දුර්ලභ සතෙකු පිළිබඳ වාර්තාවකට වඩා විද්‍යාඥයන්, පර්යේෂකයන් පරිසරවේදීන්, සත්ව විද්‍යාඥයන් පොදු ජනතාව එක්ව පොදුවේ වැදගත් කාර්යකට අත ගැසූ දුර්ලභ අවස්ථාවක් පිළිබඳ වාර්තාවක් ලෙස දැක්විය හැකිය.
බ‍්‍රසීලයේ සොයා ගැනීමට දුෂ්කර වෘක්ෂ පිඹුරෙකු වන Corallus cropanii ලොව සිටින විරලතම පිඹුරන් අතුරෙන් එකෙකි. Cropan’s boa ලෙසින් හඳුන්වනු ලබන මේ පිඹුරු (boa) විශේෂය මුලින්ම දැක විස්තර හෙළි කරගනු ලැබුවේ 1953 දීය. මේ පිඹුරා ගැන විස්තර දැක ගත හැකිවුනේ මිය ගිය පිඹුරන්ගේ මළ සිරුරු කිහිපයක් ආශ‍්‍රයෙනි. කෙසේ වෙතත් මේ විශේෂය යහතින් ජීවත්වන බව විද්‍යාඥයන් පිරිසක් මෑතක සොයා ගත්හ. මේ දුර්ලභ පිඹුරු විශේෂයේ සාමාජිකයෙකු ජනවාරීයේ දී අල්ලා ගනු ලැබූ අතර ඒ මෙතෙක් පණ පිටින් දැක ඇති දෙවනි සතායි. ඒ දර්ශනය වූයේ වසර 64 කට පසුවය.

මෙම පිඹුරා පළාත්බද විද්‍යාඥයන් වෙත ගෙන එනු ලැබුවේ රිබෙයිරා නිම්න කලාපයේ ගම්වැසියන් විසිනි. එසේ කරනු ලද්දේ සාවෝ පවුලෝ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා කෞතුකාගාරයේ සහ ජීව විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් වන බුතාන්තාන් ආයතනයේ(Butantan Institute -BI) පර්යේෂකයන් විසින් සම්බන්ධීකරනු ලබන ප‍්‍රජා සම්බන්ධතා පුළුල් ප‍්‍රයත්නයන්ට ප‍්‍රතිචාර වශයෙනි. මෙම ප‍්‍රජා සම්බන්ධතා වැඩ සටහන විද්‍යාඥයන් විසින් සැලසුම් කරන ලද්දේ Cropan’s boa පිඹුරු විශේෂය ගැන අවබෝධයක් ඇති කිරීම පිණිසය. මේ ව්‍යායාමයේ දී උත්සාහ කරනු ලබන්නේ ප‍්‍රජාවේ සාමාජිකයන් මෙකී සර්ප විශේෂයෙහි පරිසරාත්මක වැදගත්කම ගැන දැනුවත් කිරීම මෙන්ම ඒ විශේෂයේ චර්යා ගැන ජීව විද්‍යාඥයන් තව දුරටත් කරුණු හැදෑරීමට ප‍්‍රජාවේ ආධාරය දිරිමත් කිරීමටය.
දෙපිරිස අතර මෙකී සහයෝගීතාව නොවන්නට මේ දුර්ලභ විශේෂයේ පිඹුරෙකු පණ පිටින් අල්වා ගත නොහැකිවීමට ඉඩ තිබුණු බව බුතාන්තාන් ආයතනයේ ප‍්‍රකාශයෙක් පැවසීය. ඇත්තටම ජනවාරීයේ මේ පිඹුරා මුලින් දර්ශනය වූ අවස්ථාවේ සතා දුටු එක් අයෙකු ඌ මැරීමට තැත් කර ඇත. එහෙත්, ආයතනය මගින් සැපයුණු පත‍්‍රිකා හා පෝස්ටර්වල චිත‍්‍රවලින් සතා හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකු සතා මැරීමට පෙර මැදිහත් වී තිබේ. මෙසේ බේරා ගනු ලැබ ඇත්තේ දිගින් අඩි 5.6 ක් සහ බරින් රාත්තල් 3.3 ක් පමණ වන Cropan’s boa ගැහැණු සතෙකි.

Cropan’s boa පිඹුරු විශේෂය දැකිය හැක්කේ බ‍්‍රසීලයේ අත්ලාන්තික් වනාන්තරයේ සාවෝ පවුලෝ හි වර්ග කිලෝමීටර 300 ක (වර්ග සැතපුම් 116) භූමි කලාපයක් තුළ පමණකි. නව ලෝකය (ඇමරිකා මහද්වීප) ගතහොත් මේ පිඹුරු විශේෂය විරලතම එකකි. සමහර විට ලෝකයෙන්ම විරලතම පිඹුරු විශේෂය මෙය විය හැකි බව ස්වභාව හා ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ අන්තර් ජාතික සංගමය(International Union for Conservation of Nature and Natural Resources) පවසයි. එම ආයතනය Cropan’s boa පිඹුරු විශේෂය ‘ආපදාපත්න’ (Endangered ) ලෙස වර්ග කර ඇත. එම විශේෂයේ නිවහන හෙවත් වාසස්ථාන එක් ප‍්‍රදේශයකට පමණක් සීමාවීමත් එම සීමිත ප‍්‍රදේශය හීනවී යාමත් එසේ වර්ග කිරීමට තුඩු දී ඇත. මේ විශේෂයේ ගහණය ගැන අවබෝධයක් නැත ද, දර්ශනය වීමේ විරලතාවන් සළකන විට මේ සතුන් විශාල සංඛ්‍යාවක් නොමැති බව අනුමාන කළ හැකිය.
Cropan’s boa විස්තර කරනු ලැබුවේ 1953 වසරේ හමු වූ තනි පිරිමි වැඩිහිටි සාමාජිකයා ආශ‍්‍රයෙනි. පිඹුරාගේ පිට දිගේ ඇති ශල්ක හෝ කොරළ ළා ප`ඩුවන් පැහැයට හුරුය. තද දුඹුරු ලප ‘බෙල්ලේ සිට වලිගය දක්වාම’ දැකිය හැකි යයි Salamandra නම් සඟරාවේ 2011 මැයි මාසයේ පළ කළ අධ්‍යයනයක සඳහන් වේ. 1953 දී පණ පිටින් සතා දර්ශනය වීමෙන් පසුව විද්‍යාඥයන්ට දැක ගත හැකි වූ Cropan’s boa විශේෂයේ පිඹුරන් 5 දෙනාම මිය ගිය සාමාජිකයන්ය. ඒ පස් දෙනාම පෙර කී අත්ලාන්තික් වනාන්තරයේ ප‍්‍රදේශයෙන්ම පැමිණි සතුන් ලෙස සැලකිය හැකි යයි එම අධ්‍යයනයේ කතුවරු සඳහන් කරති.
Cropan’s boa විශේෂයේ පිඹුරන් වනගතව සිටිය දී මෙතෙක් දැක බලා ගැනීමට හැකියාවක් ලැබී නැත. කෙසේ වතුදු, මෑතක අල්ලා ගනු ලැබූ ගැහැණු පිඹුරා ආපසු වනයට මුදා හරින විට ඇයට විශේෂ රේඩියෝ සම්පේ‍්‍රෂණ උපකරණයක් සවි කර තිබෙනු ඇත. මෙ පිඹුරු විශේෂය සිය වනගත වාසස්ථානවල කෙලෙස දිවි ගෙවන්නේ ද යන්න ගැන ඇතැම් හෝඩුවාවල් දැන ගැනීමට එම උපකරණය උපකාරී වනු ඇත.
’මේ පිඹුරු විශේෂයේ ජීව විද්‍යාත්මක තොරතුරු මෙන්ම වාසස්ථාන පිළිබඳ තව දුරටත් තොරතුරු සෙවීම පිණිස හැදෑරීම් කරනවා. ස්වභාවික වාසස්ථානවල කිසි දිනක දැක බලා ගැනීමට හැකි වී නොමැති නිසා මෙම පිඹුරන්ගේ චර්යාවන් ගැන අපට එතරම් තොරතුරු නැහැ’ යයි බූතෙන්නතාන් ආයතනයේ ජීව විද්‍යාවරියක් වන ලිවියා කොරේයා පවසයි, ‘‘මේ සතා වනයට මුදා හැරීයම ඇගේ ස්වභාවික පරිසරයේ දී ඇගේ ගමන් නිරීක්ෂණයට හා වෙනත් තොරතුරු දැන ගැනීමට මග පෑදෙනවා. ඇති ’’





ප්‍රතිචාරයක් ලබාදෙන්න