අඩුම සැලකිලිමත්විමක් දක්වන සත්ව විශේෂයක සිට සාන්තරාය හෙවත් උපද්‍රව සම්පන්න විශේෂයක තත්ත්වයට(Least Concern to Vulnerable status) ජිරාෆ් විශේෂය ඇතුල් කර ඇතැයි ලෝක සංරක්ෂණ සංගමය යන කෙටි නාමයෙන් හඳුන්වනු ලබන පරිසර සංරක්ෂණය සඳහාවූ අන්තර් ජාතික සංගමය (International Union for the Conservation of Nature) පසුගිය බ්‍රහස්පතින්දා(මේ මස 8දා) නිවේදනය කළේය.  ලෝකයේ ආපදාපන්න විශේෂ ලැයිස්තුව නිල වශයෙන් පරිපාලනය කරන මෙම සංගමයේ අධි තර්ජිත වාර්තාවේ රතු ලැයිස්තුව මෙලෙස සංසෝධනය කර ඇත.

සෆාරි නැරඹුම් සවාරිවල දී, සත්ව උද්‍යාන වලදී මෙන්ම මාධයෙන් ද නිතර ජිරාෆ් සතුන් දකින හෙයින් ජනතාව , ඒ තබා සංරක්ෂණවාදිහු පවා  ද මේ රාජකීය සත්ව විශේෂය නිහඬව නෂ්ටප්‍රාප්ත වෙමින් සිටින බව නොදනිති.

(Smithsonian, SMARTNEWS හී Giraffes Silently Slip Onto the Endangered Species List ලිපිය ඇසුරෙන් සැකසු, මේ පිලිබඳ පුර්ණ වාර්තාවක් ඉදිරියේ බලාපොරොත්තුවෙන්න)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending