විදුලි බලයෙන් ක‍්‍රියා කරන මෝටර් රථ වඩා වැඩි දුරක් ධාවනය කරවීමට නව තාක්ෂණය මග පාදයි

විදුලි බලයෙන් ක‍්‍රියා කරන වාහන වල කාර්්‍යක්ෂමතාවය පොසිල ඉන්ධන වලින් ක‍්‍රියා කරන වාහන වල කාර්්‍යක්ෂමතාවය ට වඩා ඉතා ඉහල මට්ටමක පවතී. එසේවුවද,  වරක් ආරෝපණය කර සීමිත දුරක් ධාවනයේ යෙදවීමෙන් පසු නැවතත් බැටරිය ආරෝපණය කිරීමට සිදුවීම දැනට ඒවායේ ඇති අවාසියකි. වෙනත් වචනවලින් කිවොත්,  වැඩි දුරක් ධාවනය සඳහා ඇවසි බලය රඳවා තබා ගැනීමට විදුලි බලයෙන් ක‍්‍රියා කරන මෝටර් රථ වලට යොදා ගන්නා  බැටරි අපොහොසත් වීම දැනට ඒවා භාවිතයේ දී පවතින ගැටළුවකි.

battery-pack-assembly-for-2015-chevrolet-spark-ev-electric-car-at-gms-brownstown-michigan-plant_100466967_m

එහෙත් කේම්බි‍්‍රජ් සරසවියේ රසායන ඉංජිනේරුවන් පිරිසක් විශ්වාසයෙන් යුතුව  කියා සිටින්නේ ලිතියම්-ඔක්සිජන් බැටරියක් නිපදවීම මගින් ඔවුන්ට  මෙම බාධකය ජයගැනීමට හැකිවී තිබෙන  බවයි. මෙම බැටරිය 2000 වාරයකටත් වඩා වැඩි වාර ගණනාවක් නැවත නැවතත් ආරෝපණය කළ හැකිය. හුස්ම ගන්නා හෙවත් ‘ආශ්වාස කරන'(‘breathing’) මෙම බැටරිය ශක්තිය නිපදවාගන්නේ වාතයේ ඇති ඔක්සිජන් ලිතියම් සමග ප‍්‍රතිකි‍්‍රයා කිරීම මගිනි. වෙනත්  ඕනෑම බැටරියක් සමන්විත වී ඇති ආකාරයටම මෙම බැටරිය ද කොටස් තුනකින් සමන්විත වී ඇත. ඒවා නම්: ධන ඉලෙක්ට්‍රෝඩය හෙවත් කැතෝඩය (the cathode),  සෘණ ඉලෙක්ට්‍රෝඩය හෙවත් ඇනෝඩය (the anode) සහ විද්‍යුත් විච්ඡේද්‍යයක්(an electrolyte) හෙවත් ඉලෙක්ට්‍රෝඩ අතර අයන ගලා යා හැකි සන්නායක මාධ්‍ය යන ඒවායි.

මෙම නව සැලසුමේ ප‍්‍රධානතම කොටස වන්නේ ග‍්‍රැෆීන්(graphene) කැතෝඩයයි. මෙම කැතෝඩය සඳහා යොදා ගන්නා ලද ග‍්‍රැෆීන් (කාබන් මූලික ද්‍රව්‍යයකි) මීට පෙර කැතෝඩ තැනීම සඳහා යොදා ගන්නා ලද කාබන් ආකාර වලට වඩා වැඩි ප‍්‍රත්‍යස්ථ (පහසුවෙන් ඇදෙන) ද්‍රව්‍යයකි. මෙය නව විද්‍යුත් විච්ඡේද්‍යයක එක් පසෙකින් කි‍්‍රයාත්මක වී ඇතුරු ඵලයක් ලෙස ලිතියම් හයිඩ්‍රොක්සයිඞ් නිපදවයි. වෙනත් බැටරි නිෂ්පාදන වලදී සිදුවන පරිදි මෙම ලිතියම් හයිඩ්‍රොක්සයිඞ් ඇනෝඩයේ ආලේපනය වනවා වෙනුවට (ආලේපනය වීමෙන් බැටරිය අණුක‍්‍රමයෙන් ගෙවී යයි) සෑම ආරෝපණයකදී ම වියෝජනය වීම සිදුවේ.

මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් එක් ආරෝපණ වාරයකින් කිලෝමීටර 800 ක පමණ දුරක් විදුලියෙන් ක‍්‍රියා කරන මෝටර් රථයක් ධාවනය කරවීමට හැකිවෙතැයි පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති. මෙම බැටරි,  නිසාන් ලීෆ් හෝ ටෙස්ලා මෝටර් රථ ධාවනය කරවීම සඳහා යොදා ගැනීමට නම් තවත් කාලයක් ගත විය හැකියි. එසේ වුවද,  මෙම බැටරි යොදා ගැනීමෙන් විදුලි මෝටර් රථ ධාවනය කළ හැකි දුර ප‍්‍රමාණය පෙරට වඩා විශාල ලෙස නුදුරේ දීම වැඩි කරගත හැකිවෙනු ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.

ශ්වසන බැටරිය ඇතුළත

ලිතියම්- වායු බැටරිය විදුලිය නිපදවා ගැනීම සඳහා ඔක්සිජන් යොදා ගන්නා අයුරු අපි  සොයා බලමු.

battery-2

 

How It Works(Future Publishing Ltd) Bookzine series WORLD OF TOMORROW 2017 හි පළව ඇති ‘Breathing’ batteries නම් ලිපිය ඇසුරෙන් සකස් කළේ  චන්දන තෙන්නකෝන්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending