මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
ස්වර්ගය සහ නිරය — එනම් සදාකාලික ආශීර්වාද ලත් සහ සදාකාලික ශාප ලත් තැන් පිලිබඳ සංකල්ප බොහෝ ආගම්වල දැක ගන්න පුළුවන්. ස්වර්ගය– අප අතර සමහරුනට වඩා හුරු විදිහට කිවොත්, දිව්‍ය ලෝකය කියන්නේ පුණ්‍යවන්තයන් සහ/හෝ වීරවරයන් අනේක වූ සුඛ අනුභව කරමින් හෝ විකල්ප වශයෙන් ගත් කල, කායික පැවැත්මක් හෝ ස්වරුඋපයක් (in-corporeally) රහිතව දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් විරාජමානව සිටින ස්ථානයක්. මේ ලෙසම, නිරය වනාහි භයානක ශාරීරික වධවේදනා සහිත තැනක් හෝ එසේ නොමැතිනම් නිරය යනු දෙවියන් සහ දෙවියන්ගේ ප්‍රේමය අහිමිව යාමේ හෙවත් නොපැවතීම හේතුවෙන් භීතිය සහ නෂ්ටාපෙක්ෂාව හටගන්නා තැනක් විය හැකියි.

ස්වර්ගය සහ නිරය පිලිබඳ අදහස් පිළිඹිබු කරන්නේ දේව නියමයෙන් සාධාරණය ඉටුකෙරෙන ක්‍රමයක් ගැන විශ්වාස කිරීමට මිනිසුන්ට ඇති අසීමිත උවමනාවයි. මේ මිහිතලය මත සාධාරණය ඉටුවීම දුර්ලභ කාරණාවක් යන්න සැලකිල්ලට ගනීද්දී මෙය විශේෂයි. අසත්පුරුෂයෝ මේ භවයේදී සැප වින්දත් ඊළඟ භවයෙහී දී දඩුවම් ලබන්නාහ. එසේම, ගුණ යහපත් ඇත්තන් මෙන්ම සිල්වත් මුදු ගුණ ඇත්තන් මේ භවයේ දුකට පත්ව සිටියත් මරණින් මතු දිවියේදී ඔවුනට සැප සම්පත් භුක්ති විදින්නට අවස්ථාව උදා වන්නට පිළිවන.
කෙසේවතත්, තවත් සමහරු කියා සිටින්නේ (ඵල විපාක වශයෙන් ඇති) මේ සියල්ල, සමාජ සංවිධිතතාව(social order) පවත්වාගෙන යාමේ අරමුණ ඇති එමෙන්ම දැන් ගෙවන දිවියේ දී ම සාධාරණය ඉටුවීමේ(ඵල විපාක ලැබීම) අපේකෂාවෙන් සිටීම වළක්වාලන එක්තරා අන්දමක දුම්කඩතුරාවකට වැඩි යමක් නොවන බවයි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Heaven and Hell කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න