සංකල්ප සාර සංග්‍රහය 17: අපෝහකය (Dialectic)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

අපෝහකය යනු ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි, මත දෙකක් සාකච්ඡාවට ගනු ලබන තර්කානුසාරී සංවාද ක්‍රමයක්. මේ සංවාදය පැවැත්වෙන්නේ එක මතයක් හෝ දෘෂ්ටියක් සත්‍යය ලෙස කියාපෑමේ අරමුණින් නොව එහෙත්, ඒවා(මත) අතර විසදෘශ්‍යය විසඳාගෙන එමගින් සත්‍යයට වඩා ළඟාවීමය. මේක තමයි ප්ලේටෝ විසින් විස්තර කරනු ලැබූ  සොක්‍රටික ක්‍රමයට පදනම වෙන්නේ.

socrates

නුතන කාලයේ මේ පදය වඩාත් පාරභෞතික අර්ථයක්(metaphysical meaning)  ගෙන ඇති බවක් පෙනේ. ජර්මානු දර්ශනවාදියෙකු වන  G. W. F. හේගල් ගේ ‘පරම විඥානවාදය’ හෙවත් ‘පරමාදර්ශවාදය’ (absolute idealism) අනුව යථාර්ථතාව  සහ ඒ පිලිබඳ දැනුම අතර බාධකයක් නැහැ. ඉතිහාසය පුරාවට සංකල්ප දිගහැරෙන්නේ විසංවාද හා නිශ්චයන් සන්තති හරහායි: ප්‍රවාදයක්(a thesis) තුඩු දෙන්නේ එමගින්ම නිශේධනය වන ප්‍රතිවාදයටය(antithesis). එමෙන්ම, මේ ආතතිය තුලින් නව සංශ්ලේෂණයක්  ඉස්මතුවෙයි. කාල් මාක්ස් ඉදිරිපත් කළ ‘ අපෝහක භෞතිකවාදය’ හී දී හේගල් ගේ විඥානවාදය ප්‍රතික්ෂේප වෙයි. එමෙන්ම, ඉතිහාසය ඉදිරියට යන්නේ පන්ති අතර අරගලයක් හරහායයි ගැනේ. මේ අරගලයම වනාහි  අඥාත ආර්ථික බලවෙගයන්  මගින් තීරණය වන්නකි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Dialectic කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending