මිනිසා සිය ආහාර පිස අනුභවයට ගැනීම ආරම්භ කළ දා සිටම අද දවස දක්වාත් මිනිසුන් බොහොමයකට ආහාර පිසීම සඳහා ගින්දර ද, ගින්දර දැල්වීම සඳහා කුමන ආකාරයක හෝ ඉන්ධන එකතු කිරීමට ද, ඇලෙන්නේ නැතුව කරකුට්ටන් වන්නේ නැතුව මනාව ආහාර පිසීම සහතික කරනු වස් නිරතුරුව පිසීමට අවධානය යොමු කිරීමට ද සිදුවන බව දන්නෝ ගෘහණියන් පමණක් නොවෙති.

කෙනෙකු ජීවත්වන පළාතත් අහර පිසින ආකාරයක් සලකද්දි හිරු රශ්මියෙන් ආහාර පිසීම කාලය, ශ‍්‍රමය හා ඉන්ධන ඉතිරි කර ගැනීමට හැකිවේ. එපමණක් නොව එය පරිසරාත්මකව ද හානිකර නොවේ. සෑම වර්ගයකම ආහාර පිසීමට සූර්යබල උදුන් යෝග්‍ය නොවන අතර තැම්බීමට, රොස්ට් කිරීමට හෝ බේක් කිරීමටද ඒවා යොදා ගත හැකිය. බැදීම සඳහා අවශ්‍ය ඉහළ උෂ්ණත්වයක් නිපදවිය හැකි වුවත් සූර්ය බල උදුන් වැඩි වශයෙන් උප යෝග්‍ය වන්නේ සෙමින් මද ගින්නෙන් පිසීමටය. සෙමින් පිසින විට ආහාරයේ සෙසු වෙනත් ගුණයද රැකේ. මද ගින්නෙන් පිසින ආහාර සෞඛ්‍යයට හිතකර බව මෑතක අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් සූර්ය බල උදුනෙහි සීමාවන් වන්නේ ඒවා අයහපත් කාල ගුණ තත්ත්වයන් යටතේ සහ රාති‍්‍රයේ යොදා ගැනීමට අසීරු වීමයි. එහෙයින් සූර්යබල උදුන් භාවිත කළ හැක්කෙ සාම්ප‍්‍රදායක පිසින ක‍්‍රමවලට අනුපූරක වශයෙනි.

සූර්ය බල උදුන් මුදල් සහ කාලය ඉතිරි කරයි
- හිරුරැස් ලැබෙන්නේ නොමිලේය. එහෙයින් සූර්ය බල උදුනින් කෑම පිස, රාති‍්‍රය කාලයේ සහ අයහපත් කාලගුණිත තත්ත්වයන් පවතින විට පමණක් අධික මිල ඉන්ධන භාවිතය සීමා කිරීමෙන් මුදල් ඉතිරි කෙරේ.
- මෙම උඳුන්වල කෑම පිසීමේදී ඒ සඳහා කැපවී නොසිට වෙනත් කාර්යයන්හි නිරත විය හැකිය.
- භාජන පිරිසිදු කිරීම පහසුය. ඇතුළත කෑම නොඇලෙන අතර පිටත දැලි නොබැඳේ
- සූර්ය බල උඳුන ආරක්ෂා සහිතයි. සෞඛ්‍ය සම්පන්නයි. පහසුයි.
- පිළිස්සීම් ඇති කිරීමට හෝ ගිනි ගැනීමට ගින්දරක් නොමැත.
- සෞඛ්‍යයටද හානිකර දුමින් තොරයි
- බොහේ සූර්ය බල උදුන්වල ආහාර පිසින්නේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක 82-121 උෂ්ණත්වයකදීය. (දර හො වායු උදුන් සෙන්ටිගේ‍්‍රඩ් අංශක 260කට අධිකය) මදගින්නේ පිසීමෙන් රසය හා පෝෂණය රැකෙයි.
- සාමාන්‍ය ලිපකින් මෙන් කෑම පිසින අයට රස්නයක් නොදැනේ.
සූර්යබල උදුන් අද ලොව මුහුණ පා සිටින බලගතු ප‍්‍රශ්න දෙකකට විසඳුම් සපයයි. පිසීමට ගන්නා ඉන්ධන ක‍්‍රමයෙන් හීන වී යාමේ ප‍්‍රශ්නය සහ ජලය මගින් බෝවෙන රෝග පිළිබඳ ප‍්‍රශ්නයයි.
අදටත් ලෝකයේ ජනතාවගෙන් අඩක්ම ආහාර පිසින්නේ දරවලින් නිපදවන ගින්නෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් — බිලියන 2ක පමණ ජනතාව පිසීමට ගන්නා දර හිඟයකට මුහුණ පා සිටිති. මේ හේතුව නිසා කාන්තාවන් සහ බොහෝ විට දරුවන්ද දර සෙවීම පිනිව එන්ට එන්ට වැඩි දුරක් ගෙවීමට ද එම නිසාම වැඩි වේලාවක් ගත කිරිමටද සිදුවේ. ඇතැම් නාගරික පවුල් සිය ආදායමෙන් සියයට 30-50 දක්වා ප‍්‍රමාණයක් පිසීමට අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් වැය කරති. පිසින ඉන්ධනවල වියදම සලකන විට බොහෝ පවුල් පිසීම සඳහා දිගු වේලාවක් ගත වන රනිල වැනි පෝෂ්‍යදායි ආහාර තෝරා ගැනීමෙන් වැළකීම සිටීමට පෙළඹෙති. ෆොසිල ඉන්ධන ගෙන්වීම සඳහා බොහෝ රටවල ආණ්ඩුවලට සහනාධාර සැපයීමට සිදුවේ. සූර්යබල උදුන් භාවිතයට ගැනීමෙන් පිසීමට ගන්නා දර අඩකින් පමණ අඩු කළ හැකිවේ.

සූර්ය බල උදුන් යොදා ගනිමින් අතිරේක වියදමකින් තොරව ජලය හා කිරි නටවා ගැනීමට හැකිවීම නිසා කොලරාව සහ ජලයෙන් බෝවෙන අනෙකුත් රෝග අඩුකර ගැනීමට හැකිවේ. මේ රෝගවලින් ලොව පුරා දිනකට මිය යන සංඛ්‍යාව 50,000 දහසකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සියලූ රෝගවලින් 80%ක්ම බෝවන්නේ දුෂණය වූ ජලය මාර්ගයෙනි. සාමාන්‍ය දර ලිපි හා ගෑස් ලිප්වලින් පිසීමේදී ගෝලීය උණුසුම්වීමට දායකවීමක් සිදුවන නමුත් සූර්යබල උදුන් වායු දූෂණයෙන් තොර විකල්පයක් සපයයි.
බලශක්ති අර්බුදය බරපතළ එමෙන්ම බෙහෙවින් සංකීර්ණ ගැටලූවකි. එය විසඳීමද ඒ හා සමාන භාරදූර කාර්යයක් බවද කාටත් පැහැදිලිය. එසේ වුවද, එම වෑයමේදී විවිධාකාර විසඳුම් විවිධ ආකාරයෙන් හා මට්ටමින් උපකාරී විය හැකිය. සූර්යබල උදුන් භාවිතයට යොමුවීම ප‍්‍රජා මූලිකව කි‍්‍රයාත්මක කළ හැකි සරල එහෙත් සාර්ථක විසඳුමක් ලෙස සැලකිය නොහැකිද?





ප්‍රතිචාරයක් ලබාදෙන්න