ඇන්ටාක්ටිකාවේ සිව්වැනියට විශාල අයිස් (හිම) කවචයේ (ice shelf) දැවැන්ත පැල්මක් ජනවාරි මුල සිට අඩුතරමින් කිලෝමීටර 10 ක් වත් ඉදිරියට ඇදී ගොස් ඇත. Larsen C අයිස් කවචයේ කිලෝමීටර 175ක සුවිභේදය නිරීක්ෂණය කරමින් සිටින විද්‍යාඥයන් කියා සිටින්නේ, ලක්සම්බර්ග් මෙන් ප‍්‍රමාණයෙන් දෙගුණයක අයිස් කුළක් (iceberg) වෙඩල් මුහුදට මුදාහරිමින් සති හෝ මාස ගණනකින් සාගරය කරා ළඟාවනු ඇති බවයි. ගෝලීය උණුසුම්වීම, නැගෙනහිර ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ ඔස්සේ අයිස් අස්ථාවර කරමින් එමෙන්ම මුහුදු මට්ටම ඉහළ දමමින් තිබෙන බවට Larsen C අයිස් කවචයේ මෙකී ඉරණම තවත් සලකුණක් ලෙස සැලකේ. එසේ වුවද, (අර්ධද්වීපය ඔස්සේ තවත් ඈතට වන්නට වෙනම ම අධිරදනයක් අත්පත් කරගෙන සිටි උතුරු සහෝදර අයිස් කවචයන් වන) Larsen A 1995 දී ද, Larsen B 2002 දී ද වශයෙන් අයිස් කවචයන්ගේ ඇද හැලීම්වල සිට ග්ලැසියර විද්‍යාව කොපමණ දුරක් පැමිණ ඇත් දැයි සුවිභේදය ගැන විද්‍යාඥයන්ගේ අධ්‍යයන හුවා දක්වයි.

“Larsen B අපේ අවබෝධයේ හැරවුම් ලක්ෂයක් වුණා” යයි කැලිෆෝනියාවේ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන පරීක්ෂණාගාරයේ(NASA’s Jet Propulsion Laboratory) භූ භෞතිකඥයෙකු වන ඇලා කාශෙන්ඩර් පවසයි. “ඒ මොහොත වන විට එම අන්දමේ විශාලතම ඇද වැටීම වුණේ එයයි. එමෙන්ම, අයිස් කවචයක් මගින් අයිස් තලාවේ අභ්‍යන්තරයේ සිට සාගරය වෙත අයිස් සංචලනය පාලනය කරනු ලැබීම ප‍්‍රදර්ශනය කිරීමට ද එය ඉවහල් වුණා.’
භූමියේ අයිස්, සාගරය වෙත අනිවාර්යෙන් යන ගමන මන්දගාමී කරමින් ඉපියන්සේ කි‍්‍රයා කරන භූමියේ ඇති ග්ලැසියර අයිස් කවචයන් මගින් රුකුල් දෙනු ලබන්නේ කුමන ප‍්‍රමාණයකටද යන්න ගැන මෙයට කලින් දශක ගණනාවක් තිස්සේ පර්යේෂකයන් විසින් විවාදයට ලක්කෙරිණ. නාසා ආයතනයේ ග්ලැසියර් විද්‍යාඥයෙකු වූ අභාවප‍්‍රාප්ත බොව් තෝමස් මෙම අදහස ජනපි‍්‍රය කිරීමට මුල් වූවෙකි. Larsen B ඇදවැටීමෙන් පසුව ලබා ගන්නා ලද චන්ද්‍රිකා දත්ත මේ විවාදය බොහෝ දුරට සමථයකට පත් කළේය. අයිස් කවචයන් සිඳි බිඳී යාමෙන් පසුව Larsen A සහ Larsen B ට සම්බන්ධ වූ ග්ලැසියර මුහුදට ඇදී ගිය වේගය අටක සාධකයකින් පමණ වැඩි වූ බව අර්වින් හී, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ග්ලැසියර් විද්‍යාඥයෙකුවන එරික් රිග්නට් පෙන්වා දෙයි. “සමහර ග්ලැසියර මන්දගාමී වුණා තමයි. ඒත් ඒවා පෙරට වඩා පස්ගුණයක වේගයකින් තවමත් ගලා යනවා” ඔහු පැහැදිලි කර දෙයි. අයිස් කවචය දුර්වලවෙද්දී, Larsen B ඇද වැටීමට එය පෙර වෙත ගලා යන ග්ලැසියර දෙකක් වේගවත් වූ බව කාශෙන්ඩර් සහ සගයන්ට සොයා ගැනීමට ද හැකි වී තිබේ.

Larsen C මීටර 350ක පමණ වන තෙක් ඝන හිම තට්ටුවක් සහිතව වර්ග කිලෝමීටර 50,000 වපසරියක් ආවරණය කරයි. එහි අනාගතය කුමක්වේදැයි අවබෝධ කර ගනු වස් පර්යේෂකයෝ දැන් Larsen A සහ Larsen B අයිස් කවචයන්ගේ ඉතිහාසය ගැන විපරම් කරමින් සිටිති. ඇති වී තිබෙන පැල්ම පැතිරීයාම, අවසානයේ සම්පූර්ණ බිඳවැටීමකින් අනිවාර්යයෙන් අවසන් වන දීර්ඝ පරිහානියක Larsen C හි ඇරඹී ඇති බවට සලකුණකැයි බොහෝ අය බිය පළ කරති. අයිස් කුළ කැඩිබිදී යාමෙන් පසුව එය කොපමණ ඉක්මනින් සිදුවේද යන්න විවෘත ප‍්‍රශ්නයකි.

බිඳ වැටීමක ඵලවිපාක
බිඳ වැටීමක ඵලවිපාක ඇන්ටාක්ටිකාවෙන් බොහෝ ඔබ්බට දැනෙන්නට පුළුවන. ගෝලීය මුහුදු මට්ටම සෙන්ටිමීටරයකින් පමණ ඉහළ දැමීමට ප‍්‍රමාණවත් ජලය Larsen C වෙත ගලා යන ග්ලැසියරවල තිබේ. අයිස් කවචයක් නොමැති කල ඒවා වඩාත් වේගයෙන් සාගරය වෙත ගලා බැසීමට ඉඩ ඇත. සංසන්දනාත්මකව බලන කල්හි ගෝලීය මුහුදු මට්ටම වසරකට මිලිමීටර තුනකින් පමණ ඉහළ යන අතර මෑතක අධ්‍යයනයකින් අනාවරණය වුනේ ඉන් තුනෙන් එකක් පමණ ඇන්ටාක්ටිකාවේ සහ ග‍්‍රින්ලන්තයේ අයිස් අහිමිවීමෙන් ඇති වෙතැයි ඇස්තමේන්තු කර ඇති බවයි. අයිස් කවචය ඉක්මන් බිඳ වැටීමකින් තරමක් හෝ දුරට මුහුදු පත්ලේ හිතකර ජ්‍යාමිත්‍ය නියාවෙන් ආරක්ෂාවේ. දියයට වැටි යුගලයක් Larsen C වටකොට ඇති සාගරය වෙත අයිස් ගලා යාම මන්ද ගාමී කෙරෙන ඝර්ෂණයක් නිර්මාණය කරයි. එසේ වුවද Larsen B ට වූ හදිය පාඩමක් ලෙස ගත යුතු යයි එක්සත් රාජධානියේ ස්වෝන්සි සරසවියේ ග්ලැසියර විද්‍යාඥ ඒඩි‍්‍රයන් ලක්මෑන් පවසයි. දැනට අධ්‍යයනයේ පර්යේෂකයන්ගේ උනන්දුව යොමු වී ඇත්තේ දැවැන්ත පැල්ම ව්‍යාප්තවීම ගැනය. මෘදු අයිස් හරහා එය පුළුල් වූයේ කෙසේද යන්න පැහැදිලි නැති අතර එඅ අනුව යමින් ඉදිරියේ දී එවැනි පැල්ම ඇතිවේදැයි කිව නොහැකි නිසාවෙනි.
Nature සඟරාවෙහි Giant crack in Antarctic ice shelf spotlights advances in glaciology ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න