එකිනෙකට බොහෝ දුරින් සම්බන්ධ ශාක,  මස් අනුභවය සඳහා වූ සිය හැකියාවන් අත්පත් කරගෙන ඇත්තේ සමාන ජානමය වෙනස්කම් තුළිනි.

ඔස්ටේ‍්‍රලියානු බාඳුරා ශාකයෙහි තිබෙන මුඛයක් බඳු පත‍්‍රයක වැසීමට තරම් අවාසනාවන්ත වන කෘමියෙකුට අත් වන්නේ මහා භයානක ඉරණමකි. එම ශාකයේ කෙන්ඩියක් හෝ කොතලයක් බඳු කොටසට ගොදුර ඇද ගනු ලබන අතර ‘කොතලය’ තුළ ඇති විශේෂිත එන්සයිම කොක්ටේලය (මිශ‍්‍රනය) ගොදුර ජීරණය කරයි.

පර්යේෂකයෝ  බාඳුරා ශාකයේ ජිනෝමය අධ්‍යයනයට ලක් කර කෘමීන් ජීරණය කරන එහි දියර හෝ තරල වෙනත් මාංශ භක්ෂක ශාකවල එවන් තරල හා සංසන්දනය කළහ.  එහි දී ඔවුනට හෙළි වූයේ ලොව පුරා මාංශ භක්ෂක ශාක, වසර මිලියන ගණනාවක පරිණාමය තුළ බොහෝ දුරස්ථ වී ඇති නමුත් ඒවායේ ඇත්තේ (කෘමීන් ජීරණයට මග පාදන) එකම මාරන්තික අණුක සංයෝග වට්ටෝරුව බවයි.

’අපි මේ දකින්නේ අභිසාරී(convergent) පරිණාමය පිළිබඳ කැපී පෙනෙන අවස්ථාවක් ’ නිව්යෝක් හි  බෆලෝ  විශ්ව විද්‍යාලයේ ශාක ජිනෝම විද්‍යාඥ වික්ටර් ඇල්බට් කියා සිටියි. මේ අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ ඇල්බට් විසිනි. අධ්‍යයන වාර්තාව පෙබරවාරි 6 දා Nature Ecology and Evolution  සඟරාවේ පළ වී ඇත.

512px-digested_fly

සපුෂ්පක ශාක පවුල හෙවත් කුලය පුරාවට  මාංශ භක්ෂක ශාක හටගනී. නිරිත දිග ඔස්ටේ‍්‍රලියාවේ වෙරළබඩ තීරයකට දේශීය වූ ඔස්ටේ‍්‍රලියානු බාඳුරා ශාකය(Cephalotus follicularis) අග්නිදිග ආසියාවේ සහ ඇමරිකා   මහද්වීපයන්හි දක්නට ලැබෙන  අනෙකුත් බාඳුරා විශේෂවලට වඩා star fruit (Averrhoa carambola)  නම් විශේෂයට සමීප නෑකමක් දක්වයි. මෙයින් හැඟෙන්නේ මාංශ භක්ෂකත්වය නැවත නැවතත් පරිණාමය වී ඇති බවයි. ශාක තුල මෙසේ සිදුවන්නට ඇත්තේ ඒවා වැවෙන පෝෂක හීන පසෙහි තත්ත්වයන්ට මුහුණ දීමට විය හැකියි. ‘මේ ශාක උත්සාහ කරන්නේ, සිය ගොදුරෙන් නයිට‍්‍රජන් හා පොස්පරස් උකහා ගන්නයි.’

ඕස්ටේ‍්‍රලියානු බාඳුරා ශාකය, දත් විදහා හිනැහෙන මුවක් බඳු මාරක ‘කොතල’ ස්වරූප පත‍්‍ර මෙන්ම පැතලි පත‍්‍ර නිර්මාණය කරයි. එම විශේෂ වල ජිනෝම අනුක‍්‍රමණය කිරීමෙන් පසුව, කොතල ස්වරූපයේ පත‍්‍ර සහ මාංශ භක්ෂක නොවන පත‍්‍ර අතර, වෙනස් ආකාරයට ක‍්‍රියාකාරී වන ජාන හඳුනාගන්නට ඇල්බට්ගේ කණ්ඩායමට හැකි විය.

මාරක ජාන වට්ටෝරුව

අභිසාරී පරිණාමය අණුක මට්ටම දක්වා සිදුවන්නේ කෙලෙස ද යන්න නව අධ්‍යයනය මගින් ප‍්‍රදර්ශනය කරනු ලබන  හෙයින් එම  අධ්‍යයනය  වැදගත් වන බව මැසචුසෙට්ස්, පීටර්ෂෑම් හි Harvard Forest වල පරිසර විද්‍යාඥයෙකු වන  ඒරන් එලිසන් ප‍්‍රකාශ කරයි. ජාන අතර කෘමීන්,  තම මරණයට කැඳවන මකරන්දය නිපදවීමට ආධාර විය හැකි පිෂ්ටය සහ සීනි සෑදීමට සම්බන්ධ ජානද එමෙන්ම කොතලයෙන් ගොදුරට පැන යාම අසීරු කරවන ඉටි වැනි ද්‍රව්‍යය කේතනය  කරන ජාන ද වේ.

බාඳුරා කොතලය සිය ගොදුරු ගිල දමන්නේ කෙසේ දැයි තීරණය කරනු වස් පර්යේෂකයෝ Cephalotus වල සහ අනෙකුත් සම්බන්ධයක් නොමැති මාංශ භක්ෂක ශාකවල ජීර්ණ කොක්ටේල් මිශ‍්‍රනය පිරික්සා බැලූ අතර ස්කන්ධ වර්ණාවලිමිතියක් (spectrometry) යොදා ගනිමින් සම්පූර්ණ වශයෙන් ප්‍රෝටීන 35 ක් හඳුනා ගත්හ. මේ ප්‍රෝටීන බොහොමයක්ම,  ව්‍යාධිජනක (pathogens) ඈත් කර තැබීම පිණිස අනෙකුත් සපුෂ්ප ශාක යොදා ගන්නා ඒවාට සම්බන්ධය. නිදසුනක් ලෙස ශාක දිලීර වලින් ආරක්ෂාව සඳහා කයිටින්(chitin) බහුඅවයවකය බිඳ දැමීමට  එන්සයිම නිපදවයි. එහෙත් ඇල්බට් සැක කරන්නේ,  ඕස්ටේ‍්‍රලියානු බාඳුරා සහ අනෙකුත් මාංශ භක්ෂක ශාක කෘමීන්ගේ (කයිටින් වලින්ම නිර්මාණය වී ඇති) පිටසැකිලි(exoskeletons) ජීර්ණය කර ගැනීමේ   වෙනත් කාර්යය පවරා  එන්සයිමය භාවිතා කරන බවයි.

බාඳුරා ශාක විශේෂයන් ඇතුළුව දුරින් නෑකම් දක්වන මාංශ භක්ෂක ශාකවල ජීර්ණ තරල ප්‍රෝටීන සෑදීමට යොදා ගන්නා ජාන වලට පොදු පරිණාමීය සම්භවයක් තිබෙන බව නව අධ්‍යයනයේ දී ඇල්බට් ඇතුළු කණ්ඩායමට පෙනී ගියේය. එපමණක් නොව, විවිධ විශේෂ තුළ එක සමාන ආකාරයෙන් ඔවුන්  කේත ගත කරන එන්සයිමවල ස්වරූපය වෙනස් කිරීමට හැකිවන අයුරින් මෙකී සමහර ජාන ස්වාධීනව පරිණාමය වී ඇත. පර්යේෂකයන්ට තවමත් ඔප්පු කිරීමට සාක්ෂි නැතත්, ඔවුන් අදහස් කරන්නේ ජීර්ණ තරලයෙහි ඒවා එක්ව තිබෙන විට මෙකී ජාන විකෘතීන් එන්සයිම ස්ථාවර කිරීමට උපකාරී වන බවයි.

150126-ziegler-pitchers-07

කෘමීන් අනුභව කිරීමට හැකියාව වර්ධනය කර ගත්තද මුලින්ම ඔවුන් හසු කර ගැනීමේ  හැකියාව ශාකයට නොමැති නම් එම හැකියාවෙන් වැඩක් නොවේ. මෙහිදී පරිණාමය විවිධාකාර පිළියම් සපයා ඇති බව ඇල්බට් පෙන්වා දෙයි. Venus fly-traps ශාක සිය ගොදුරු හසු කර ගැනීමට  මැසි උගුල් යොදා යොදා ගන්නා අතර bladderworts සිය ගොදුර අක‍්‍රිය කිරීමට ඉතා කුඩා චූෂණ කෝප්ප යොදා ගනී. 1875 දී චාල්ස් ඩාවින් Insectivorous Plants( කෘමිභක්ෂක ශාක) යනුවෙන් පළ කල පොතෙහි sundews කෘමීන් තම පත‍්‍රවලට හසු කර ගැනීම  පිණිස යොදා ගන්නා  ග‍්‍රාහිකා ඇඳ තිබුණි. ‘‘ඩාවින් මාංශ භක්ෂක ශාක ගැන පොතක් ම ලිව්ව එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ’’ ඇල්බට් කියා සිටියි.

Scientific American හි How Plants Evolved into Carnivores යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending