේ විචාර බුද්ධිය මගින් අවබෝධ කරගැනීමට, ග්‍රහණය කරගැනීමට පුළුවන් වේ යයි ජනතාව විශ්වාස කිරීමට පටන් ගත්තා. අද ලෝකයේ,  මානවවාදය  හෙවත් මානවියවාදය යන්නෙන් බොහෝවිට ගම්‍ය වන්නේ අදේවවාදය හෝ එසේ නොවන්නේ නම් අඩු තරමින් දැඩි ලෞකික ප්‍රවේශයකි.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Humanism කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending