ග‍්‍රහයෙකු යන්නට අලූතෙන් යෝජනා කර ඇති අර්ථ නිරූපණය, ග‍්‍රහ තත්ත්වය අහිමි වූ ප්ලූටෝ යලි තිබූ තැනට ඔසවා තැබීමට මග පෑදීය හැකිවේ.
මේ අයිස්මය ලෝකය 2006 අගෝස්තුවේදී ග‍්‍රහ තත්ත්වයෙන් පහළ හෙළනු ලැබීය. එතෙක් පටන්, මේ ‘පහත හෙළීම’ ගැන විද්‍යාඥයන් අතරේ වාද විවාද හටගත් අතර මේ සුප‍්‍රකට අභ්‍යාවකාශ වස්තුවට යළිත් පෙර තිබූ තත්ත්වය හිමි කර දීමට සටන් වැද සිටින පිරිස් තවත් වෙඩි මුරයක් තැබීමට සැලසුම් කරති.
ප‍්‍රථමවරට ප්ලූටෝ ආසන්නයෙන් පියාඹායාමේ මෙහෙයුමක් සිදු කෙරුනේ 2015 ජූලි මාසයේදීය. ඒ නාසා ආයතනයේ නිව් හොරයිසන්ස් (New Horizons mission) මෙහෙයුම මගිනි. මෙම මෙහෙයුමේ විද්‍යාඥයෝ,මේ මස(මාර්තු) ටෙක්සාස් හි පැවැත්වෙන 48 වැනි චන්ද්‍ර සහ ග‍්‍රහ විද්‍යා සමුළුවේදී (Lunar and Planetary Science Conference) ‘ග‍්‍රහයා (planet)’ යන පදය ගැන නව අර්ථ දැක්වීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙති. මෙහිදී නව අර්ථ නිරූපණය මගින් 2006 වසරේ අන්තර් ජාතික තාරකාවිද්‍යා සංගමය (International Astronomical Union = IAU) සැකසූ අර්ථ දැක්වීම ආදේශ කිරීම හෝ අභිභැවීම සිදුකෙරෙනු ඇත. IAU අර්ථ දැක්වීම අනුව ග‍්‍රහ තනතුරට පත්වීම සඳහා අභ්‍යාවකාශ වස්තුවක් කොන්දේසි 3ක් සපුරාලිය යුතු වීය:
- වෙනත් වස්තුවක චන්ද්‍රයෙකු නොවී සූර්යයා වටා භ‍්‍රමණය විය යුතුය.
- (තරුවක මෙන් විලයන ප්‍රතිචාරයන්ට ලක් වීමට තරම් විශාලනොවන, එහෙත්) ගෝලයක හැඩයට රවුම් වීමට තරම් තම ගුරුත්වය විශාල විය යුතුය.
- එමෙන්ම, ‘තම සමීප වටපිටාවෙන් වෙනත් වස්තූ බොහොමයක් ඉවත් කිරීමට’ සමත් විය යුතුය.
ප්ලූටෝට තම ග‍්‍රහ පට්ටම අහිමි වූයේ පෙර කී තුන්වැනි කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හිසාවෙනි. මන්ද, ප්ලූටෝ පිහිටි වටාපිටාව, එනම් නෙප්චූන්ගේ කක්ෂයට ඔබ්බෙන් පිහිටි විශාල කුයිපර් තීරය (Kuiper Belt) කුඩා, අයිස්මය වස්තූන් අති විශාල සංඛ්‍යාවකින් ගහන වීමය. ඉතින්, 1930 දී සොයා ගනු ලැබූ අවස්ථාවේ සිට දැරූ ග‍්‍රහ තත්ත්වය ප්ලූටෝට අහිමිවී වාමන ග‍්‍රහයා(dwarf planet) යනුවෙන් නැවත වර්ග කිරීමටක ලක් විය.

කෙසේ වෙතත්, ප්ලූටෝට අත්කර දුන් ඉරණම ගැන බොහෝ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද මැසිවිලි නගමින් සිටින අතර අර්ථ දැක්වීමට හා සහානුගත පහල හෙලීමට ද විරෝධය පාති. IAU අර්ථ දැක්වීමට විරුද්ධව මේ මස පැවැත්වෙන සමුළුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන තම පති‍්‍රකාවට පාදක කරගෙන ඇති ප‍්‍රධාන තර්ක නිව් හොරයිසන් මෙහෙයුමේ ප‍්‍රධාන පරීක්ෂක නිලධාරි ඇලන් ස්ටර්න් ඇතුළු කණ්ඩායමේ සාමාජිකයෝ මෙසේ ගොඩ නගති: “මුලින්ම එම (IAU) අර්ථ දැක්වීම අනුව ග‍්‍රහයන් ලෙස පිළිගත්තේ අපේ සූර්යයා වටා පරිභ‍්‍රමණය වන වස්තූන් මිස වෙනත් තාරකා වටා කක්ෂ ගතව හෝ (ක්ෂිරපතය) මන්දාකිනිය ඇතුළත කක්ෂගතව නිදහසේ සරන ‘වල්වැදුනු’ ග්‍රහ ලෝක නොවේ” බල්ටිමොර්හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කේ. ඩි. රනියොන් ප්‍රමුඛ පර්යේෂකයෝ සිය පත්‍රිකාවෙහි සඳහන් කරති, “දෙවනුව එමගින් තම වටපිටාව අනෙකුත් වස්තුවලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යා යුතු යයි පැවසෙනවා. එත් මෙය අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කිසිම ග්‍රහයෙකුට සාර්ථකව කිරීමට හැකිවන්නේ නැහැ. මන්ද, පෘථිවි ආසන්නයේ වස්තුන් (near-Earth objects) වැනි කුඩා වස්තු නිතර ග්‍රහ කක්ෂ හරහා අතුල්වෙනවා. වටපිටාව නිදහස්ව පවත්වාගෙන යාමේ කොන්දේසිය අනුව අර්ථ දැක්වීමෙහි ගණිතය ගතහොත් එය දුර හා සම්බන්ධයි. නිදසුනක් දක්වන්නේ නම් පෘථිවි සමාන වස්තුවකට වුණත් කුයිපර් පථයේදී සිය වටපිටාව වෙනත් කුඩාවස්තුන්ගෙන් තොරව තබා ගන්න බැහැ.”
මිට විකල්ප වශයෙන් පර්යේෂකයන් යෝජනා කරන්නේ ‘භූ භෞතික අර්ථ කථනයකි'(). එනම්, වස්තුවේ නෛසර්ගික ගති ලක්ෂණ මත තනිකරම පදනම් වුවක් මිස එම වස්තුව එහි වටපිටාව සමග අන්තර් ක්‍රියා කරන්නේ කෙසේද යන්න අනුව නොවේ. යෝජිත අර්ථ නිරුපනය මෙසේයි:
‘ග්‍රහයෙකු යනු කිසිදිනක න්‍යෂ්ටික විලයනයකට බඳුන් නොවූ එමෙන්ම එහි කක්ෂීය පරාමිතියන් නොතකා ත්‍රෛඅක්ෂිය ඉලිප්සාභයක් ලෙස ප්‍රමාණවත්ව විස්තර කරනු ලැබීමට තරම් වන ස්වයංගුරුත්වකර්ශනයක් තිබෙන උපතාරිය ස්කන්ධ වස්තුවකි.’
(“A planet is a sub-stellar mass body that has never undergone nuclear fusion and that has sufficient self-gravitation to assume a spheroidal shape adequately described by a triaxial ellipsoid regardless of its orbital parameters.”)
මේ අර්ථදැක්වීම අනුව ප්ලුටෝට යලි ග්‍රහ තත්වය ලබා ගත හැකිය. එමෙන්ම, පෘථිවියේ චන්ද්‍රයා ඇතුළු තවත් බොහෝ වස්තු සංඛ්‍යාවක් ප්‍රථම වරට ග්‍රහ ලෝක ලෙස සලකනු ඇත. එවිට ඇත්තටම නිල වශයෙන් පිළිගත් ග්‍රහයන් සංඛ්‍යාව අටේ සිට 110 දක්වා පමණ වන තෙක් ඉහල යනු ඇතැයි පර්යේෂකයෝ කියති.

කෙසේවතත්, ග්‍රහ තත්ත්වයට පැමිණීමට හැකිවෙන පරිදි ප්ලුටෝ යලි වර්ගීකරණය කල යුතු යයි සැමදෙනාම කෑමොර දෙන්නේ නැත. දැනට තිබෙන තත්ත්වය ගැන බෙහෙවින් සෑහිමකට පත්ව සිටින්නෙකි, කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ තාරකා විද්‍යාඥ මයික් බ්‍රවුන්. ඔහු ඇතුළු කණ්ඩායම විසින් සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත අභ්‍යවකාශ වස්තු බොහොමයක් සොයාගනු ලැබ ඇත. කුයිපර් පථයේ ඇති එකම විශාල වස්තුව ප්ලුටෝ නොවන බව ඉන් පෙනෙන්නේ යයි ඔව්හු පෙන්වා දෙති. “යෝජනාව පිළිගනු ලැබුවොත් අපේ චන්ද්‍රයාත් ග්‍රහයෙකු බවට පත්වෙනවා. මෙය ආපස්සට යාමක්” යනු ඔවුඞෙඅ මත යයි.
මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද? 48 වැනි චන්ද්‍ර සහ ග‍්‍රහ විද්‍යා සමුළුව මේ මස 20 සිට 24 දක්වා පැවැත්වේ. අපි විමසිල්ලෙන් සිටිමු.
Scientific American හි පළවූ Could Pluto Regain Its Planethood? යන ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න