Reason යන ඉංග්‍රීසි වචනය විවිධාර්ථ ගැන්වෙන්නක් ලෙස දැක්විය හැකියි. එය, මානවයන් වන අපට සාමන්‍යයේ  සිට සුවිශේෂීය දක්වා(අනුමානය) හෝ සුවිශේෂියේ සිට සමාන්‍යය (උද්ගමනය) දක්වා තර්ක කරමින් තර්කානුකුල අනුමානයන් කිරීමට ඇති  අභියෝග්‍යතාවයි. සමහර දර්ශනවාදින්ට අනුව “ප්‍රතිභානය”(reason) යන්න හඟවන්නේ අනුභූතිය, අත්දැකීමට ප්‍රතිවිරුද්ධව දැනුමේ ප්‍රභවයක් ලෙස බුද්ධියයි.

ප්‍රතිභානය  බොහෝ විට චිත්තාවේගය හෝ පරිකල්පනය හෝ උන්මාදය හෝ භක්තිය සමග විසංසන්දනය කෙරනවා. දහතුන්වෙනි ශතවර්ෂයේදී ශාන්ත තෝමස් අක්ව්ය්නස් භක්තිය හා ප්‍රතිභානය ප්‍රතිසංධානය කිරීමට උත්සාහයක් කළේ ක්‍රිස්තියානි දේවවේදය තුළ  ප්‍රතිභානයට තැනක් ලබාදෙමිනුයි.

reasoning

දහඅටවැනි සියවසේදී ප්‍රබුද්ධ සමයේ චින්තකයෝ අවධාරණය කළේ  ප්‍රතිභානයහි       ප්‍රමුඛත්වය  විය යුත්තේ අත්‍යාචාරය(superstition) සහ  නුරුස්නාව හෙවත් නොඉවසීම (intolerance) අහෝසිකිරීමට  මෙන්ම පොදු අවකාශය(public sphere) හේතුවාදී මගක් ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ දැරීම බවයි. මෙයට ප්‍රතිචාර වශයෙන්, දහඅටවන සිය වස අග උපන් විචිත්‍රාද්භුත ව්‍යාපාරය(Romantic movement) අවධානය කළේ මානව අත්දැකීම, අනුභූතිය  තුළ පෞද්ගලික වින්දිතයේ කේන්ද්‍රීය බවයි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Reason කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending