මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

පදාර්ථ කියන්නේ ඝන, ද්‍රව සහ වායු යන ස්වරූපවලින් අවකාශයක් පුරවන එමෙන්ම ස්කන්ධයක් ඇති ඕනෑම ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පුරාණ ග්‍රීකයන්ට පදාර්ථය පිලිබඳ පරමාණුක සිද්ධාන්තයක් තමන්ගේම සිද්ධාන්තයක් තිබුනේ වී නමුත් පදාර්ථය පිලිබඳ පරමාණුක සිද්ධාන්තය ඇරඹුණේ දහනව වන සියවසේ මුල් කාලයේදීයි. ඒ, ඉංග්‍රීසි ජාතික රසායනඥ ජෝන් ඩෝල්ටන් (1766 – 1844) සමජාතීය(homogenous) ද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු යනුවෙන් හැදින්වෙන අනන්‍ය, කුඩා අංශු වලින් යයි යෝජනා කිරිමෙන් පසුවයි. මේ අංශු අනිවාර්යෙන්ම අභේද්‍යයයි හෙවත් තවත් බෙදීමට නොහැකියි. එමෙන්ම රසායනික ප්‍රතිචාර වලදී නොවෙනස්ව පවතිනවා.
පරමාණු(atoms) සහ අණු(molecules) වෙන්කොට හඳුනා ගන්නට ඩෝල්ටන් ක්‍රියා කළේ නැහැ. පරමාණු යනු මුල ද්‍රව්‍යවල(hydrogen, oxygen, iron, gold, uranium, ආදී) මුලික ඒකකයයි. එමෙන්ම අදාළ මුල ද්‍රව්‍ය අනුව ස්කන්ධයෙන් සහ රසායනික ගුණ වලින් එකිනෙකට වෙනස් වෙනවා. අණු, සිරිතක් වශයෙන් එක මුල ද්‍රව්‍යකට වඩා වැඩි පරමාණු වලින් සමන්විතයි. අණු යනු රසායනික සංයෝග වල මුලික ඒකකයයි. නිදසුනක් දක්වන්නේ නම් ජලය අනුවක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක් (H2O) තිබෙනවා.

දහ නවවන සියවස අවසානයේ ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥ ජේ. ජේ. තොම්සන්(1856 – 1940) ඉලෙක්ට්‍රෝනය(electron) සොයා ගත්තා. ඉලෙක්ට්‍රෝනය යනු පරමාණුවක් ඇතුලත ඇති සෘණ ආරෝපිත අනුවක්. මේ සමගම පෙනිගියා පරමාණුව ත් තවත් කොටස් වලට බෙදිය හැකිය බව. එමෙන්ම එම සොයා ගැනීම පරමාණු ව්‍යුහය පිලිබඳ ගැඹුරු අධ්‍යයන වලට මග පැදුවා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතු වූ ආකෘතියෙහි දී පරමාණුව චිත්‍රණය වුණේ සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රොන ‘’වලාවකින්’’ වටවු ඉතා කුඩා න්‍යෂ්ටියක්(nucleus) සහිත වැඩිකොටම හිස් අවකාශයක් ලෙසයි. පරමාණුවේ ස්කන්ධයෙන් වැඩි කොටස අඩංගු වෙන්නේ න්‍යෂ්ටියහියි. එමෙන්ම න්‍යෂ්ටිය, ප්‍රෝටෝන(ධන ආරෝපිත අංශු = proton) සහ නියුට්‍රෝන(ආරෝපනයක් නොමැති = neutron) වලිනුයි. මුලික අංශු (fundamental particles) පිලිබඳ තව දුරටත් සිදු කෙරුණු පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස අංශු භෞතික විද්‍යාවේ ‘’සම්මත ආකෘතිය’’ (standard model of particle physics) බිහිවීමට මග පෑදුනා.

පදාර්ථයෙහි ස්වභාවය පිලිබඳ අපේ උපකල්පන ක්වන්ටම් සිද්ධාන්තයත් සමග තවත් දුර්වල වුනා. ඉලෙක්ට්‍රෝන සහ තවත් විවිධ අංශුවලට තරංග ලෙස හැසිරිය හැකි බව ක්වන්ටම් සිද්ධාන්තයේ සංකල්ප අතර කියවනවා. අපේ තවත් උපකල්පනයක් වන පදාර්ථය නිර්මාණය කිරීමටවත්, විනාශ කිරීමටවත් නොහැකිය යන උපකල්පනයත් අයින්ස්ටයින් සිය E = mc2 සුත්‍රය ඉදිරිපත් කිරීමත් සමග බිඳී ගියා. න්‍යෂ්ටික විඛන්ඩනය සහ න්‍යෂ්ටික විලයනය මගින් ප්‍රදර්ශනය වූ අන්දමට පදාර්ථය ශක්තිය බවටත් ශක්තිය පදාර්ථය බවටත් හැරවිය හැකිබව මෙයින් පෙන්වා දෙනු ලැබුවා.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Matter කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න