koala-226279_960_720

තුරුලූ කරගෙන සුරතල් කිරීමට සිතෙන කොආලා වලසා

කොආලා නැතහොත් කොවාලා වලසා යනුවෙන් හැඳින්වෙන්නේ තුරුලූ කරගෙන සුරතල් කිරීමට සිතෙන සත්වයෙකි. ඉංගී‍්‍රසියෙන් Koala “bear” අනුව යමින් කොආලා වලසා යයි කීව ද ඌ වලසෙකු නොවේ. ඌ සේපාටිකයෙකු හෙවත් පැසිපොව්වෙකි. මේ මාර්සුපියාලියා වර්ගයේ (marsupial) ක්ෂීරපායී සතා සමීප නෑකම් දක්වන්නේ කැන්ගරු සතුන්ට මිස සැබෑ වළසුන්ට නොවේ.

කොආලා ජීවත් වන්නේ නැගෙනහිර  ඕස්ටේ‍්‍රලියාවෙහිය. මේ සතුන් ඉතා පි‍්‍රය කරන යුකැලිප්ටස් ශාකය එහි බහුලය. ඇත්ත වශයෙන්ම, කොආලා යුකැලිප්ටස් ගසින් බැස ඉවත් වන්නේ කලාතුරකිනි. මොවුන්ගේ තියුණු නඛර (claws) සහ පිළිමල් පා ඇඟිලි ඔවුනට යුකැලිප්ටස් ගස් මතට වී සිටීම පහසු කරවයි. දිවා කාලයේ ඔවුහු කිරා වැටෙමින් අඩ නින්දේ පසුවෙති. ගස් දෙබල හෝ කරු අතරට වී දිනකට පැය 18ක් පමණ දක්වා කාලයක්  මොවුන් ගත කරන්නේ නිදා ගැනීමටය.

නොනිදා ගත කරන විට, විශේෂයෙන්ම රාතී‍්‍ර කාලයේ දී ඔවුහු යුකැලිප්ටස් කොළ පත‍්‍ර ආහාරයට ගනිති. මොවුන් යුකැලිප්ටස් කොළ කෑමට රුසියන්ය. සිය සිරුර හා සලකන විට කොආලා සතෙකු ආහාරයට ගන්නා කොළ ප‍්‍රමාණය විශාලයි. ඔව්, එක් සතෙකු එක් දිනකට කොළ රාත්තල් දෙකාමාරක් පමණ බුදියි. සුලූ ආහාරක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට ඔවුන්ගේ කම්මුල් ඇතුලේ  ඇති පැසිවල ද යුකැලිප්ටස් කොළ සුළු ප‍්‍රමාණයක් රැස් කොට තබා ගනී. කොආලා එතරම් ප‍්‍රමාණයක් ජලය පානය කිරීමට නොගනී. ඔවුන්ගේ ජල අවශ්‍යතා බොහොමයක් සපුරා ගන්නේ මේ කොළවල අඩංගු තෙතමනයෙනි.

යුකැලිප්ටස් පත‍්‍ර දිරවීමට අපහසුය. විෂ සහිතය.  මොවුන්ගේ දීර්ඝ බඩවල් (අතුණුබහන්) සහිත විශේෂ ජීර්ණ පද්ධතිය යුකැලිප්ටස්  පත්‍ර දිරවීමට උපකාර වන අතර ඒවායේ විෂෙන් සිදුවන හානියද වළක්වයි. ඔවුන් යුකැලිප්ටස් කොළ කොපමණ  නම් ප‍්‍රමාණයක් ආහාරයට ගන්නේ ද කියතහොත් (සාමාන්‍යයෙන් මිනිස් අප කැස්සට ගන්නා ටොෆීවලින්ද වහනයවන)  යුකැලිප්ටස් කොලයෙහි කැපී පෙනෙන ගන්ධය මේ සතුන්ගෙන් වහනය වේ.

koala-1651052__340

මෙම  ස්ථුල(තර),  ලොමින් වැසුණු සත්තු 1920 ගණන්වල සහ 1930 ගණන්වල බොහෝ සේ දඩයම් කරනු ලැබූහ. ඉන් කොආලා ගහණය දැඩි සේ පහළ වැටිණ. නැවත හඳුන්වා දෙනු ලැබ, මොවුහු නැවතත් පෙර පුරුදු අඩවියේ වර්ධනය වන්නට පටන් ගෙන තිබේ. එහෙත් ඔවුන්ගේ ගහණය කුඩාය.  විසිරී පවතී. කොආලා සතෙකුට විශාල අවකාශයක් අවශ්‍යය. එක සතෙකුට ගස් සීයක් පමණ  ඕනෑ වේ.  ඕස්ටේ‍්‍රලියාවේ වන පියෙස හැකිලෙන්ට පටන් ගෙන තිබීම හේතුවෙන් මෙය දැන් ගැටලූ මතුකිරීමට තුඩු දෙන්නක් වී ඇත.

220px-mountain_goat_mount_massive

 

වැරදි නමකින් හඳුන්වනු ලබන තවත් සතෙක් – කඳුකර එලූවා!

කඳුකර එළුවා හෙවත් Mountain Goat යනුවෙන් ඉංගී‍්‍රසියෙන් හඳුන්වනු ලබන Oreamnos americanus සැබෑ එළුවෙකු නොවේ. එහෙත් එළුවන්ගේ සමීප නෑදෑයෙකි. එළු-කුරංගයන් (goat-antelopes) ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යය.  නිසැක පා සහිත මේ සතුන් ගේ වාසස්ථාන බොහොමයක් පිහිටා ඇත්තේ උතුරු ඇමරිකාවේ උස්(ඇල්පයින් ) කඳුකර පරිසරයන් තුළය. ඇලස්කාවේ සිට එක්සත් ජනපද දක්වා වූ ප‍්‍රපාතාකාර, භයානක ලෙස බෑවුමැති කඳුකර ප‍්‍රදේශවල මෙම එළුවන් නිරතුරුව සරන්නේ කඳුනැගීමට තමන්ට ඇති හැකියාව, පහළ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ට  හා අනෙකුත් සතුන්ට ප‍්‍රදර්ශනය කරමිනි. කඳුකර එළුවාගේ කුරය පුළුල්ව දෙකට බෙදී ඇත්තේ ඌ ජීවත්වන අනතුරුදායක පරිසරයේදී වඩාත් හොඳින් සමබරතාවයක් ලබා ගත හැකිවන අයුරිනි. පා ඇඟිලි යට ඇති රළු පාකොට්ට කඳුනගින්නන් භාවිත කරන පාවහනක ග‍්‍රහණය ස්වාභාවිකව ඌට සපයයි. යුහුසුළු, කඩිසර  මේ කඳුකර එළුවන් එක පිම්මක දී අඩි 12 කට ආසන්න (මීටර 3.5ක් පමණ) දුරක් පැනීමට සමත්ය.

කඳුකර එළුවාට කැපී පෙනෙන යටි රැවුලක් ඇත. ඔවුන්ගේ දිග, උණුසුම් ලොම් ආවරණය දැඩි සීතලෙන් සහ කඳුකර පීඩාකාරී සුළඟින් ඔවුනට ආරක්ෂාව සපයයි. ඇස් නිලංකාර කරවන ඔවුන්ගේ සුදු පැහැ ලෝම ආවරණය හිමෙන් වැසුණු කඳුකර ප‍්‍රදේශවලිදී ඔවුනට අවට පරිසරයට අනුරූපී ආරක්ෂාවක් සපයයි. එහෙත් මධ්‍යස්ථ ගිම්හාන කාලයේදී ඔවුහු මේ වැස්ම හළති.

158906279

කඳුකර එළුවන්ගේ ගැහැනු සත්තු සිය පැටවුන්ද සමග වසර පුරා රැළට වී ගත කරති. රැළකට සාමාන්‍යයෙන් සත්තු 20 ක් පමණ අයත් වෙති. පිරිමි සතා තනියම හෝ තවත් පිරිමි සතුන් එකෙකු හෝ දෙන්නෙකු සමග කල් අරිති.  පිරිමි ගැහැනු සතුන් දෙපිරිසටම උල්,  අලංකාර අං ඇත. සම්භෝග අවදියේ,  ප‍්‍රතිවාදී සමග ‘හටනේදී’ ප‍්‍රයෝජනයට ගන්නේ මේවාය. වසන්තයේදී ගැහැනු සතා පැටියෙකු (හෝ දෙන්නෙකු) දමයි. දුෂ්කර කඳුකර ප‍්‍රදේශයක් වුව ද මොහොතකින්  එම පැටියා පයින් ගමන් කිරීමට පටන් ගනියි. කඳුකර එළුවන් ආහාරයට ගන්නේ ශාක. තෘණ, වනස්ස හා අනෙකුත් ඇල්පයින් කඳුකර වෘක්ෂලතාදියයි.

National Geographic හී පළවූ  About The Koala  සහ  Mountain Goat ලිපි ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending