ගෝලීය උණුසුම්වීමේ විරාමයක් (pause) නැතහොත් අන්තරයක් (hiatus)ඇත යන අදහස විවිධ අධ්‍යයන මගින් ප‍්‍රතික්ෂේප වී තිබේ. මෙම අදහස ඉදිරිපත් කරන්නන්ගේ තර්කය වන්නේ මෙම සියවසේ මුල් දශකය තුළ ගෝලීය මතුපිට උෂ්ණත්වයන් ඉහළ යාම ඇන හිටි බවයි. මෙම ‘විරාමයට’ පක්ෂව හා විපක්ෂව කෙරෙන කතා බහ 2015 ජූනි මාසය වන තුරු මදක් සංසිදී තිබුණි. එසේ වුයේ. 2015 ජූනි මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපද (ඇ.එ.ජ.) ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (National Oceanic and Atmospheric Administration) Science සඟරාවේ ලිපියක් පළ කරමින් 1900 ගණන් වෙනුවෙන් එම ආයතනය සඳහන් කරන සාගර මතුපිට උෂ්ණත්වයන් මද වශයෙන් සංශෝධනය කරන බව කියා සිටිමත සමගමය. මේ උෂ්ණත්වයන් මැනීමට පදනම් කර ගැනුනේ නැව්වල එන්ජිමෙහි චූෂන කවුළුවලට සවි කෙරුණු සංවේදකය. එම මිනුම් දෝෂ සහිත බව ප‍්‍රකාශ වී තිබේ. ප්‍රතිශෝධිත ක‍්‍රමවේදය අනුව පෙනී යන්නේ ඊට පෙර දශකවලට වඩා 2000 ගණන්වල සාගර මතුපිට උෂ්ණත්වයන් (කලින් වාර්තා කර තිබුණාට වඩා) මදක් ඉහළ බවයි. ඒ කියන්නේ විරාමයක් තිබී නොමැති බවයි.

විරාමයක් ඇති බවට කෙරෙන ප‍්‍රකාශ බොරු කිරීම සඳහා ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය හිතාමතාම ගණන් හිලව් විකෘති කර ඇතැයි (විරාමයන් පිළිබඳ අදහස ඉදිරිපත් කරන) විචාරකයෝ චෝදනා කරති. එම සංවිධානයේ විද්‍යාඥයන් පිළිබඳ කොංග‍්‍රස් මණ්ඩල පරීක්ෂණයකට ටෙක්සාස් හි රිපබ්ලිකන් පක්ෂ නියෝජිත ලමාර් ස්මිත් මුලපිරුවේ එම විද්‍යාඥයන්ගේ ඊමේල්(විද්‍යුත් තැපෑල) පණිවුඩද ඉදිරිපත් කළ යුතු යයි කියා සිටිමිනි.
දැන් ස්වාධීන විද්‍යාඥයෝ ද විවාදයට එක් වී සිටිති. Science Advances නම් සඟරාවෙහි මෙම මස 4 දා පළ වූ අධ්‍යයන වාර්තාවක් අනුව පෙන්නුම් කෙරෙන්නේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය මගින් සිදු කළ ගැලපීම සාධාරණ බවයි. බර්ක්ලේ හි කැලිෆෝනියා සරසවියේ ශෙකේ හවුස්ෆාදර් සහ යෝක් සරසවියේ කෙවින් කවුටන් ප‍්‍රමුඛ කණ්ඩායමක් බෝයා(buoys), චන්ද්‍රිකා සහ රොබෝටික සංවේදක මගින් ලොව පුරා සාගරවලින් ලබා ගත් දළ දත්ත විශ්ලේෂණය කළහ. ඔවුන්ගේ නිගමනය වූයේ මෙයයි: පැරණි ගණනය කිරීමේ ක‍්‍රමවේද අතීතයේ සාගර මතුපිට උෂ්ණත්වයෙන් අධිතක්සේරු කර ඇත; එමෙන්ම, නව ක‍්‍රමවේදය මගින් 2000 ගණන් සඳහා මතුපිට උෂ්ණත්වය අවතක්සේරු කර තිබේ.
දේශපාලනඥයන් විිසින් නොව ස්වාධීන විද්‍යාඥයන් විසින් මෙවැනි පරීක්ෂණ පැවැත්විය යුතු යන අදහස Scientific American’s වෙබ් අඩවියේ ආරාධිත බ්ලොගයකට කරුණු දක්වමින් හවුස්ෆාදර් හා කවූටන් කියා සිටිති. ‘තීරණාත්මක කාරණාව වන්නේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය ඉදිරිපත් කළ ගණන් හිලව් හරිද වැරදි ද යන්න නොවෙයි, ඔවුන් දේශපාලන අරමුනක් වෙනුවෙන් දත්ත මෑනුවේ(ඕනෑ කමින් වෙනස් කළේ ) නැතැයි යන්නය’ යි හවුස්ෆාදර් කියයි.
දේශගුණ විපර්යාස සුදු වලස් පැවැත්මට තර්ජනයක්

මේ අතර දේශගුණික විපර්යාසයන් සුදු(ධ්‍රැව) වලසුන්ගේ පැවැත්මට මූලික තර්ජනයක් යයි (අ.එ.ජ.) මත්ස්‍ය හා වනජීවි සේවාව(U.S. Fish and Wildlife Service) ජනවාරි මුල නිකුත් කළ සංරක්ෂණ කළමනාකරණ සැලැස්මෙහි(conservation management plan) දැක්වේ. සුදු(ධ්‍රැව) වලස් මිනිස් ගැටුම, යැපීම සඳහා ඇලස්කා ස්වදේශිකයන් දඩයමෙහි යෙදීම මෙන්ම තෙල් ඉහිරුම්වලින්(oil spills) ඇති වන බලපෑම අවම කිරීම ගැන ද මේ සැලැස්මෙහි සඳහන් වේ. මුහුදෙහි අයිස් මත ජීවිතය යැපෙන මේ සත්ව විශේෂය ආරක්ෂා කරගැනීමට නම් දේශගුණ විපර්යාස ගැන ගෝලීය මට්ටමෙන් කි‍්‍රයාමාර්ග ගත යුතු බව මේ සැලැස්මෙහි දැක්වේ.
සුදු(ධ්‍රැව) වලසුන් මුහුණපාන අනේක විධ ප‍්‍රශ්න ගැන අවධානය යොමු කරන මේ පිටු 106 කින් සමන්විත සැලැස්මේ සුදු(ධ්‍රැව) වලසුන්ට එල්ලවී ඇති තර්ජන ගැන සංකීර්ණ චිත‍්‍රයක් ඉදිරිපත් කරන අතර ඔවුන් රැක ගැනීම සඳහා සිදු කළ යුතු කාරනා ගැන ද සඳහන් කරයි. ඇ.එ.ජ. ආපදාපන්න විශේෂයන් පිළිබඳ පණත අනුව සුදු(ධ්‍රැව) වලසුන් දැනට ඇතුළත් කර ඇත්තේ තර්ජනයට ලක්වූ( threatened ) විශේෂයන්ගේ ලැයිස්තුවටය. එය ආපදාපන්න(endangered) විශේෂයන්ට වඩා එක් මට්ටමක් පහළිනි.
සංරක්ෂණ කළමනාකරන සැලැස්ම මගින් ඇමරිකා එක්සත් ජනපද සුදු(ධ්‍රැව) වලස් උප ගහණ දෙකක් ගැන විශේෂ සැලකිල්ල යොමු කර ඇතත්, කැනඩාවේ ගි‍්‍රන්ලන්තයේ නෝර්වේ සහ රුසියාවේ සුදු(ධ්‍රැව) වලස් සංරක්ෂණ වැඩ පිළිවෙළවලවල්ටද සහයෝගය දක්වයි. “කෙටිකාලයේදී අපේ සැලකිල්ල යොමු කිරීමට අවශ්‍ය මොනවාද යන්න ගැන මේ සැලැස්ම කරුණු දක්වනවා. එසේම එය ඉතා නිවැරදිව පෙන්වා දී ඇත්තේ සුදු(ධ්‍රැව) වලස් ගහනයන් රැක ගැනීමෙහිලා වඩාත් වැදගත්ම සාධකය වනුයේ දේශගුණ විපර්යාස සංසිඳවීම බවය”යි ලෝක වනජීවී අරමුදලේ ආක්ටික් වැඩසටහන් නිලධාරිනියක වන එලිසබත් කෲගර් පවසයි.
Scientific American හී පලවූ No Pause in Global Warming යන ලිපිය සහ Polar Bear Conservation Plan Calls Climate Change “the Primary Threat” to Their Survival යන ලිපියද ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න