අපේ මේ මිහිතලය රැකගන්නත් අපේ සෞඛ්‍ය වර්ධනය කරගන්නත් අපට අනාගතයේදී කෘමීන් ආහාරයට ගන්න වේද?
ලොව පුරා පසුගිය වසර 20 මුළුල්ලේ කෘෂිකාර්මික නිෂ්පාදනය අතිසෙයින් ඉහළ ගොස් ඇති අතර භෝග අස්වැන්න වෙත කවරදාකටවත් වඩා අද ඉහළ මට්ටමකට පවතී. කෙසේ වෙතත්, ජන ගහනය වැඩිවීම හා ආදායම් ඉහළයාම හේතුවෙන්ලොව පුරා ආහාර සඳහා ඉල්ලූම ද අඛණ්ඩව ඉහළ යමින් පවතී.
මේ මිහිතලයේ ජනතාවට ආහාර සැපයීම අලූතෙන් මතු වූ උභතෝකෝටිකයක් නොවේ. පසුගිය සියවසේ දී විද්‍යාවේ ඉදිරි ගමන ගැන සළකන විට මේ උභතෝකෝටිකයට තවමත් අපට විසඳුමක් නැත යන්න කෙනෙකු පුදුමයට පත්කරන සුළුය. මේ තත්ත්වයට අඩු තරමින් හෝ අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ ප‍්‍රශ්නය වඩාත් සංකීර්ණ බවට පත්ව තිබීමයි.

මේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී අරමුණු වන්නේ සැමට ආරක්ෂාකාරී, පෝෂ්‍යදායී ආහාර ප‍්‍රමාණවත්ව ලබාගැනීමේ හැකියාව සැලසීමයි. මෙයින් අදහස් වන්නේ ප‍්‍රමාණවත් කැලරි ප්‍රමාණය සැපයීම පමණක් නොව අප ගන්නා ආහාර සෞඛ්‍යදායක ද යන්න සහතික කිරීමත්ය. “(ගෝලීය) ආහාර ප‍්‍රශ්නය කියන්නේ අපි‍්‍රකාවේ ජනතාව බඩගින්නේ සිටීමම පමණක් නොවෙයි. එය ඇත්තටම සෞඛ්‍යය, පෝෂණය සහ යහ පැවැත්ම මෙන්ම ඒවා තුළින් ගලා එන සියලූ කරුණු කාරණායි “ ටිම් බෙන්ටන් පැහැදිලි කරනවා. ඔහු එක්සත් රාජධානියේ ගෝලීය ආහාර සුරක්ෂිතා වැඩසටහනෙහි ප‍්‍රවර්ධකයි(Champion of the UK Global Food Security Program)
මෙම ප‍්‍රකාශය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සම්බන්ධ කරන විට ඉන් කියැවෙන්නේ එම රටවල ජනතාවට ප‍්‍රමාණවත් තරම් ආහාර ලබා ගැනීමට ඇති හැකියාව පමණක් නොව අත්‍යවශ්‍ය විටමින සහ පෝෂක අඩංගු ආහාර ලබාගැනීමේද හැකියාවත් ය. මීට ප‍්‍රතිවිරුද්ධව, අධික විවිධත්වයක් සහිත ආහාර සුලබ සංවර්ධිත රටවල අභියෝගය බවට පත්ව ඇත්තේ එම රටවල ආහාර සහ ජීවන රටාවට සම්බන්ධයක් ඇති ස්ථුලතාව මෙන්ම දියවැඩියාව, හෘදයාබාධ වැනි සෞඛ්‍ය ගැටලූවලට මුහුණදීමයි.
ආහාර සුරක්ෂතභාවය පිළිබඳ ගැටලූවට මුහුණදීමේ ක‍්‍රමගණනාවක් ඇත. වර්තමානයේ ගෝලීය ආහාර නිෂ්පාදනය වැඩිකිරීමෙහිලා අප අනුගමනය කරන ප‍්‍රධාන පිළිවෙත වන්නේ කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්න ඉඩම් ප‍්‍රමාණය වැඩිකිරීමයි. බොහෝ විට මින් සිදුවන්නේ අපට කාබන් සහ ජල චක‍්‍රය වැනි සේවාවක් සපයන ජෛවී විවිධත්වය සලසන ස්වාභාවික වාසස්ථාන විනාශ වී යාමයි. පෘථිවියේ භූමි ප‍්‍රදේශයෙන් 11 ක් දැනටමත් කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා යෙදවී ඇති අතර ලෝකයේ ඇතැම් ප‍්‍රදේශවල භෝග වගාවට යෝග්‍ය ප‍්‍රදේශවලින් බහුතරය දැනටමත් ප‍්‍රයෝජනයට ගෙන අවසන්ය.
මෙයට විකල්ප කි‍්‍රයාමාර්ගයක් වනුයේ දැනට වගාවට යොදා ඇති භූමියෙහි අස්වනු ඉහළ දැමීමයි. මෙය බෝග සංවර්ධනය හා ගොවිපළ කළමනාකරණය තීව‍්‍ර කිරීම හරහා අත්පත් කර ගත හැක්කකි. දැන් අභිජනන අත්හදා බැලීම් බොහොමයක අවධානය යොමු වී ඇත්තේ වඩාත් ඉහළ අස්වනු නෙලා ගැනීමට හැකි භෝග මෙන්ම පළිබෝධ, ලෙඩ රෝග හා අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන වර්ග නිපදවීමේ අරමුණ කෙරෙහියි.

මේ පියවරවල් තුළින් ආහාර පද්ධතිය ස්ථාවර කිරීමට හැකි වුවද, වැඩි වැඩියෙන් ආහාර නිපදවීමෙන් පමණක් ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අභියෝගය ජය ගත හැකි නොවේ. විශේෂයෙන්ම, සංවර්ධිත රටවල දී කෘෂිකර්මාන්තය මෙහෙයවනු ලබන්නේ පාරිභෝගික අභිරුචය මගිනි. මාංශ අනුභවය අඩුකිරීමත් සමගම ආහාර අපතේ යාම අඩුකිරීමට සහ භෝග වගාව සඳහා ඉඩම් නිදහස් කරදීමට මග පෑදෙන හෙයින් මාංශ පරිභෝජනය අඩුකිරීමෙන් ආහාර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව බොහෝ සේ වැඩිකළ හැකිවේ. එපමණක් ද නොව මාංශ පරිභෝජනය අඩුකිරීම සෞඛ්‍ය කෙරෙහි සිදු කරන බලපෑම ද අපගේ අවධානයට යොමු වුය යුතුයි.
මාංශ වර්ගවල ශක්තිය සහ මේදය ඉහළ මට්ටමකින් ඇති අතර බටහිර රටවල ආහාර වට්ටෝරු හරහා පරිභෝජනය වන ප්‍රමාණ නිදන්ගත රෝග සහ ස්ඵුලතාව කෙරෙහි බලපෑම් ඇතිකරයි.
ඉතින්, විකල්ප ප්‍රෝටීන සහ අත්‍යවශ්‍ය පෝෂක ප‍්‍රභවයන් ගැන මුලදී අපට රුචියක් එකවර ඇති නොකරන්න පුළුවන. එහෙත් එවැනි විකල්ප ප්‍රභව ලොව පුරා ආහාර අතර සාමාන්‍ය කොටසකි. අපට සුපුරුදු මස් පෙත්තක් හෝ මාළු පෙත්තක් වෙනුවට ආදේශ කිරීමට එළවළු පාදක ප්‍රෝටීන, ඇල්ගී, ලොඩියන්(jellyfish) හා කෘමීන් විකල්ප වශයෙන් යොදා ගත හැකිවේ. (එකවර පිළිගැනීමට අප අකමැති වුව ද) ලොව පුරා සංස්කෘතින් අතරින් 80%ක් තම සාමාන්‍ය කෑම වේලේ කොටසක් ලෙස කෘමීන් අනුභවයට ගනිති. මේ විකල්පයන්ගේ සන්තෘප්ත මේදය අඩු අතර ප්‍රෝටීන හා පෝෂක අතින් ඉහළය. මේවා නිපදවීම පිණිස වැයවන්නේ වඩාත් අඩු භූමි ප‍්‍රමාණයකි. එමෙන්ම සම්පත්ද අඩු ප‍්‍රමාණයකි.
එහෙයින් කෘමීන් පරිභෝජනය කෙනෙකුගේ සෞඛ්‍යයටද යහපත් වන අතර (වක්‍ර ආකාරයකින් වුව) පෘථිවි ග‍්‍රහයා සුරැකීමටද ඉවහල්වේ.
Cambridge University, Naked Science හී The future of food යන විද්‍යා ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න