ගැබ් ගෙල පිළිකාව නිසා සිදුවන මරණ සහ වාර්ගික විෂමතා අතීත අධ්‍යයන වලදී බෙහෙවින් අවතක්සේරු කර ඇත
කාන්තාවන් සෑම ලක්ෂයකටම (100,000) 15 දෙනෙක් පමණ ගැබ්ගෙල පිළිකාවෙන් (cervical cancer) මිය යති. මෙයින් 10.1 ක්ම කළු ජාතිකයන් වන අතර 4.7 ක් සුදු ජාතික කාන්තාවන්ය. මෙකී අළුත්ම සංඛ්‍යාව කලින් සිදුකළ ඇස්තමේන්තවලට වඩා බෙහෙවින් වෙනස් වන්නේ වී නමුත් එසේ වෙනස් වන්නේ මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් නිසා නොවේ. එය සිදුවන්නේ ගැබ්ගෙල පිළිකා අවදානම විද්‍යාඥයන් ගණන් බලන ආකාරයේ වෙනසක් සිදු කිරීමේ හේතුවෙනි.
මෙම අධ්‍යයනය Cancer සඟරාවෙහි පළවිය. ගැබ්ගෙල පිළිකාව හේතුකොට ගෙන සිදුවන මරණ ගණන් බැලීමේ පැරණි ක‍්‍රමය එමගින් ප‍්‍රශ්නයට ලක් කරනු ලබයි. බොහෝ අධ්‍යයන මියයාමට ඇති අවදානම සොයා බැලීම පිණිස උපයෝගී කර ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ (ඇ.එ.ජ.) රෝග පාලනය හා වැළක්වීම සඳහා වූ මධ්‍යස්ථාෙයහි, (Centre for Disease Control and Prevention හෙවත් CDD) ජාතික සෞඛ්‍ය සංඛ්‍යා ලේඛන සංවිධානයේ දත්තය. එහිදී ගණන් බලන්නේ අවදානමට ලක්වන ජනගහනයට සාපේක්ෂව ගැබ්ගෙළ පිළිකාවෙන් මිය යන්නන්ගේ ගණනයි. එහෙත් මෙයට කලින්, ජරායු විච්ෙඡ්දන (hysterectomy) සිදු කළ කාන්තාවන් ද ඇතුල් කිරීමට පර්යේෂකයෝ පියවර ගත්හ. ජරායු විච්ෙඡ්දනයේ දී ගර්භාෂය (සහ බොහෝ විට ගැබ් ගෙළ ද) ඉවත් කරනු ලැබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ගැබ් ගෙලක් නොමැති කාන්තාවන් ද මර්ත්‍යතා ගණන් කිරීමේ දී ඇතුළත් කරනු ලැබීය. මේ හේතුවෙන් සංඛ්‍යා ලේඛන සැලකිය යුතු ලෙස විකෘති විය.

ජරායුවිච්ෙඡ්දන සිදු කළ කාන්තාවන් දත්ත වලින් ඉවත් කළ විට ගැබ්ගෙළ පිළිකාව සිදුවන මරණ සංඛ්‍යාව කළු ජාතික කාන්තාව උදෙසා දෙගුණ විය. ඒ, සෑම ලක්ෂයකටම කාන්තාවන් 5.7 සිට 10.1 දක්වා ඉහළ යාමෙනි. සුදු ජාතික කාන්තාවන් සම්බන්ධයෙන් ද සංඛ්‍යා ඉහළ ගිය නමුත් ඒ ප‍්‍රබල ආකාරයකට නොවේ. ලක්ෂයකට 3.2 සිට 4.7 දක්වාය. ‘කලින් පැවති විදිහට මර්ත්‍යතා විෂමතාව වාර්ගික කොටස් දෙක අතර සියයට 44 කින් අවතක්සේරු කර තිබුණා’ යයි පර්යේෂකයෝ සඳහන් කරති. තවද, ඇතැම් කාන්තා කාණ්ඩ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම වයස්ගත කළු ජාතික කාන්තාවන් අතරේ පිළිකා අනුපාතයේ වර්ධනය 125% තරම් ඉහළ අගයක් ගත්තේය. j
සෞඛ්‍යය හා සෞඛ්‍ය සත්කාරය ගත් කළ ජාතීන් හා ජනවාර්ගික වශයෙන් විෂමතාවන් පවතින බව ප‍්‍රකට කරුණක් වුවත් මෙකී නවතම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම විෂමතා කලින් විශ්වාස කලාට වඩා විශාල බවයි. අළුතෙන් සැකසූ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ගැබ්ගෙළ පිළිකාව වඩාත් මාරක වනවා පමණක් නොව ගැබ්ගෙළ පිළිකා අවදානම් සම්බන්ධ ගෝලීය සන්දර්භය ද ඒවා මගින් වෙනස් කරන බවයි. නව සංඛ්‍යාලේඛන ඇස්තමේන්තු පදනම් කරගෙන සළකන විට ගැබ්ගෙළ පිළිකාව සහිත කළු ජාතික ඇමරිකානු කාන්තාවන් අතරේ මර්ත්‍යාතා අනුපාත අප‍්‍රිකාවේ, ආසියාවේ, ලතින් ඇමරිකාවේ, කැරීබියානු කලාපයේ සහ උපසහරානු(sub-Saharan Africa ) ප‍්‍රදේශවල පවා අනුපාතයන් හා සම මට්ටමක පවතී.

මෙම විෂමතා මග හැර කාන්තාවන් ගැබ්ගෙළ පිළිකාවෙන් මියායාම වළක්වාලීමට ගත යුතු හොඳම ක‍්‍රියාමාර්ගය කුමක් ද? මෙහිදී ප‍්‍රමුඛ වන්නේ පැප් ආලේප පිරික්සුම (Pap smears) වැනි චර්යාගත රටාවක පිරික්සීම් මගින් රෝගය කලින්ම හඳුනා ගැනීමට ක‍්‍රියා කිරීමයි. (වෙනත් පිළිකා මෙන්ම) ගැබ්ගෙළ පිළිකාව කළින්ම හඳුනාගෙන රෝග නිර්ණය කිරීම රෝගයට වඩා ඵලදායි ලෙස ප‍්‍රතිකාර කිරීමට මග පාදයි. පැප් ආලේප පිරික්සුම් සහ HPV වැක්සීනය භාවිතා කිරීම තුළින් ගැබ්ගෙළ පිළිකා වලින් සියයට 93 ක් වළක්වා ගත හැකි යයි ඇ.එ.ජ. රෝග පාලනය හා වැළක්වීම සඳහා වූ මධ්‍යස්ථානය ඇස්තමේන්තු කරයි.
කාන්තාවන් ගැබ්ගෙළ ඉවත් කිරීමේ සැත්කමකට භාජනය නොවී ගැබ්ගෙළ තබාගෙන සිටින තාක් ඔවුන් දිගටම පිරික්සුම් කළ යුතු බවයි පර්යේෂකයන් යෝජනා කරන්නේ. එහෙත් මේ මතය වර්තමානයේ ප‍්‍රචලිත මාර්ගෝපදේශවලට පටහැනිය. එම මාර්ගෝපදේශවලින් කියැවෙන්නේ පසුගිය දශකයක කාලය තුළ පැප් ආලේප පරීක්ෂාවන් දෙකක හෝ තුනක ප‍්‍රතිඵලය සෘණ නම් දිගටම පරීක්ෂා කිරීමෙන් ඒ අයට වැළකී සිටිය හැකි බවයි. එහෙත් මේ අළුත්ම අධ්‍යයනයෙන් හෙළිි වී ඇත්තේ වයස අවුරුදු 65 හෝ වැඩි කාන්තාවන් ඉහළ අවදානමට ලක්වන බවයි. එය අනාගත මාර්ගෝපදේශවල බලපෑමක් ඇති කළ හැකිවේ.
පිවිසුම් මගත් සෑම වාර්ගික කාන්තාවන්ටම ගැටළු ඇති කරයි. ඇ.එ.ජ. රෝග පාලනය හා වැළක්වීම සඳහා වූ මධ්‍යස්ථානය මෑතක නිකුත් කළ පර්යේෂණයක ලූහුඩු වාර්තාවකින් දක්වන්නේ පිරික්සුම් සඳහා ඉදිරිපත් වීමෙන් කාන්තාවන් වලක්වන්නේ මූල්‍ය හෝ රක්ෂණ ප‍්‍රශ්න පමණක් නොවන බවයි. වයස මෙන්ම සෞඛ්‍යමය සාක්ෂරතාවයේ සිට ඉරණම්වාදී හෙවත් දෛවවාදී විශ්වාසයන් දක්වා සාධක ගණනාවක් ඊට බලපායි. මේ අතර හේතුව කුමක් හෝ වේවා ගැබ්ගෙළ පිළිකා පරීක්ෂාවන්ට ලක් නොවන කාන්තාවෝ හෘදයාබාධ, දියවැඩියාව ඇතුළු තවත් සෞඛ්‍ය ප‍්‍රශ්න පවා ගැන වාර්තා කරන බව හෙළිවෙයි. ‘මෙය වළක්වා ගත හැකි රෝගයක්. ඒ නිසා එයින් මරණයට පත්වනවා තබා එයට යොමු වෙන්න පවා ඕන නැහැ’ යයි නව අධ්‍යයනයේ ප‍්‍රධානී ඈන් එෆ්.රොසිටිච් පවසයි.
Smithsonian Smart News හී පළ වූ More Women Die of Cervical Cancer than Previously Thought යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න