2017 නව වසර උදාවී දින කිහිපයක් දැන් ගතවී අවසන්. ඒත් නව වසර උදාවුයේ මදක් පමාවිද? 2017 වසර උදාවීමේදී 2016 වසර තත්පරයකින් පමාවූ බවක් ජන මාධ්‍යය ඔස්සේ ප‍්‍රචාරය වූ බව බොහෝ දෙනා දනිති. නව වසර උදා වන තුරු සාද පවත්වමින්, ආගමික හෝ වෙනත් වතාවත්වල නියැලෙමින් පුල පුලා බලා සිටි ජනතාවට මේ නිසා තවත් තත්පරයක් ඉවසා සිටින්නට සිදු විය. මෙයට වග කිව යුත්තේ ‘ ඕනෑ එපා හැමදේටම ඇඟිලි ගසන විද්‍යාඥයන්’ යයි සමහරුනට සිතන්නට ඇත. එහෙත් ඇත්තටම ඊට වග කිව යුතු අය අතර මහා සාගර ද ඉන්නා බව දැන ගැනීම අපට පුදුමයට කාරණාවක් විය හැකියි.

නිලට නිලේ මහා දැවැන්ත කිරුගරුඬ ටීක් බෝලයක් බඳු අපේ මේ පෘථිවි ග‍්‍රහයා මත බලපෑම් කරන බොහෝ සාධක ඇති අතර සාගර උදම්(ocean tides) ඉන් එක සාධකයකි. ඇත්ත වශයෙන්ම, පෘථිවියෙහි භ‍්‍රමණය දිනකට මිලි තත්පර දෙක බැගින් ප‍්‍රමාද කරන්නේ මේ වඩදිය බාදිය උදම්ය. (මිලි තත්පරය = තත්ත්පරයකින් දහසකින් පංගුවක්) ”විවිධාකාර වූ නොයෙකුත් සාධක හේතුකොට ගෙන පෘථිවියේ භ‍්‍රමණය බොහෝ විවිධ කාල පරිමාණ අනුව වෙනස් වෙනවා.” නාසා ආයතනයේ භෞතික විද්‍යාඥ රිචඞ් ග්‍රොස් පෙන්වා දෙයි. ‘මූලික වශයෙන් ගතහොත් පෘථිවිය පුරාවට ස්කන්ධයේ පැතිරයාම සැලකිය යුතු ආකාරයකින් වෙනස් කරන ඕනෑම දෙයකට එය සිදු කළ හැකියි.’
වසර දහස් ගණනක් මුළුල්ලේ මිනිසා කාලය මැන්නේ, හිරු උදේට පායා හවසට බැස යාම වැනි තාරකා විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමිනි. එහෙත්, මෙයට වසර 50 කට පෙර ලොව නිල වේලා සටහන්කරුවෝ, වඩාත් ප‍්‍රමිතිගත මිනුමක් කෙරෙහි යොමු වූහ. එක් තනි සීසියම් පරමාණුවක්(atom of cesium) කම්පනය වීමට ගත වන කාලයයි. මේ අනුව. එක තත්පරයක්, කම්පන 9,192, 631,770ක් පමණ වේ.
2016 වසර අවසානයේ සිදු කල වෙනසින් නිල හෝරා යන්ත‍්‍ර වඩාත් නිවැරදි කිරීමට හැකි වුවත් බිහිවූ දා සිටම පෘථිවිය භ‍්‍රමණය වන්නේ කාලය පිළිබඳව මානවයන්ගේ අර්ථ නිරූපණයන්ට අනුව නොවේ. ඉතින්, අපේ විශ්ව හෝරා යන්ත‍්‍ර නිවැරදිව තබා ගනු වස් වේලා සටහන්කරුවෝ සෑම දින 500ක් හෝ සමාන කාලයකට වරක් ඔරලෝසු වේලාවට තත්පරයක් එකතු කරති. මේ වාරයේ එම කටයුත්ත හරියටම වසර අවසානය වන විට, එනම් දෙසැම්බර් 31දාට යෙදී තිබුණ නිසයි 2016 දෙසැම්බර් 31 දා නිල කාල හෝරා යන්ත‍්‍රයට එක තත්පරයක් එකතු කරනු ලැබුවේ.

මේ සංසිද්ධිය පැහැදිලි කරමින්, එක්සත් රාජධානියේ ජාතික පර්යේෂණාගාරයේ(National Physical Laboratory) පර්යේෂකයකු වන පීටර් විබර්ලි මෙසේ පවසයි.
”පෙර කීමට නොහැකි (භාවිකථනය කළ නොහැකි) අන්දමින් වෙනස් වන පෘථිවි භ‍්‍රමණයට වඩා කාලය සටහන් කිරීමේදී පරමාණු ඔරලෝසු මිලියන වාරයක් හොඳයි. පෘථිවි කාලයෙන් සිවිල් කාල පරතරයක් ඇතිවීම වැළැක්වීම සඳහා ‘අධික තත්පර’ (leap seconds)අවශ්‍ය වෙනවා. පැයක වෙනසක් දක්වා ඒකරාශී වීමට වසර දහසක් පමණ ගතවන තරමට මේ පරතරය කුඩා වුණත් එය නිවැරදි නොකළොත් කාලයාගේ ඇවෑමෙන් අවසානයේ හිරු පායන්නනේ මධ්‍යහනය ලෙස ඔරලෝසු දක්වන්න පුළුවන්.”
අධික තත්ත්පරය කුඩා වුවත් එය බරපතළ ප‍්‍රශ්නවලට තුඩු දිය හැකියි. මෑතක වර්ෂවලදී ගුවන් ගමන් සේවා ටිකට් කලින් වෙන්කර ගැනීම, ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය හෙවත් GPS වැනි කාලය පදනම් කරගත් පද්ධති මත ඒවා ගැටලූ ඇති කළේය. එන්ට එන්ටම කුඩා වන කාල ශේෂ මත වැඩිවෙන රඳා පැවැත්මක් ඇති මූල්‍ය පද්ධති හා කොටස් වෙළෙඳ පොළ මත පවා වෙලා යන්ත්‍රයට තත්පරයක් එකතුකිරීම වුවද බලපෑමක් ඇති කළ හැකියි.
‘අධික තත්ත්පරයක් එකතු කිරීමෙන් අපි කරන්නේ අපේ පරමාණු හෝරා යන්ත‍්‍රවලට ගැලපීම සඳහා පෘථිවියට (භ‍්‍රමණයට) ඉඩ හැරීමය’ යනුවෙන් පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නාවුක නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ජෙෆ් ඩිවයර් පවසයි. එසේ වුවද, ඉතා දැඩි අවධානයකින් අප පසුවන්නේ නැතිනම්, මෙකී අතිරේක තත්ත්පරය අපට දැනෙන්නේවත් නැත. ඔව්, 2016 දෙසැම්බර් 31 දා මධ්‍යම රාති‍්‍රයේ දී මේ නව වසර උදාව තත්පරයකින් පවා වූ විට දී මෙනි.
Smithsonian, Smart News හී We Will Have to Endure 2016 One Second Longer Than an Average Year යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න