නියතිවාදය යනු සිදුවෙන සිල්ලටම හේතුවක් ඇත, එය ඒ නිසා නියතයි හෙවත් නොවැලක්විය හැකිය යන මතවාදයයි. මෙම ඵලයන් නැවතත් තවත් ඵලයන් වලට හේතු වෙයි. මෙලෙස හේතු සහ ඵල දම්වැල කාලය සහ අවකාශය හරහා පැතිරෙනවා. සමහරුනට නම් මේවා දෙවියන්ගේ කැමැත්ත විද්‍යමාන වීමක්. අනෙක් ඇයට නම් මේවා ස්වභාව නියමයන්ගේ(laws of nature) නොවැලක්විය හැකි ප්‍රතිඵල.

විද්‍යාව ගතහොත් අයිසැක් නිව්ටන් විසින් චලනය සහ ගුරුත්වාකර්ෂණ නීති සොයා ගනු ලැබීම විශ්වය පිලිබඳ මුළුමනින්ම යාන්ත්‍රික පැහැදිලි කිරීමකට පදනම සැපයුවා. මෙය ප්‍රංශ තාරකා විද්‍යාඥ පියරේ-සයිමන් ලැප්ලෙස්ට (1749-1827) එක්තරා අදහසක් තරයේ ප්‍රකාශ කර සිටීමට මග පැදුවා. එම අදහස මෙයයි: විශ්වය තුළ ක්‍රියාත්මක සියලු බලයන් පිළිබඳ දත්ත ත් ඒ තුළ පවතින සියලු වස්තුවල ස්කන්ධ, පරිමාන සහ ස්ථානගතවීම් පිළිබඳ තොරතුත් සපයන්නේ නම් සියල්ලෙහි අතීතය සහ අනාගතය සකසා ගත හැකි බවත්ය.

එසේවුවත්, ලැප්ලෙස්ගේ කාලයේදීම (ඒ ගැන) සැක සංකා මතුවුනා. දහඅටවන සියවසේ ස්කොට්ලන්ත ජාතික දාර්ශනිකයෙකු වූ ඩේවිඩ් හියුම් පෙන්වා දුන්නේ හේතුඵලතාව යනු තාර්කික වලංගුතාවක් නොමැති හුදු මනසින් ඇති කරගන්නක් බවයි. එමෙන්ම, අණුපරමාණුක අංශු(subatomic particles) විෂය පථයෙහී අතියතාව(indeterminacy) යසට පවතින බව විසිවැනි සියවසේදී ක්වන්ටම් යාන්ත්‍රණ විද්‍යාව පෙන්වා දී තිබෙනවා.
නියතිවාදය, ස්වච්ඡන්දයෙහි(free will) පැවැත්ම සහ එම හේතුව නිසා පුද්ගලයන්ට සිය ක්‍රියාවන් පිලිබඳ සදාචාරාත්මක වගකීම පැවරීම ප්‍රතික්ෂේප කරණ බව පෙනී යන්නේය යන කාරනාව අචාර ධර්මවල කේන්ද්‍රීය ගැටළුවක් මතුකරනවා. ක්‍රිස්තියානි දේවවේදයෙහි(theology) පුර්ව නියමය(predestination) පිලිබඳ ධර්මය පළකර සිටින්නේ ඔවුන්ගේ චර්යාවන් නොතකා ඇතැම් පුද්ගලයන් මෝක්ෂ මාර්ගයටත්, ඇතැම් පුද්ගලයන් සදා නපුරටත් දෛවයෙන් නියමවන බවයි.
දේශපාලනයේදී ද දක්ෂිණාන්ශිකයන් (ධනය, සෞඛ්‍යය,යන්නාදී වශයෙන්) සිය තත්ත්වය පිළිබඳව එම පුද්ගලයාගේම වගකීම අවධාරණය කරණ අතර වාමාංශිකයන් පෙන්වාදෙන්නේ පුද්ගලයෙකුගේ තත්ත්වය බොහෝ දුරට පරිසරය, අධ්‍යාපනය හා හැදියාව වැනි බාහිර සාධක මගින් තීරණය වන බවයි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Determinism කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න