මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

ග්‍රීක දාර්ශනිකයකු වන ඇරිස්ටෝටල්(ක්‍රි.පූ. 384 – 322) ප්ලටෝගේ (ප්ලටෝ සහ ප්ලටෝගේ ලෙන ගැන තතු මාර්තු4 දා සහ මාර්තු 25 දා පළවූ ලිපි බලන්න) ගෝලයෙක්. එත් ඔහුගේ ප්‍රවේශය බෙහෙවින්ම වෙනස්ය. පරම යථාර්ථය වනාහි මානව අනුභූතිය ඉක්මවන්නක් යයි ප්ලටෝ අදහස් කළ නමුත් ඇරිස්ටෝටල් වඩාත් සැලකිලිමත් වුයේ ඔහු දුටු ආකාරයට ලෝකය අධ්‍යයනය කිරීමටයි. ඇරිස්ටෝටල් තර්ක ශාස්ත්‍රය, ආචාර ධර්ම, සෞන්ද්ර්ය විද්‍යාව සහ දේශපාලනයේ සිට පාරභෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, කාලගුණ විද්‍යාව, මනෝ විද්‍යාව, ජීව විද්‍යාව, සහ සත්ව විද්‍යාව ආදී වශයෙන් ඉතා පුළුල් විෂය පරාසයක් ගැන කරුණු දැක්වුවෙක්.
ප්ල්ටෝට පටහැනිව ඇරිස්ටෝටල් දැරුවේ, යථාර්ථය සැදුම් ලන්නේ තනි තනි යථාවන් ගෙන් නොව වියුක්ත ස්ථිති මගින්ය යන ස්ථාවරයයි. දැනුමේ එකම මුලය අපේ ඉන්ද්‍රියන් මගින් සපයන සාක්ෂි යයි ඔහු සැලකුවා. එමෙන්ම බුද්ධි විචාරය යොදා ගැනීමෙන් අපට දේවල්වල ලාක්ෂණික ගුණාංග — වෙනත් වචනවලින් කිවොත් ඒවායේ සාරයන් — තහවුරු කල හැකි යයි ඇරිස්ටෝටල් තිරසරව කියා සිටියා.

ඇරිස්ටෝටල් එවැනි තර්කනන්යන් නිවරදි පදනමක් මත තැබීමට උත්සාහ දැරූ අතර සංවාක්‍යයෙහි(syllogism) ස්වභාවය සොයා බැලිය. සංවාක්‍ය යනු (සත්‍ය වූ ප්‍රකාශ දෙකකින් එක් තර්කානුකුල නිගමනයකට එළඹිය හැකිය යන) එක්තරා අනුමාන (inference) ක්‍රමයකි. මෙහි දැක්වෙන්නේ එවැන්නකට උදාහරණයකි: “සියලුම ග්‍රීකයන් මනුෂ්‍යයන්ය; සියලුම මනුෂ්‍යයන් මරණයට පත්වේ; එහෙයින් සියලුම ග්‍රීකයන් ද මරණයට පත්වේ”. කුමන විදිහේ අනුමානයන් වලංගුද කුමන ඒවා වලංගු නැත් ද යන්න පෙන්වාදීමේන් ඇරිස්ටෝටල් විධිමත් තාට්කනයෙහි පදනම පිහිටුවන ලද අතර විද්‍යාවට තාර්කික පදනම සැපයුවා.
කාව්‍ය සහ නාට්‍ය විග්‍රහ කිරීමේ දී ඇරිස්ටෝටල්, කලාව පරමාදර්ශී ස්වරූපයකින් ස්වභාවය(nature) මුර්තිමත් කරන්නේය, සෞන්දර්යයේ සාරය සමමිතිය හා අනුපිලිවෙල යන්නය, එමෙන්ම, ඛේදවාචකයේ ශ්‍රිතය(කාර්යය) අනුකම්පාව හා භීතිය(ත්‍රස්තය) තුලින් භාව විමෝචනයයි ද කියා සිටියා. අපේ සන්තුෂ්ටිය පතා මනුෂ්‍යන්ගේ අත්‍යවශ්‍ය විභවය වන බුද්ධි විචාරය යොදා ගැනීම වැදගත් යයි ඔහු තර්ක කළා. හික්මීම සහ අන්තගාමිබව අතර ‘ස්වර්ණමය මධ්‍යනයක්’ ළඟාකරගනිමේදී විචාරාභ්‍යාසයට බුද්ධිමය ප්‍රයාසයත්, තම භාවයන් පාලනයත් යන දෙකම සම්බන්ධය.
යුරෝපීය අඳුරු යුගයේ දී ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් රැකගනු ලැබුවේ ඉස්ලාමිය ලෝකයේ උගතුන් විසින්ය. දොළොස්වැනි සියවසේ දී (ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම්වල) ලතින් භාෂා පරිවර්තන යුරෝපයේ පහළ වෙද්දී , බටහිර චින්තනයෙහි පසුකාලීන වර්ධනයෙහි ලා රාමුවක් හෙවත් පාදක ව්‍යුහයක් සැපයීමෙන් ඒවා ඉමහත් බලපෑමක් ඇතිකළා.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Aristotelianism කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න