පෘථිවියෙහි තෙල් සැපයුම අහවර වූ පසුව අපඅපේ වාහන බලගන්වන්නේ කෙලෙස ද?

වාර්තා දක්වන අන්දමට දැනට අපේ මාර්ග වල දිවෙන වාහන සංඛ්‍යාව බිලියන – ඔව් බිලියන 1.2 කි. මේ සංඛ්‍යාව නිරතුරුව ඉහළ යමින් පවතී. ක‍්‍රි:ව: 2035 වන විට මේ සංඛ්‍යාව  බිලියන 2 දක්වා ඉහළ යතැයි අපේක්ෂිතයි. සම්ප‍්‍රදායානුකූල ඉන්ධන සැපයුම හිඳී යද්දී, ඉන්ධන මිළ ගණන් ඉහළ යත්ම අපට විකල්ප ඉන්ධන වර්ග සොයා ගැනීම මග හැරිය නොහැකි අවශ්‍යතාවක් බවට පත්වේ.

මේ සම්බන්ධයෙන් නොයෙකුත් විකල්ප ඉන්ධන ගැන (දැන් කලක සිටම)  කෙරෙන සොයා බැලීම් හා අත්හදා බැලීම් ගැන අපට අසන්නට ලැබී ඇත. එහෙත්, සමස්තයක් වශයෙන් ගත් කළ මානව වර්ගයාගේ අවශ්‍යතාවයන්ගෙන් වැඩි කොටස දැරිය හැකි නව ඉන්ධන විශේෂයක ඉදිරි පිම්මක්(breakthrough) ගැන තවමත් වාර්තා වී නැත. සූර්ය බලශක්තිය, ජීව ඉන්ධන(biofuels), සුළං බල සහ එතනෝල් යෝජිත විකල්ප ඉන්ධන අතර වේ. එහෙත්, පෙට‍්‍රල් සහ ඞීසල් වෙනුවට ආදේශ කළ හැකි වඩාත්ම සාධ්‍ය විකල්පය ලෙස හුවා දැක්වෙන්නේ හයිඩ‍්‍රජන්ය.

untitled-04

විශ්වයෙහි වඩාත්ම බහුලව ඇති මූල ද්‍රව්‍ය වනුයේ හයිඩ‍්‍රජන්ය. එය දහනය කිරීමේ දී නිපදවෙන්නේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ජලය සහ තාපය වන  හෙයින්,  හයිඩ‍්‍රජන් පරිසර හිතාකාමීය. එහෙත් හයිඩ‍්‍රජන් භාවිතයට ගැනීමේ දී ප‍්‍රධාන ගැටළුවක් මතුවේ. එය ඉන්ධනයක් ලෙස භාවිතයට ගත හැකි ස්වරූපයකට ගෙන ඒම සඳහා (ඛනිජ තෙල් හෝ ස්වභාවික වායු මෙන් නොව) තවත් ශක්ති ස්වරූපයක් යොදා ගත යුතුවේ. තවද, හයිඩ‍්‍රජන් ගබඩා කිරීම පහසු නැති අතර ඉන්ධන පිරවුම් හල් මාර්ගයෙන් ඒවා බෙදා හැරීම සඳහා අවශ්‍ය  අධෝ ව්‍යුහය ද වර්තමානයේ දක්නට නැත. හයිඩ‍්‍රජන් ඇත්තටම බලාපොරොත්තු තැබිය හැකි ඉන්ධන ප‍්‍රභවයකි. එහෙත් පෙර කී ගැටළු නොවිසඳෙන තාක් කල් හයිඩ‍්‍රජන් ඉන්ධනයක් ලෙස භාවිතය අතිශය ලෙස සීමා වෙනු ඇත.

තවත් ජනප‍්‍රිය විකල්පයක් විය හැක්කේ විදුලි බලයෙන් ක‍්‍රියා කරන වාහන හෙවත් විදුලිබල වාහනයි (electric vehicles). එම රථවල,  මෝටර  බලගැන්වීම සඳහා සම්ප‍්‍රදායානුකූල අභ්‍යන්තර දහන ඇන්ජිම(combustion engines) වෙනුවට යොදා ගැනෙන්නේ පුනරාරෝපානය කල හැකි  කෝෂ හෙවත් බැටරිය(rechargeable batteries).  සම්ප‍්‍රදායානුකූල ඉන්ධනයෙන් බල ගැන්වෙන වාහනවලට සමාන මිලකට ක‍්‍රි:ව: 2020 වන විට විදුලිබල වාහන වල මිලද නියම වෙතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. මෙම කාරණාව, විදුලි බලය නිපදවීමේ නව ක‍්‍රම ගැන සොයා බැලීම පිණිස ලොව පුරා සිටින විද්‍යාඥයන් පෙළඹවීමට සමත් වී තිබේ.

fuel-storage

ඉන් එක් විකල්පයක් වන්නේ, වානිජ පරමාර්ථ තකා ප‍්‍රභාසංස්ලේෂණය  (photosynthesis)  අනුකරණය කිරීමයි. ප‍්‍රභාසංස්ලේෂණය යනු ශාක සහ අනෙකුත් ජීවීන් සූර්යාලෝකය ශක්තිය බවට හැරවීම පිණිස යොදාගන්නා  ක‍්‍රියාදාමයයි. මෑතක පර්යේෂණ වලින් මතු වූ ඉදිරි පිමි(breakthroughs) වලින් කියැවෙන්නේ මේ රසායනික ක්‍රියාදාමය  යථාතථ්‍යව පර්යේෂණාගාර  තුල ප‍්‍රතිචලනය(replicate) කළ හැකි බවයි. එය, ගබඩා කළ හැකි සූර්ය ඉන්ධන නිර්මාණයට මග පාදනු ඇත.

කෙසේ වෙතත්, යථාර්ථවාදීව සළකන කල, ඉදිරියට එන දශක වල දී ද භාවිතයට ගනු ඇත්තේ අප මෙපමණ කාලයක් මුළුල්ලේ විශ්වාසය තබා සිටි ඉන්ධනමය. එහෙත් බලාපොරොත්තුව හෙවත්  අපේක්ෂාව වන්නේ එම ඉන්ධන මත යැපීම අපට අඩු කර ගත හැකි වෙනු ඇත යන්නයි. ශත වර්ෂයකින් වැඩි කොටසක් අප වැය කර ඇත්තේ ඛනිජ තෙල් වටා  ගෝලීය ආර්ථිකයක් ගොඩ නැංවීමටය. ඉතින්, එම තත්ත්වය වෙනස්වීමටත් දිගු කාලයක් ගත වෙනු ඇත. කෙසේ වෙතත්, මේ ගැටළුවෙහි පරිමාව කොපමණ ද යත්, ෆොසිල ඉන්ධන වෙනුවට ආදේශ කළ හැකි, පරිසර හිතකාමී විකල්පයන් වැඩි දියුණු කිරීම පිණිස ගෝලීය වශයෙන් පරිශ්‍රමයක් ඇත.

(මිට අදාළ තවත් ලිපි දෙකක් ඉදිරියේදී තතු මගින්)

 How It Works(Future Publishing Ltd) Bookzine series WORLD OF TOMORROW 2017 හි පළව ඇති Fuel of the future නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending