මත්පැන් වල මද්‍යසාරය ප‍්‍රමාණය අඩු කළ විට ඒවා පානය කරන්නන්ට (සැර අඩු බව) තේරුමක් නැති වුණත් ඉන් සෞඛ්‍යයට හා පුද්ගල ආරක්ෂාවට විශාල සෙතක් සැලසෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
බියර සහ අනෙකුත් මැත්පැන් වල අඩංගු මද්‍යසාර ප‍්‍රමාණය පහත හෙළීම සුරාපානයෙන් සිදුවන අයහපත් ප‍්‍රතිඵල අඩු කිරීමට හේතු විය හැකි යයි පර්යේෂකයෝ පවසති. ලොව පුරා සැලකිය යුතු මට්ටමින් ශාරීරික දුබලතාවයන්ට හා මරණවලට මද්‍යසාරය හේතු වෙයි. වයස අවුරුදු 20 ත් 39 ත් අතර පුද්ගලයන් අතරේ සිදුවන මරණ හතරෙන් එකක්ම පමණ මද්‍යසාරයට සම්බන්ධ ඒවා යයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි.
‘‘මෙතැනදී අදහස් කෙරෙන්නේ (මත්පැනෙහි) අඩංගු මද්‍යසාරය සුළු ප‍්‍රමාණයකින් අඩු කළ විට — අපි කියමු සියයට 6 ක් මද්‍යසාරය අඩංගු බියර වල එම ප‍්‍රමාණය සියයට 4 ක් කරා කියලා — මත්පැන් බොන්නා වෙනදා බොන ප‍්‍රමාණයම පානය කළත් සමස්තයක් වශයෙන් ශරීරය ඇතුළට යන මද්‍යසාර ප‍්‍රමාණය අඩුවෙනවා කියන එකයි.’’ පර්යේෂක ජර්ගන් රෙම් පවසයි. රෙම්, ටොරොන්ටෝවේ පිහිටි ඇබ්බැහිවීමේ හා මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මානසික සෞඛ්‍ය ප‍්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයාය.
අඩු මට්ටමක එතනෝල් තිබීම – මද්‍යසාරී පානයන්ගේ අන්තර්ගත හානිකරම ද්‍රව්‍යය එතනෝල්ය – මත්පැන් බොන්නන්ගේ රුධිර මද්‍යසාර මට්ටම පහළ දැමීමට මග පාදන්නේ යයි රෙම් සහ ඔහුගේ පර්යේෂණ සගයෝ නිගමනය කරති. අනතුරුවලට භාජනය වීමේ සහ තුවාල සිදුවීමේ ක්ෂණික අවදානම එමගින් අඩුවේ. එපමණක් නොවල අක්මා සිරෝසියාව හා පිළිකාව වැනි කාලයාගේ ඇවෑමෙන් වර්ධනය වන මද්‍යසාර සම්බන්ධ රෝග වර්ධනය වීමේ අවදානම ද අඩුවෙයි.

එහෙත්, මෙහිදී අනුමානයක් ඇතිවන්නේ මත්පැන් බොන්නා අඩංගු මද්‍යසසාර ප‍්‍රමාණය අඩු බව පෙනී ගොස් ඊට සරිලන පරිදි වැඩි ‘සැරක්’ සහිත වෙනත් නිෂ්පාදනයකට යොමු වන්නට හෝ සැර බාල කල නිෂ්පාදනයෙන්ම වැඩි ප‍්‍රමාණයක් පානය කිරීමට පෙළඹේ ද යන්න ගැනයි. ‘ඒත් පාරිභෝගිකයන්ට ‘සැර’ ප‍්‍රමාණය වෙනස් බීම දෙකක් අතරේ වෙනස හඳුනාගැනීමට අපහසු බව අපට අත්දැකීමෙන් කියන්න පුළුවන්. යයි රෙම් ඇබ්බැහිවීමේ හා මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි. පර්යේෂණ වාර්තාව The Lancet Gastroenterology & Hepatology සඟරාවේ පළවිණ.
ඔස්ටේ‍්‍රලියාවේ එක්තරා ප්‍රදේශයක එතනෝල් සියයට තුනකට වැඩි මත්පැන් සඳහා බද්දක් පැන වූ විට ‘සැර’ අඩු බීර වැඩියෙන් ලබා ගැනීමට මග පැදිනයි පර්යේෂකයෝ කියති. බදු ඉහළ දමනවාට, අලෙවිය සීමා කිරීම් වලට ලක් කරනවාට සහ පාරිභෝගිකයන් මත්පැන් ලබා ගැනීම සීමා කිරීම් පනවනවාට වඩා ඒවෙනුවට මද්‍යසාර අඩු බීම වෙළඳ පොලට නිකුත්කිරීම සඳහා සහාය පළ කිරීමට මත්පැන් නිෂ්පාදකයන් කැමැත්ත පළ කිරීමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති. ‘මේ යෝජනාව සුවිශේෂ තත්ත්වයක් මතු කරනවා. මද්‍යසාරය පානය (මුළුමනින්ම) අඩු කරමින් මහජන සෞඛ්‍ය ගැන දක්වන සැලකිල්ලත් මද්‍යසාර කර්මාන්තයේ අරමුණුත් අතර ගැටීමක් ඇති නොවීම එම තත්ත්වයයි.’ රෙම් ප‍්‍රකාශ කරයි.
බීර නිෂ්පාදකයන් නියෝජනය කරන ජෝයි ඩුබෝස්ට් බීර ආයතනයේ විද්‍යා සහ බාහිර කටයුතු (science and external affairs at the Beer Institute) සඳහා වූ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකාවයි. ‘‘ඇමරිකා එක්සත් ජනපදයේ බියර් අතරින් වැඩිම කොටස ලෙස අලෙවි වන්නේ සැර අඩු බීර. ඇමරිකාවේ සියළුම බීර වර්ගවල මද්‍යසාර සාමාන්‍යය ප‍්‍රමාණය සියයට 4.6 ක්. එහෙත් සැර අඩු බියර්වල ප‍්‍රතිශතය 4.2 ක්. ඒ කියන්නේ සාමාන්‍යයට වඩා මෙය මදක් අඩුයි. ඒ වුනාට සැර බීම වල මද්‍යසාර ප‍්‍රමාණය සමග සංසන්දනය කලොත් ඊට වඩා බෙහෙවින් අඩුය.’’ යනුවෙන් ඇය කියා සිටියි. මද්‍යසසාර පානය සඳහා නෛතික සීමාවේ සිටින වැඩිහිටියන්ව මධ්‍යස්ථ මට්ටමකින් මත්පැන් පානයට යොමු කරවා ගැනීම සිය ආයතනය දිරිමත් කරන බව ඩුබෝස්ට් පවසයි.
WebMD(Substance Abuse and Addiction) හි පළවූ Would Weaker Beer Help Reduce Alcohol’s Harms? ලිපිය අසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න