සර්ව සම නිවුන්නු හෙවත් අනන්‍ය නිවුන්නු (identical twins) එක සමානය යන්න සමාජයේ සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් මේ මතය ඇමරිකා එක්සත් ජනපදයේ සිදුකළ පර්යේෂණයකින් අභියෝගයට ලක් වී තිබේ. හාවඞ් විශ්වවිද්‍යාලයේ ඇන්ඩෲ චෙස් සහ ඔහුගේ පර්යේෂක කණ්ඩායම එක්ව Science සඟරාවට සපයා ඇති පර්යේෂණ වාර්තාවක සඳහන් වන්නේ සාමාන්‍ය පිළිගැනීමට පටහැනිව සම නිවුන්නු පවා එක සමාන නොවන්නට හැකි බවයි. අපගේ ජාන අතුරෙන් (එකක් අපගේ පියාගෙන් සහ එකක් අපගේ මවගෙන් වශයෙන්) පිටපත් දෙකක් අඩුම තරමේ 10% වත් අවස්ථාවල එක ජානයක් අහඹු ලෙස වැසී යන බවයි. මෙයින් පෙනී යන්නේ කුමක්ද? ඇතැම් පටකවල පීතෘ ජාන පිටපත කි‍්‍රයාකාරී වෙද්දී අනෙකුත් පටකවල කි‍්‍රයාකාරී වන්නේ මාතෘ ජනා පමණක් යන්නය. එසේ වුවද, ස්විචය වසා දැමීමේ කි‍්‍රයාවලිය ජානමය වශයෙන් තීරණය වුවක් නොවන බවත් වර්ධනයේදී අහඹු ලෙස එය සිදු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඉතින්, ජාන යුගලයකින් එකක් කි‍්‍රයාවිරහිත කිරීමට මූලික සෛලයක්(stem cell) තීරණය කළ විට, එහි ප‍්‍රජානිතයන් හෙවත් පරම්පරාවන්(progeny) සියල්ල එම රටාව උරුම කර ගනියි. මෙයට විකල්ප වශයෙන් වෙනත් සෛල කණ්ඩායමක් ජාන යුගලයට විවෘතව තැබිය හැකිය. කලින් ජානමය වශයෙන් සමාන යයි කල්පනා කළ නිවුන්නුන්ගේ ශරීර තුළ ස්ථිරවම සුළු වශයෙන් වෙනස් ජානමය වැඩ සටහන් කි‍්‍රයාත්මක වන බව මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ස්ථිරවම වාගේ පැවසිය හැකිය. එම නිවුන්නු එකිනෙකා හා එකම ව්ව්ව් අන්තර්ගතව ඇතත් ඒවායේ වෙනස් කොටස් කි‍්‍රයාත්මක කරනවා විය හැකියි.

කෙසේ වෙතත්, මේ සොයා ගැනීමේ වැදගත් කම කුමක්ද? පිළිකාව වැනි ඇතැම් රෝග හටගන්නේ සෛල ප‍්‍රගුණනය(cell proliferation) නතර කරන ජානවල කාර්යය අහිමිවීමෙනි. ඉතින්, යම් අයෙකු සතුව ප‍්‍රති පිළිකා ජානයන් ගෙන්(anti-cancer genes) එකක විකෘත පිටපතක් දැනටමත් ඇත්නම් එහෙත් එය ඇතැම් පටකවල සෞඛ්‍ය සම්පන්න පිටපත අකි‍්‍රය කරයි නම් එය අරබුද සෑදීමේ කි‍්‍රයාදාමයට මුල පිරිය හැකිය. මීට ප්‍රතිවිරුද්ධ, ජානයක පිටපත් අතරින් එකක් අකි‍්‍රය කිරීමට අපොහොසත්වීමද එම ජාන නිෂ්පාදනය වුවමනාවට වඩා ඇතිවීමට මග පෑදීම හේතුවෙන් නැවතත් ලෙඩ රෝගවලට මුල පිරිය හැකිවේ. මෙයට නිදසුනක් ලෙස ඇල්සයිමර් ගේ රෝගය දැක්විය හැකිය. මෙහිදී බීටා ජානයේ අධික කි‍්‍රයාකාරිත්වය මොළයෙහි ප්‍රෝටීන මැලියම් සෑදීම චිත්ත වික්ෂේපය හෙවත් ස්මෘති හානිය දිරිගැන්වීම(dementia-provoking) හා සම්බන්ධ වේ. නිවුන් වර්ධනරයේ මුල් අවස්ථාවේ අත්පත් කරගන්නා සිය ගණන් වූ ජානමය වෙනස්කම් ඔවුන් විවිධ මාර්ගවලට යොමු කරවන බවයි. අධ්‍යයනයෙන් කියැවෙන්නේ.
නොවැම්බර මුල (9 සිකුරාදා) සැන් ප‍්‍රැන්සිස්කෝ නුවර පැවති මානව ජාන පිළිබඳ ඇමරිකානු සංගම් රැස්වීමට මෙම අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කෙරිණ. එක් නිවුනෙකුට පිළිකාව වැළදෙද්දී අනෙක් නිවුනා සෞඛ්‍ය සම්පන්නව පසුවන්නේ කෙසේද යන්න මේ අධ්‍යයනයෙන් අර්ධ වශයෙන් පැහැදිලි කෙරෙන අතර කලින් අදහස් කර තිබුණාට වඩා මෙකී ජානමය වෙනස්කම් ඉතා සුලබ බවද අධ්‍යයනයෙන් හැඟවේ.
කෙසේ වෙතත්, අධ්‍යනයේ එක් සීමාවක් වූයේ රුධිර සෛල පදනම් කරගෙන පමණක් විකෘති අනුපාතයන්(mutation rate) ගණනය කිරීමයි. සිරුරේ ඇතැම් සෛල ඊට වැඩි බහුලතාවයකින් විභේදනය වන හෙයින් තවත් බොහෝ විකෘතීන් එකතු විය හැකිය.
The Naked Scientists®- Science News හී Twins not so identical after all සහ
Live Science-Health හී Identical Twins Are Genetically Different, Research Suggests යනුවෙන් පළවූ වාර්තා අසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න