සාමාන්‍ය දේවල් පිටුපස විද්‍යාව

වමත හුරු අය වඩාත් බුද්ධිමත් ද?
Are left-handers smarter?
දකුණත හුරු වී සිටින අයට වඩා (සමාජයේ සුළුතරයක් වන) වමත්කරුවන් වඩාත් බුද්ධිමත්ය යන මතය මිථ්‍යාවකි. ලියනාඩො ඩා වින්චි වැනි නෛසර්ගික ප‍්‍රතිභාවන්තයන්, ධීමතුන් ඉතිහාය තුළ දැකිය හැකි නමුත් එවැන්නන් විශාල රටාවක කොටසක් නොවේ. ඇත්තම සළකතොත් සත්‍යය වන්නේ දකුණත්කරුවන් සාපේක්ෂව බුද්ධියෙන් වැඩි බවයි. පන් ලක්ෂයකට අධික පිරිසක් සම්බන්ධ කර ගනිමින් ඕලන්ද පර්යේෂකයන් පිරිසක් කලින් සිදු කළ අධ්‍යයනයන් එකතු කරමින් පැවැත් වූ පර්යේෂණයකට අනුව හුරු අත සහ වාචික හැකියාව (verbal ability) අතර සම්බන්ධතාවක් නොවූ බවද අවකාශ හැකියාව(spatial ability) අතින් දකුණත්කරුවන්ට මද වාසියක් ඇති බවද සොයා ගත්හ. වඩාත් මෑතක දස දහස් ගණනක ජනතාව පාදක කරගනිමින් සිදු කළ වෙනත් අධ්‍යයනයකින් හෙළි වූයේ ඇත්තටම ඉතා අඩු බුද්ධි ඵලයක් (IQ)සහිත පුද්ගලයන් අතරේ, සාමාන්‍ය බුද්ධි ඵලයක් සහිතව පුද්ගලයන් අතරේට වඩා වමත් කරුවන් බහුල බවයි.

කඹයක ගැට එම කඹය දුර්වල කිරීමට හේතු වන්නේ ඇයි
Why do knots weaken a rope?
කඹයක ආධාරය පතන ඕනෑම අයෙකු කල්පනාකාරී වන, සැලකිලිමත් වන කාරණයක් ඇත. ඒ එම කඹයෙහි ගැට ඇතිවීම වැළැක්වීමයි. ඊට හේතුව වන්නේ එසේ ගැට ඇතිවීමෙන් කඹයේ කැඞීයාමේ ශක්තිය 50% කට වැඩි ප‍්‍රමාණයකින් අඩුවීමයි. මෙයට හේතු කිම? මෙයට හේතුවන්නේ, පිටත පරිධිය නැතිනම් වටප‍්‍රමාණය ඇතුළත ප‍්‍රදේශයට වඩා වැඩි කඹයක වක් වූ ප‍්‍රදේශවල ගැට හට ගැනීමයි. ඇදීම ආදී ආතතියක් ඇති වූ කළ දිගෙහි වෙනස කඹය හරහා ප‍්‍රත්‍යාබලයක් (stress) නිර්මාණය කරන්නේ කඹයේ ශක්තිය අඩුකරමිනි.

වැහි ජලය කොයි අවස්ථාවක හෝ පිරිසිදු ජලය ලෙස වැටේද?
Does rain ever fall as pure water?
නැත. ජලය ඉස්තරම් ද්‍රාවකයකි(solvent). තවද, වැසි ජලයේ නිරන්තරව වායුගෝලයෙන් දිය වූ වායු අඩංගුව පවතියි. දුර ඈත, දුෂණයෙන් තොර ප‍්‍රදේශයක දී පවා වැසි ජලය මඳ වශයෙන් හෝ ආම්ලිකයි. ඊට හේතුව වාතයේ ඇති කාබන් ඩයොක්සයිඞ් ජලය සමග ප‍්‍රතිචාර දක්වමින් කාබනික අම්ලය (carbonic acid) සාදන නිසයි. (එසේ අතර මගදී පමණක් නොව) වැහි බිංදුවක් සෑදෙන අවස්ථාවේ පවා එය තනිකරම පිරිසිදු නොවන්නේ, එක් එක් (වැහි) බිංදුව දුවිලි අංශුවක් හෝ අහසට නැගි බැක්ටීරියාවක් වටා අවක්ෂේප වන නිසයි.

කිඹිසුමක් ගියහම මී පැණි සුවඳක් දැනෙන්නේ ඇයි?
Why do sneezes smell like honey?
බොහෝ දෙනාගේ කිවිසුමක එවැනි මී පැණි සුවඳක් දැනේනේ නැහැ… එහෙත් සැලකිය යුතු සුළුතරයක් තමන්ට කිවිසුමක් ගිය කළ මී පැණි හෝ මල් මකරන්දයේ සුවඳක් දැනෙන බව කියා සිටිති. මේ ඔබ රුධිර ධාරාවෙහි ඇති කීටෝන (ketones) වල සුවඳ විය හැකියි. එසේ නම් එය මධුමේහය (දියවැඩියාව) පිළිබඳ සලකුණක් විය හැකියි. එහෙත් වඩාත්ම හැකියාවක් ඇත්තේ එය ඔබේ නාස් කුහරවල හෝ කන්වල ජීවත්වන බැක්ටිරියා මගින් නිපදවන රසායන මිශ‍්‍රනයක් වීමටයි. ඉතින් ඔබේ කිවිසුමේ එලෙස මීපැණි සුවඳක් එන්නේ නම් ඔබ වාසනාවන්තය. මන්ද සමහරු කිවිසුමක් යවන විට එන්නේ මුඛයේ දුර්ගන්ධයයි.
BBC Knowledge February, 2017 හී Questions & Answers හතරක් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න