සුනඛයෝ අප කලින් සිතා සිටියාට වඩා අප කෙරෙහි අවධානය යොමු කරති. නව පර්යේෂණ පෙන්වා දෙනු ලබන්නේ සිදුවන අවස්ථාවේ කිසිම වැදගත් කමක් නොතිබූ අපේ කි‍්‍රයාවන් හා සිද්ධීන් පවා ඔවුන්ගේ මතකයේ රැඳෙන බවයි. මේ සොයා ගැනීම පිළිබඳව Current Biology නම් සඟරාවේ වාර්තා කර තිබූ අතර ස්වාඛ්‍යානික ස්මරණය (episodic memory) යනුවෙන් හඳුන්වනු ලබන මතකය ඇති බවට හඳුනාගෙන ලැබ තිබෙන මීයන්, පරෙවියන් හා පි‍්‍රමාටේස් ඇතුළුව අනෙකුත් සතුන් අතළොස්ස අතරට සුනඛයන්ද එමගින් එක් කොට ඇත. ස්වාඛ්‍යානික ස්මරණයට ‘ශබ්දාර්ථ ස්මරණය’ (semantic memory) ප‍්‍රතිවිරුද්ධය. ශබ්දාර්ථ ස්මරණය යනු සුවිශේෂී සිද්ධියක් මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැතිව කෙනෙකු දන්නා කරුණු සහ නීතිරීති නැවත මතක්කිරීමේ හැකියාවයි.

ඉතින් ස්වාඛ්‍යානික ස්මරණය හා ශබ්දාර්ථ ස්මරණය අතර වෙනස අපට සලක්න පුළුවනි මතක තබා ගැනීමේ හා දැන සිටීමේ වෙනස ලෙසට යයි අධ්‍යයනයේ ප‍්‍රධාන කතුවරිය වන, හංගේරියාවේ බුඩාජෙස්ට් හි සාපේක්ෂ සත්ව චර්යා විභාග කණ්ඩායමෙහි ක්ලෝඩියා ෆුගාස්සා පවසන්නීය. මිනිසුන් සෑම විටම ස්වාඛ්‍යානික ස්මරණය භාවිතා කරන බව පෙන්වා දෙන ඇය අද උදේ ඔබ නැගිට්ට ගමන් මුලින්ම කරේ මොකක්ද? කියලා කිසිවෙකු ඔබෙන් ඇසුවොත් වීඩියෝ පටයක් නැවත ඔතා ඒ මොහොත ඔබේ මතකයේ යළි වාදනය කරනවා සේ ඔබට ඒ මොහොතට පිවිස මතක් කළ හැකි බව නිදසුනක් ලෙස පෙන්වා දෙයි.
සුනඛයන්ට ද මේ හා සමානම දෙයක් කළ හැකි බව දැන් අනාවරණය වී ඇත. මේ කුසලතාව සාමාන්‍යයෙන් සම්බන්ධවන්නේ ආත්ම අවබෝධය හෙවත් ස්ව-සම්ප‍්‍රජානනයටයි(self-awareness). ඒ අනුව නව සොයාගැනීම අප විස්මයට පත්කරමින් ඉඟි කරන්නේ සුනඛයන්ට ද එම ස්වරූපයේ ප්‍රජානනය ඇති බවයි. කෙසේවතදු, එය අධ්‍යයනය කිරීම පිණිස පරීක්ෂණයක් සැලසුම් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බව ෆ‍්‍රන්ස්සා කියයි.
දැනට පවතින අන්දමින් ගත්විට ඇයට හා ඇගේ කණ්ඩායමට සුනඛ ස්මෘති කුසලතා පරීක්ෂාවට ලක්කිරීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. ඔවුහු ඒවා මඟහැරවීම පිණිස සුනඛයන් පුහුණු කිරීමට යොදා ගන්නා ‘මම කරන විදිහට කරන්න’ (“Do as I Do”) යන සුනඛ පුහුණු ක‍්‍රමය උපයෝගී කරගත්හ. පුහුණුවේදී සුනඛ පුහුණුකරු යම් කි‍්‍රයාවක් කර පෙන්වන අතර මං කරන විදියට කරන්න කී විට සුනඛයන්ද එම කි‍්‍රයාවම කිරිමට සලස්වයි. උදාහරණයක් ලෙස පුහුණු කරු උඩ පැන ‘මං කරන විදියට කරන්න’ කී විට සුනඛයාද උඩ පනිතැයි අපේක්ෂිතයි.
එසේ වුවද, මෙම ක‍්‍රමය සාර්ථකව කිරීමට සුනඛයාට හැකිවූ පමණින්ම එම සුනඛයාට ස්වාඛ්‍යානික ස්මරණය ඇතැයි සනාථ නොවේ. ඊට හේතුව එසේ වුයේ නම් සුනඛයාට විධානයක් හෝ ප‍්‍රතිලාභයක් නොදී පුද්ගලයෙකු මොහොතකට පෙර කල කි‍්‍රයාව මතකයෙන් නැවත කරපෙන්වීමට පුළුවන් විය යුතුය. මේ ගැටලූව විසඳනු වස් පර්යේෂකයෝ ප‍්‍රථමයෙන් සුනඛයන් 17 දෙනෙකු ‘මං කරන විදිහට කරන්න’ පුහුණු විධික‍්‍රමය යටතේ පුහුණු කළහ. අනතුරුව, තවත් පුහුණු වටයක් පවත්වමින් සුනඛයන්ට පුහුණු කරනු ලැබුවේ පුහුණුකරු කුමන කි‍්‍රයාවක් සිදු කළත් එය බලා සිට බිම වැතිර නිහඬව සිටීමටය. පුහුණුකරු කර පෙන්වූ කි‍්‍රයා අතර සුනඛ චායාරුප සහිත පර්සයක් උදුරා ගැනීමට හෝ කුඩයක් අතින් ඇල්ලීම වැනි අර්ථ විරහිත කි‍්‍රයාය.
මෙලෙස නිශ්චිතව වැතිර සිටීමට සුනඛයන් පුහුණු කිරීමෙන් පසුව පර්යේෂකයෝ සුනඛයන් පුදුමයට පත්කරමින් ‘මං කරන විදියට කරන්න’ යැයි අණ දුන්හ. එවිට, සුනඛයෝ, කලින් පුහුණුකරු කරනු දුටු කි‍්‍රයාව සිදු කළහ. වෙන වචනවලින් කියතහොත් කලින් පුහුණුකරු කළ දේ ප‍්‍රතිස්මරණය කළේ එලෙස මතක තබා ගැනීමට (විධානයක් හෝ ප‍්‍රතිලාභයක් වැනි) වුවමනාවක් සුනඛයන්ට නොතිබයදීය.
සුනඛයන්ට ස්වාඛ්‍යානික ස්මරණය ඇති බව පෙන්වාදීමට අමතරව තමන් කළ දේ නොව වෙනත් අයෙකු සිදු කළ කි‍්‍රයාවක් මතක තබා ගැනීම සොයා බැලූ ප‍්‍රථම අධ්‍යයනයද මෙය බව ෆුගස්සා කියා සිටියි. ” ඒවා ඔවුනට අර්ථවත් නැති බව ඔවුනට පෙනී ගියා වුණත් සුනඛයන්ට අප කරන දේවල් සෑම විටම මතක තියනවා” ඇය කියා සිටියි. අත්දැකීම් සිදුවීම්වලින් පොහොසත් එමෙන්ම සංකීර්ණ පරිසරයක ජිවත්වන සත්ව විශේෂයකට ප‍්‍රයෝජනවත් කුසලතාවක් ලෙස මෙය හැඳින්විය හැකි යයි පර්යේෂකයෝ පෙන්වා දෙති. එම පරිසරය තුළ සුනඛයන් ඉගෙනීමට ඇති දේ බොහෝයි. එහිදී තමන්ට යමක් ඉගෙනීමට පුළුවන් දැනුවත් පුද්ගලයන් ලෙස සිය මිනිස් සගයන් සුනඛයන්ට ප‍්‍රයෝජනවත්ය.

සුනඛයන් හුදෙක් දුටු දේ අනුකරණය කරනවාද නොඑසේ නම් එම කි‍්‍රයාවල අරමුණ අවබෝධ කර ගන්නේ ද යන්න සොයා බැලීමට පර්යේෂකයෝ මින් අනතුරුව බලාපොරොත්තුවෙනති. “මානව සමාජ කණ්ඩායම් අතරේ ජීවත්වීමේ පරිණාමීය හා වර්ධනීය වාසිය සළකනවිට ස්වාඛ්‍යානික ස්මරණය අධ්‍යයනය කිරිමේදී සුනඛයන් හොඳ මොඩල බවට පත්විය හැකිය” යයි ෆුගස්සා කියයි.
LIVESCIENCE හී පළවූ Dogs Remember Even the Stupid Things We Do ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න