ඉන්ධන භාවිතය හා වායු විමෝචනය වැඩිවීම කෙරෙහි බලපාන, නිතර කතා නොවන සාධකයක්

blog_04012013-1

වාහන ගෙන්වීම හා භාවිතය ඉහළයාම, වාහන තදබදය, පොසිල ඉන්ධන භාවිතය වැඩිවීම, කාබන් ඩයොක්සයිඞ් විමෝචන ඉහළ යාම ආදිය අද වාහන ප්‍රවාහනයට අදාළව ඉස්මතු වෙන ප‍්‍රශ්නයි. මාර්ග නීති හා දඩ මුදල් අයකිරීමට මීට අදාළව වර්තමානයේ පැන නැගි මාර්තෘකාවකි. මේ සියල්ල අස්සේ සැඟවී ගිය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට අදාළ වෙනත් කාරණාවක් ගැනයි තතු මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ.

එය, ප‍්‍රධාන නගර කරා පැමිණීමේදී බැලු බැල්මට දැකිය හැකි තරමටම නොවුණත් අපට නොදැනීම මතුවන, එමෙන්ම ඇතැම් අතුරු බලපෑම් ගෙන එන  ප‍්‍රශ්නයකි. වාහන නතර කිරීමට නැතිනම්  වාහන ගාල් කිරීමට ප‍්‍රමාණවත් තරම් පහසුකම් නැති වූ විට නැවැත්වීමට ස්ථානයක් සොයමින් රියදුරන්ට ඇතැම්විට නොනැවතී රවුමේ රවුමේ යෑමට සිදුවීම සුලබ දෙයකි. මෙසේ ගමන් කරන වාහන හේතුවෙන් ඉන්ධන හා වේලාව නාස්තියට අමතරව රියැදුරන් මත අනවශ්‍ය ලෙස දැඩි පීඩනයක් ද  එල්ල කරයි. වාතයට තවත් විමෝචන ද එක්කරයි.

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා සරසවියේ නාගරික සැලූම් මහාචාර්ය ඩොනල්ඞ් ෂවුප් හා ගෝල පිරිස සිදු කළ අධ්‍යයනයන්දී  ලොස් ඇන්ජලීස් හි කාර්ය බහුල වෙස්ට්වුඞ්වල  ස්ථාන සතරක ධාවනය කෙරුණු මෝටර් රථ සිය ගණනක් නිරීක්ෂණයට ලක්විණ. එහිදී හෙළි වූයේ ධාවනයේ යෙදෙන රියදුරන් අතුරෙන් තුනෙන් එක් අයෙකු වාහන නැවැත්වීමට තැනක් සොයමින් වාහන පදවන්නන් බවයි. සැතපුම් භාගයක දුරක් ඇතුළත සාමාන්‍යය ගතහොත් මෙලෙස නැවැත්වීමට තැනක් සොයන රියදුරන් ඒ සඳහා ගත කර ඇත්තේ විනාඩි 3.3ක් පමණක් වුවද වෙස්ට්වුඞ් හි සෑම දිනකම මෝටර් රිය 8000ක් වාහන ගාල් කරන බව සළකන විට සංඛ්‍යාව ඉක්මනින්ම ඉහළ අගයක් ගනීයි.

download

වෙස්ට්වුඞ් ගම්මානයේ අරමුණකින් තොරව රිය ධාවනය කිරීමෙන් වසරක්  පුරා වාහන ධාවන සැතැපුම්(VMT [vehicle miles traveled]) 950,000ක් අතිරේකව නිර්මාණය කෙරේ. ඒ කියන්නේ පෘථිවිය වටා 38 වාරයක චාරිකාවක් නැතිනම් හඳ වෙත ගමන් වාර හතරක දුරක්. මෙලෙස එක් කුඩා ව්‍යාපාරික ප‍්‍රදේශයක සිදුවන මෙම අතිරේක වාහන ධාවන සැතපුම්(VMT) වෙනුවෙන් පෙට‍්‍රල් ගැලූම් 47,000ක් අපතේ යන අතර වාර්ෂිකව කාබන් ඩයොක්සයිඞ් ටොන් 730ක් නිපදවනවා යයි ෂවුප් පෙන්වා දෙයි. අරමුණකින් තොරව රථය නැවැත්වීමට  තැනක් සොයමින් සිදුකෙරෙන මෙවැනි සැරිසැරීම් අවම කරනු වස් මහ නගරබද ජනාකීර්ණ මාර්ගවල රථ නැවැත්වීමේ ගාස්තුව රථ නැවැත්වීම සඳහාම වෙන්වූ රථගාල්වල අයකරන ගාස්තුවට වඩා බෙහෙවින් වැඩිකළ යුතුයයි ඔහු අදහස් කරයි. මේ නන්නත්තාර ‘සැරිසැරීම’ අනෙකුත් රථ ධාවනයද අනවශ්‍ය ලෙස මන්දගාමී කරන බව පෙන්වා දෙනු ලැබේ. මෙහිදී සුබ ආරංචියක් ලෙස දැක්විය හැක්කේ වාණිජ්‍ය මට්ටමේ හෝ පෞද්ගලික රථගාල් වෙත යොමුවීම පහසු කරන බුහුටි ජංගම දුරකථන හෙවත් ස්මාට් ෆෝන් ‘ඇප්’ ගණනාවක්ම(Smartphone interfaces) භාවිතයට පැමිණ තිබීමයි.

වීථිවල නැවැත්වීමට තැන් සොයමින් මෙලෙස සිදුකරන ‘සැරිසැරීම’ සහ ඒ ආශි‍්‍රත ගැටලූවලට විසඳුමක් වනුයේ මහජන ප‍්‍රවාහන සේවා ප‍්‍රයෝජනයට ගැනීම හා වාහනය වෙනත් මගීන්ටද භාවිත කිරීමට ඉඩ සැලසීමයි. කෙනෙකු බස් රථයක හෝ දුම්රියකින් ගමන් කරන්නේ නම් එසේත් නැතිනම් පයින් හෝ පාපැදියකින් ගමන් කරන්නේ නම් වාහනය නැවැත්වීමේ අවශ්‍යතාව මූලිකවම පැන නගින්නේ නැත.

මහා නගර මට්ටමෙන් ගතහොත් යුරෝපයේ විශේෂයෙන් ඈන්ට්වර්ප් සහ සූරිච් නගරවල මේ ගැටලූවලට පිලියමක් ලෙස ගෙන ඇති පියවර ආදර්ශයට ගත හැකිය.  මෙහි එක පියවරක් වන්නේ නගරය තුළ සමස්තයක් වශයෙන් පෞද්ගලික හා වාණිජ්‍ය රථගාල්වල රථ නතර කිරීමේ අවකාශයන් සැලකිය යුතු ලෙස අඩුකිරීමයි. මෙය අතිරේක වාහන ධාවන සැතැපුම් ගණන අඩුකිරීමට තුඩු දී තිබේ. වාහන නතර කිරීමට ඇති හැකියාව අඩු බව මෝටර් ථ හිමියන් දැන ගත් කළ තමන්ගේම වාහනයෙන් නගරයට ඒමට පසුබටවන බවයි මෙහිදී වැදගත් ලෙස සැලකෙන්නේ.

walking-in-the-city

මෙම පියවර ප‍්‍රතිපත්තිමය වෙනසකට මග පෑදුවහොත් එය වාහනය නැවැත්වීමට තැනක් සොයමින් සිදුකෙරෙන නාස්තිකාර සැරිසැරීම මග හැරෙනවා පමණක් නොව ඉන්ධන නාස්තිය කාබන් විමෝචනය අඩුකිරීම සහ කාලය අපතේ යාමද වළක්වා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

EARTHTALK හී  The Perils of Parking: Round & Round We Go යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending