මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

“ඔබේ ඇඳුම  මසා ඇත්තේ පට රෙදි (සේද රෙදි) වලිනි”  යන ප්‍රකාශය(කීම),  පරිසිද්ධි (facts) වශයෙන් අනුකුල වේ නම්,  සත්‍යයකි.  එමෙන්ම “ මා ඔබේ ඇඳුමට කැමතිය” යන කියමන ද, එසේ කියා සිටින්නා  හිතාමතා බොරුවක්  නොකියන්නේ නම්, සත්‍යය  විය හැකිය.  මෙහි ප්‍රථම ප්‍රකාශය මුර්තිමත් කරන්නේ වාස්තවික සත්‍යයකි(an objective truth); එහි සැලකිල්ල යොමුවන්නේ බාහිර සංසිද්ධියකට(an ‘object’) වන අතර සත්‍ය හෝ බොරු ලෙස පෙන්විය හැකිය.

දෙවැනි ප්‍රකාශයෙහි අන්තර්ගතවන්නේ ආත්මීය සත්‍යයකි(a subjective truth). එ මගින් ගති ලක්ෂණ පාන්නේ පුද්ගලයෙකුගේ (a ‘subject’) හැඟීම්, මතය හෝ තේරුම්ගන්නා  ආකාරයයි (සංජානනයයි).  එය සත්‍ය හෝ බොරු ලෙස පෙන්විය නොහැකිය.

p03dtg5m

පරම සත්‍යයන් (absolute truth) ඇතැයි සමහර දාර්ශනිකයෝ  ප්‍රකාශ කර සිටිති.  එසේවුවද, අනෙකුත් දාර්ශනිකයන්  කියා සිටින්නේ සත්‍යය සැමවිටම සාපේක්ෂ වන බවයි(සත්‍යය පිළිබඳ ප්‍රයෝගිකප්‍රතිපලවාදය සහ උපකරණියවාදය- Pragmatism and instrumentalism).

සමහරුන් වාද කරන්නේ සත්‍යයන්  කරා පැමිණිය හැක්කේ ප්‍රථම මුලධර්ම මගින් තර්කනයකිරීම(rationalism)  හරහා පමණක් බවයි.  එලෙසම අනෙක් අය විශ්වාස කරන්නේ අනුභුතියෙන් ලබාගන්නා දේවල්(empiricism) පමණක් සත්‍යය වන බවයි. ක්‍රිතයෙහි දිවැසිවරයෙකුම මෙසේ කියා ඇත: “ක්‍රිත වැසියෝ කවදත් බොරුකාරයෝය”.(තීතස් වෙත පාවුලූතුමා යැවූ හසුන – Epistle to Titus, 1: 12–13)

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Truth කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending