විද්‍යාඥයෝ අභිරහස සොයා ගනිති.

දූපතක ජීවත්වුණත් ලංකාවේ අප බොහෝ දෙනෙකු පණපිටින් තල්මසෙකු දැක නැතුවා ඇති. පණ පිටින් කෙසේ වෙතත්, චිත‍්‍රපට හෝ රූපවාහිනියෙන් මොවුන් දැක ඇති අයද ඔවුන්ගේ ඇතැම් චර්යාවන් පිළිබඳව පුදුමයට පත්වනවා නියතයි. මොල්ලි තල්මසුන් (humpback whales (Megaptera novaeangliae)  වතුරෙන් එළියට පැන ජලය මතුපිටට වරල්වලින් පහර  දෙනු එවැනි එක් චර්යාවකි. එහෙත්, තල්මසුන් මේ ආකාරයෙන්  ජල මතුපිට කි‍්‍රයාකාරි වන චර්යාවන්  දිගු කාලයක් තිස්සේ හරියාකාරව නොවිසිදුන අභිරහසක් ලෙස පැවතුනත්  දැන් එය විසඳී  ඇති බව අනාවරණය වෙයි.

p0whale3hmrd8

මේ ගැන අධ්‍යයනයක යෙදෙන විද්‍යාඥයන් පිරිසක් ප‍්‍රකාශ කළේ ජලයෙන් පිටතට පනිමින්, ජලයට වරල්වලින් පහර දෙමින් තල්මසුන් මේසා මහා හඬක් නගන්නේ අසල්වැසි තල්මසුන් කණ්ඩායම් සමග සන්නිවේදන කාර්ය භාරයක යෙදෙමින් බව  හෙළිදරව් වී ඇති බවයි. අධ්‍යයනයෙදි විද්‍යාඥයන් තල්මසුන් විවිධ කණ්ඩායම් 94 ක චර්යාවන් ගැන සොයා බැලීමට කටයුතු කර ඇත.

සංක‍්‍රමණය වන මොල්ලි තල්මසුන්ගේ මෙම හඬ නඟන හැසිරීම හඳුන්වන්නේ මතුපිට කි‍්‍රයාකාරි චර්යාවේ  (surface­active behaviors) ලෙසටයි. ‘මේ සතුන්ගේ සමාජ ශබ්ද එකතුවේ කොටසක් ලෙස දිය බිඳුම. ළය වරල් නැවත නැවත (පුනර්වාචී) ගැසීම හා වලිගය සැලීම වැනි විවිධාකාරයේ මතුපිට කි‍්‍රයාකාරකම් ගණනාවක්ම තල්මසුන් සිදු කරති. කෙසේ වෙතත්, එවැනි චර්යාවන්ට බලපාන සාධක හෝ එම චර්යාවල කාර්ය භාරය කුමක්ද යන්න ගැන වැඩි යමක් විද්‍යාඥයන් දැන සිටින්නේ නැත. නව අධ්‍යයනයකදී එච චර්යාවන් සිදුවන සමාජයීය හා පරිසරාත්මක සන්දර්භයන් ගැන සොයා බැලිණ. තල්මසුන් විවිධ කණ්ඩායම් 94 ක තල්මසුන් දෘෂ්ටිමය වශයෙන් නිරීක්ෂණයට ලක්කෙරුණු අතර ඒ හා සමානම ශබ්ද නිරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරිණ. ඊට අමතරව තල්මසුන් එක් එක් කණ්ඩායමේ සමාජ හා පරිසර සන්දර්ශයන්ට අදාළ දත්ත ද එකතු කරන ලදී.

සමුද්‍රික පරිසරයක ජීවත්වන බොහෝ සත්තු ජලය යට සංඥා සම්පේ‍්‍රෂණය සාර්ථකව කර ගනු වස් ඔවුන්ගේ සංනිවේදනය හැඩ ගස්වා ගෙන ඇත. නොගැඹුරු පැහැදිලි ජලය පවතින පරිසරවලදී හැර  විශේෂයෙන්ම ආලෝකය කාන්දුවීම අඩු ගැඹුරු ජලයේදී දෘෂ්ටිමය සන්නිවේදය සීමාවේ.  මෙයට ප‍්‍රතිවිරුද්ධව, ශබ්දය වාතය තුළදීට  වඩා කාර්යක්ෂමව ජලයේ ගමන් කරයි. ඊට හේතුව දුරත් සමග ගත්කළ ජලයේ දී ශබ්දයේ ශක්ති හානිය සාපේක්ෂව අඩු වීමයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සාමුද්‍රික සතුන් බොහොමයක් සන්නිවේදනය සඳහා ශබ්දය යොදා ගන්නා අතර මෙය පර්යේෂණ සාහිත්‍යයේ මනාව ලේඛන ගතව ඇතැයි අධ්‍යයනයේ සාමාජිකයෝ පෙන්වා දෙති.

මොල්ලි තල්මසුන් ලොව සෑම සාගරයකම දැක ගත හැකි අතර ඔවුන්ගේ ශබ්ද ධ්වනි සන්නිවේදනයේ කොටසක් ලෙස වාචික සහ වාචික නොවන ශබ්ද යොදා ගනිති. මොල්ලි තල්මසු පිරිමි සතුන් ඉතා සංකීර්ණ එමෙන්ම ව්‍යුහගත ගිත ගයන අතර ඒවායේ කර්තව්‍ය වන්නේ ලිංගික ප‍්‍රදර්ශනය ලෙසයි. එම ගීත කි.මී. 10වත් වැඩි දුර ඇසෙන බව සොයා ගෙන තිබේ. එහෙත්, අනෙක් අතට සමාජ ශබ්දවල ඔවුන්ගේ ගීතයේ අඛණ්ඩව බව නැති අතර විවිධ සමාජ හා පරිසර සන්දර්භවලදී ඇසිය හැකිය. සමාජ ශබ්දවලට ජල මතුපිට කි‍්‍රයාකාරී වාචික නොවන ශබ්ද ඇතුළත්ය. ගීතයේ කර්තව්‍යය හොඳින් අධ්‍යයන කර තිබුණද සමාජ ශබ්දවල කර්තව්‍ය ගැන දැනුම අඩුය.

Adult Blue Whale (Balaenoptera musculus) fluke-up dive (note the notches and scars in the flukes) in the offshore waters of

ජල මතුපිට කි‍්‍රයාකාරී චර්යාවන් මොල්ලි තල්මසුන්ගේ සංක‍්‍රමණය තුළ නිරතුරුව නිරීක්සණය කර තිබේ. සංක‍්‍රමණික කාලයේදී බහුලව යොදා ගැනීම හා (තමන්ගේ ශක්තිය සංරක්සණය සඳහා සතුන් වෙහෙසෙතැයි සිතන) සම්භෝග සිදුවන   ස්ථානවල බහුලව යොදා ගැනීමෙන් හැඟවෙන්නේ මෙය සන්නිවේදනය සඳහා කරන්නක් බවයි. තල්මසුන්ගේ සන්නිවේදන  ක‍්‍රම එකතුව තුළ ජල මතුපිට කි‍්‍රයාකාරී චර්යාව බහුකාර්යයක් ඉටු කරන බවයි, පර්යේෂකයන් සොයා ගෙන ඇත්තේ කෙසේ වෙතත්, ප‍්‍රශ්නයට ලක්වී ඇති චර්යා වර්ගය සහ ඒවා සිදුවන සමාජ හා පරිසර සන්දර්භය මත ඒ ඒ චර්යාවන්ගේ කාර්ය භාරය වෙනස් විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

 

Seriously, Science හී  Why whales jump out of the water, or slap it with their fins යන ලිපිය ඇසුරෙනි

මෙම සම්පුර්ණ  පර්යේෂණ වාර්තාව MARINE MAMMAL SCIENCE හී යන Evidence for the functions of surface-active behaviors in humpback whales (Megaptera novaeangliae)මැයෙන් පළවිය

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending