ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳ සමාජයේ පොදුවේ පිළිගත් සමහර අදහස්, වැරදි ඉගැන්වීම් ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමකෙරෙහි අධ්‍යාපනඥයන් මෙන්ම දෙමාපියන්ව ද යොමු කළ හැකියි.

සාවද්‍ය මතය 1: මානවයන් උපයෝගී කරගන්නේ තම මොළයේ (ධාරිතාවයෙන්) 10%ක් පමණයි.
සැබෑ කාරණාව: මොළයෙන් 10% පමණ භාවිත වෙනවාය (සමහර අවස්ථාවල මෙය 20% දක්වා වැඩි කර දැක්වේ) යන මතය හුදු ජනප‍්‍රවාදයකි. එම මතය මුල් බැස ගන්නට පාදක වන්නට ඇත්තේ සමහර විට Limitless නම් 2011 වසරේ චිත‍්‍රපටය විය හැකියි. එම සිනමා පටයෙන් කියැවුනේ එහි කථානායකයාට විස්මකුරු මතකයක් හා විශ්ලේෂණ හැකියාවක් ලබාදෙන පුදුමාකාර ඖෂධයක් ගැනයි. මෙවැනි මත කරපින්නා ගෙන පන්ති කාමරයේදී ගුරුවරුන් තව තවත් තදින් උත්සාහ කර බලන ලෙස සිසුන්ට බලපෑම් කළ හැකිවේ. එහෙත් එවැනි ප‍්‍රයත්න තුළින් මොළයේ ප‍්‍රයෝජනයට නොගන්නා ස්නාසා පරිපථයක් පණ ගැන්වෙන්නේ නැත. ස්නාසා පරිමාව අඩු වැඩි කළ හැකි (එලෙස හැකියාවක් තිබෙතැයි සිතන) ස්වීචයක් කි‍්‍රයාත්මක කළ පමණින් අධ්‍යාපනික කාර්ය සාධනය ඉහළ යැවිය නොහැකිය.

සාවද්‍ය මතය 2: ‘වම්පස බලවත්’ සහ ‘දකුණු පස බලවත්’ මොළ සහිත පුද්ගලයන් අතර වෙනසක් ඇත.
සැබෑ කාරණාව: මිනිසුන්ගේ මොළයෙහි තාර්කික වම් පස කොටසක්ද ප‍්‍රතිභාත්මක (කලා) නිර්මාණාත්මක දකුණු පස කොටසක්ද ඇත යන්න හුදු ප‍්‍රවාදයක් හෝ රබන්ධකතාවක් පමණකි.
සියලූම ප‍්‍රජානන කාර්යයන් සඳහා මානවයෝ සිය මොළයෙහි අර්ධගෝල දෙකම භාවිත කරති. වම් පස මොළය දකුණු මොළය යන මතිය(left brain/right brain notion) හට ගන්නේ (සියල්ලන්ම නොවෙතත්) බොහෝ දෙනා භාෂාව සැකසීම වැඩිපුර වම් අර්ධ ගෝලයේ දී ද අවකාශමය හැකියාවන් හා චිත්තවේගී ප‍්‍රකාශනය වැඩිපුර දකුනු අර්ධ ගෝලයේදී ද සිදු කරන්නේ ය යන අවබෝධයෙනි. විවිධ ස්වීයත්ව(පෞරුෂ) වර්ග (personality types) අතර වෙනස් කම් පැහැදිලි කර දීමට මනෝවිද්‍යාඥයන් මෙම අදහස යොදා ගෙන ඇත.
අධ්‍යාපනයේදී ක්ෂේත‍්‍රයේදී තාර්කික වම් මොල අර්ධයෙහි කි‍්‍රයාකාරකම් මත අඩුවෙන් රඳා පැවැත්මක් දිරි ගන්වන (ඉගැන්වීමේ) වැඩසටහන් කරළියට ආවේය. දකුණු අර්ධ ගෝලය නිර්මාණශීලිත්වයට තෝතැන්නක් යන්නට සාක්ෂ්‍ය, මොළ මූර්තන හෙවත් අනුරූපන අධ්‍යයනවලින්(brain-imaging studies) හෙළි නොවේ. එමෙන්ම කියැවීම සහ ගණිතය යන කාර්ය දෙකටම මොළය දකුණු හා වම් පස කොටස් දෙකම උපයෝගී කරගැනේ.

සාවද්‍ය මතය 3: තවත් භාෂාවක් ඉගැනීමට පෙර එක් භාෂාවක් කතාකිරීමට ඉගෙන ගත යුතුය.
සැබෑ කාරණාව: (නිදසුනක් ලෙස ගතහොත්) ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා අතරම ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නා ළමුන් එක භාෂාවක් අනෙක් භාෂාවක් සමග පටලවා ගැනීමෙන් ව්‍යාකූල කර නොගන්නා අතර (එසේ ව්‍යාකූල නොවන හෙයින්) භාෂා වර්ධනය මන්දගාමී වන්නේ ද නැත. භාෂාවන් ඉගෙනීමේදී එක් භාෂාවක් අනෙකට බලපායි යන අදහස හඟවන්නේ මොළයේ විවිධ ප‍්‍රදේශ සම්පත් සපයා ගැනීම පිණිස එකිනෙක ප්‍රදේශ සමග තරග කරන්නේය යන මතයයි. එහෙත් මීට ප‍්‍රතිවිරුද්ධව, යථාර්ථය වන්නේ භාෂා දෙකක් ඉගෙන ගන්නා ළමුන් ඔව් එකවර භාෂා දෙකක් ඉගෙන ගන්නා අය පවා සමස්තයක් වශයෙන් භාෂා ව්‍යූහය ගැන වඩාත් හොඳ පොදු දැනීමක් ලබා ගන්නා බවයි.
සාවද්‍ය මතය 4: ඉගෙනීමේ හැකියාවන් කෙරෙහි තීරණාත්මකව බලපාන අයුරින් පිරිමින්ගේ හා ගැහැණුන්ගේ මොළ වෙනස් වේ
සැබෑ කාරණාව : පිරිමින්ගේ මොළ සහ ගැහැනුන්ගේ මොළ අතර සැබවින්ම වෙනස්කම් තිබේ. එමෙන්ම කැපී පෙනෙන භෞතවේදය(physiology) හේතුවෙන් ඔවුන්ගේ මොළ කි‍්‍රයාකරන ආකාරයෙහි වෙනස්කම් ඇති විය හැකිය. කෙසේ වුවද, අප නව හැකියාවන් හෝ කුසලතා ඉගෙන ගන්නා විට ස්නායු පද්ධති සම්බන්ධ වන ආකාරය පිළිබඳ ලිංගිකත්වය (ස්තී‍්‍ර පුරුෂ භාවය අනුව) සුවිශේෂී වෙනස්කම් තිබෙන බව දැක්වෙන පර්යේෂණ නොමැත. ලිංගිකත්වයට සුවිශේෂීවූ ඇතැම් වෙනස්කම් තිබෙන බවක් අවසානයේ මතුවී ආවේවි නමුත් ඒවා එතරම් ප‍්‍රබල නොවන අතර සාමාන්‍ය තත්ත්වයන් පාදක කරගත් ඒවා වන්නට පුළුවන. වෙනත් වචනවලින් කීවොත්, ඒවා කිසියම් තෝරාගත් අයෙකුට අත්‍යවශ්‍යයෙන්ම සම්බන්ධ විය යුතුම නොවේ.
සාවද්‍ය මතය 5: එක් එක් ළමයාට සුවිශේෂී වූ ඉගෙනීමේ ශෛලියක් ඇත.
සැබෑ කාරණාව : සුවිශේෂී ඉන්ද්‍රිය ආදාන ස්වරූපයක් තෝරා ගැනීමෙන් සිසුන් වඩාත් හොඳින් උගනිය යන මතය මේ සම්බන්ධයෙන් ප‍්‍රායෝගිකව සිදු කළ අධ්‍ය්‍යනවලදී එතරම් වලංගුතාවක් හිමිකරගෙන නැත. නිදසුනක් දක්වතොත්, යමක් අසා ඉගෙන ගන්නවාට වඩා දැක බලා ඉගෙනීම ඵලදායි යයි මේ මතය දරන්නෙක් සිතිය හැකිය.
මෙවන් මත හා අනෙකුත් සාවද්‍ය මත ගැන සලකතොත් මහජන සංජානනයන්(public perceptions) විද්‍යාවේ හැකියාවන් අභිබවා ගොස් ඇති බවක් පෙනේ. ස්නාසා අධ්‍යාපනය (neuroeducation) ගැන සොයා බැලූ බි‍්‍රතානඥ මඬුල්ලක සභාපති වශයෙන් කි‍්‍රයා කළ ස්නාසා විද්‍යාඥයෙකු වන උටා පි‍්‍රත් කියා සිටින්නේ දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද පරෙස්සමින් මෙන්ම නැණවත්ව කි‍්‍රයා කළ යුතු බවයි. ස්නාසා විද්‍යාව (neuroscience) අධ්‍යාපනයට යොදා ගත හැකි අන්දම ගැන තොරතුරු දැන ගැනීමට පොදු ජනතාව අතර විශාල ඉල්ලූමක් ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස සිදුවී ඇත්තේ පරීක්ෂාවට ලක් නොවූ අත්හදා බලා නොමැති එමෙන්ම විදුහුරු නොවන ක‍්‍රම බොහෝ පුචලිතව තිබීමයි.
Scientific American හි පළවූ 5 Common Myths about the Brain ලිපිය ඇසුරෙනි
ඉහත දක්වා ඇති ඉංග්‍රීසියෙන් පළවූ මුල් ලිපියේ මුලාශ්‍ර:( SOURCES: Mind, Brain, and Education Science, by Tracey Tokuhama-Espinosa. W. W. Norton, 2010; Understanding the Brain: The Birth of a Learning Science. OECD, 2007; OECD Educational Ministerial Meeting, November 4–5, 2010)





ප්‍රතිචාරයක් ලබාදෙන්න