මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

ඉතාම සරලම ලෙස ගෙන සලකා බැලුවොත්, ඉතිහාසය සමන්විත වන්නේ අතීතය ගැන අප අපටම කියාගන්නා කතාන්තර වලිනුයි. ආදිතම ඓතිහාසික ලේඛන වන්නේ පුරාණ කාලයේ මැද පෙරදිගින් හමුවූ අකාරයේ ඒවා මෙන් රජවරුන්ගේ නමාවලින්ය. මේවා සාමාන්‍යයෙන්,   එම අවස්ථාවේ පාලන බලයේ රැඳී සිටින රාජාධිපතියාගේ පෙළපත හෙවත් පරම්පරාවේ සුල මුල දෙවියෙකු දක්වා දිවෙන බව  දක්වන්නේ පාලනය කිරීමට ඔහුට ඇති දිව්‍යමය අනුදැනීම තහවුරුකිරිමටය. ලෝකයේ පවතින දේවල් එලෙස වුයේ කෙසේද යන්න පැහැදිලි කරමින් එවැනි රාජ පරම්පරා ආශ්‍රිතව පුරාවෘත්ත හා ජනප්‍රවාද මගින් විස්තර කෙරුණා.

images

පසුව, ලේඛකයන් වඩාත් මෑතක අතීතය වාර්තා කිරීම ආරම්භකරත්ම පුරාවෘත්ත හා ජනප්‍රවාද මගින් සිදු කල ආකාරයටම සිය වෘතාන්ත තමුන්ගේ රට, එමෙන්ම එහි සංස්කෘතිය හෝ ආගම ඔසවා තබන අන්දමට නැඹුරු කිරීමට පෙළඹුනා. ඉතිහාසඥයන් සැඟවුණු චේතනා ඇතිව රචනා කිරීම නැවත නැවත ඇතිවෙන හෙවත් පුරාවර්තන  ප්‍රවනතාවක් බවට පත් වී තිබෙනවා.

නිදසුනක් ලෙස දහනවවන සියවසේදී ඉතිහාසඥයන් බොහොමයක් ඉතිහාසය රචනා කළේ තමන්ගේ කාලයට අදාළ තත්ත්වය උත්කෘෂ්ටම   තත්ත්වය බවට පත්කිරීමෙන් කුටප්‍රාප්තවන මානව ප්‍රගතියේ වාර්තාවක් ලෙසයි. මැකවුලේ සාමිවරයා(1800 – 59) වැනි ඇතැම් බ්‍රිතාඥ ඉතිහාසඥයන්ට අනුව  ඉතිහාසය යනු ව්‍යවස්තානුකුල රාජාණ්ඩුවක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ආකර්ෂණිය ගමනකි.

download

ජර්මනිය සලකතොත්, තමන්ද  යටත්ව වසන ප්‍රසියානු පරමවාදී රාජ්‍යයෙන් මුදුන් පත්වන වියුක්ත අදහස්වල නියත දිගහැරීමක් ලෙසයි දාර්ශනිකයෙකු වන G.W.F.  හේගල්  ඉතිහාසය සැලකුවේ. කාල් මාක්ස් ද එවැනිම ප්‍රවේශයක් දැරූව ද  ඔහු ඉතිහාසයේ පරමාර්ථය ලෙස සැලකුවේ  පරිපුර්ණ කොමිනියුස්ට්වාදයයි.

ඉතිහාසය යනු එක්තරා අතිගමි නැත්නම් ප්‍රමුඛ අරමුණක් මුදුන් පමුණුවාගැනීමක් යන්න ප්‍රතික්ෂේප කරන අතර අද දවසේ  ඉතිහාසඥයන් වඩාත් වාස්තවිකව වාර්තා කිරීමක් කෙරෙහි  පෙළඹෙනවා.  එහෙත් ඉතිහාසය සම්බන්ධයෙන් පූර්ණ වාස්තවිකබවක් අත්පත් කර ගත නොහැකියි. කිසියම් කාරනාවක් ඛණ්ඩනය කල නොහැකි බවට තහවුරු වුනත්, ඉතිහාසය සමන්විත වන්නේ  එක්තරා වාර්තාවක් හෝ පැහැදිලිකිරිමක් තුළට ගොනුකළ කාරනාවල තේරිමකිනි. ඉතින්, කුමන කාරනා වැදගත් ද  එමෙන්ම ඒවා අනෙකුත් කරුණු කාරනාවලට කෙසේ සම්බන්ධවේද යන්න තීරණය කිරීම ම ඔහු හෝ අයගේ පෙළන්තියේ, සංස්කෘතියේ සහ ස්ත්‍රිපුරුෂභාවයේ පවා අභීක්ෂාව  අනිවාර්යයෙන්ම හෙළිවෙනවා.

* පසු ගිය සතියේ මිනිස් ස්වභාවය සංකල්ප සාර සංග්‍රහය 9 ලෙස සදහන්වුයේ වැරදීමකිනි. එය සංකල්ප සාර සංග්‍රහය 10 ලෙස නිවැරදි විය යුතුය. ඉතිහාසය සංකල්ප සාර සංග්‍රහය 11 වන්නේ එලෙසයි. වරද ගැන සමාව අයැදිමු.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  History කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending