නාසය, පුද්ගලයෙකුගේ මුහුණෙහි වඩාත් කැපී පෙනෙණ අංගයක් ලෙස හැඳින්විය හැකියි. ඒ වාගේම පුද්ගලයන්ගේ නාස විවිධාකාර වූ හැඩයෙන් සහ විවිධාකාර ප‍්‍රමාණයෙන් යුක්තයි. මේ ලෝකය පුරා රට රටවල ජනී ජනයාගේ නාසයන් වල හැඩයන් ගැන සොයා බලමින් ඒවා එම ප‍්‍රදේශ හා කලාප වලට සම්බන්ධ දේශගුණය සමග සංසන්දනය කරමින් පර්යේෂණ පවත්වන විද්‍යඥයන් විසින් නාසයේ හැඩය සහ දේශගුණය අතර කුතුහලය අවුස්සන සුළු සබඳතාවක් ඇතැයි සොයා ගෙන තිබේ.

බටහිර අප‍්‍රිකානුවන්, නැගෙනහිර ආසියානුවන්, දකුණුදිග ආසියානුවන් සහ උතුරුදිග යුරෝපීයයන්ගේ නාස් පිරික්සීමේ දී ඔවුනට පෙනී ගියේ වඩාත් සීතල දේශගුණයක් සහිත ප‍්‍රදේශවල ජනතාවගේ නාසා හී (පොදුවේ දක්නට හැකිවන නාසා හැඩයේ අහඹුතා නොතකා) උණුසුම් දේශගුණික ප‍්‍රදේශවල ජනතාවගේ නාසවලට වඩා පටු ගතියක ප‍්‍රවණතාවක් ඇතැයි පර්යේෂකයෝ සොයා ගත්හ. මේ අධ්‍යයනයේ ප‍්‍රධාන කතුවරයා පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ අර්ස්ලාන් සයිඩිය. ඔහු පවසන අන්දමට අපේ ජානමය අනුවර්තනයට පාරිසරික පීඩනයන් බලපාන අන්දම ගැන මෙය සාක්ෂියක් බව සයිඩි කියා සිටියි. එම අනුවර්තන අදටත් අපේ සෞඛ්‍යය කෙරෙහි සියුම් ආකාරයෙන් අනුමිති ඇතිකරවන බව ඔහුගේ මතයයි.
දේශගුණය මගින් නාසයේ හැඩය කෙරෙහි බලපෑම ඇති කළ හැකි බවට මුල් අදහස ඉදිරිපත් කළේ ආතර් තොම්සන්ය. ඒ 1880 ගණන් වල අගය. ඔහු කියා සිටියේ ශීතල, වියළි දේශගුණික රටා සහිත කලාප පටු නාස වලට හිතකර වූ අතර අනෙක් අතට උණුසුම්, ආර්ද්‍ර (තෙත්) දේශගුණික කලාප වල නැඹුරුව කෙටි, පළල් නාස වලටය. (මිය ගිය අයගේ) හිස් කබල හැඩය පරීක්ෂා කරමින් මෙම අදහස මෙයට කලින් පරීක්ෂාවට ලක් කර තිබුණි. එහෙත්, නාසයේ හැඩය පිළිබඳ විවිධ අංග හසු කර ගැනීමට ප‍්‍රථම වරට පර්යේෂකයන්ට හැකි වුනේ සජීවී සහභාගී වන්නන් 3D අනුරූපනයට(3D imaging) ලක් කිරීමෙන් බව PLoS Genetics සඟරාවේ පළ කෙරුණු මෙම නව අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

සමස්තයක් වශයෙන් නාස්වල විවිධාකාර හැඩ තිබුණේ වී නමුත් දත්ත වලින්ද තොම්සන්ගේ මතය තහවුරු වන බව මෙහිදී ඉස්මතු විය. අධ්‍යයනයට ලක් කෙරුණු ජන කණ්ඩායම් පදිංචි ඒ ඒ පළාතේ උෂ්ණත්වය මෙන්ම ආර්ද්‍රතාවය සහ නාසයේ පළල අතර සම්බන්ධතාවක් දක්වන බව ද හෙළිවිය. අප හුස්ම ගන්නා විට අපේ සිරුරට ඇතුල් වන වාතයට එරෙහි ප‍්‍රථම ආරක්ෂක රේඛාව නාසය බව සළකන විට මෙකී මතයේ අරුතක් ඇති බව සයඩි කියා සිටියි.
‘‘පෙණහළු බෙහෙවින් නිරාවරණයි. කෙනෙකුගේ පෙනහළු වෙත එන වාතය මගින් සීතල, වියළි බව, බැක්ටීරියා, රෝග කාරක මෙන්ම අංශු ද රැගෙන එනු ලබනවා. නාසය පෝරුදමන අභ්‍යන්තර ස්වසන ස්ථර සතුව අංශු මෙන්ම රෝග කාරක ද හසු කර ගන්නා යාන්ත්‍රණ තියෙන අතර එම යාන්ත්‍රණ පෙනහළුවලට යාමට පෙරාතුව ඇතුළට එන වාතය උණුසුම් කර තෙත්(ආර්ද්‍ර) කරයි. තෙතමනය රඳවා ගැනීමේ දී වඩාත් සීතල වාතයෙහි කාර්යක්ෂමතාවය අඩුය. එහෙත් මේ හැකියාව(පෙනහළු ඇතුළට එන) ද්‍රව්‍ය හසුකර ගැනීමේ දී ඉතා වැදගත් වේ. ඒවා කලින්ම හසුකර නොගතහොත් ශ්වසන රෝගවලට මග පෑදිය හැකිය. මෙම යාන්ත‍්‍රණය දේශගුණය සමග නාසවල හැඩයේ ඇතිවන වෙනස්කම් වලට මග පෑදු පරිණාමීය පීඩනයට වගකිව යුතු විය හැකි යයි සයිඩි පෙන්වා දෙයි.
නාසයේ හැඩය යනු පරිසරය කෙරෙහි ජානමය අනුගතය පිළිබඳව දැක්විය හැකි සුළු නිදසුනක් ලෙස පෙනී ගියත් අනෙකුත් වඩා කැපී පෙනෙන නිදසුන් අද සෞඛ්‍යය සම්බන්ධව විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකියි. අපේ ආදිතමයන්ට සුවිශේෂ වු දේශගුණයට අනුගත වන ලෙස ඇති වූ වරණීය පීඩනයන් පිළිඹිබු කරන ප‍්‍රවේණිගත ගති ලක්ෂණ පිළිබඳ තවත් නිදසුනක් ලෙස සමෙහි පාට හා වර්ණනය(pigmentation) දැක්විය හැකිය.
ඉහළ වර්ණන ප‍්‍රමාණයක් සහිත මුල්කාලින කළු සම පුද්ගලයන් සමකය අසල ප‍්‍රදේශවල පරිණාමය වුණේ සූර්යයාගෙන් එන හානිකර පාර ජම්බුල කිරණ (UV radiation) වලට ඔවුන් වැඩි ප‍්‍රමාණයක් නිරාවරණය වූ හෙයිනි. ඒ අතරතුර ධ‍්‍රැව ප‍්‍රදේශවලට ආසන්නව ජනයා අඩු වර්ණනය ප‍්‍රමාණයක් සහිත සමක් ඇතිව පරිණාමය වූහ. වර්ණනය අඩු වීම, ඔවුනට විටමින් D නිෂ්පාදනය සඳහා වැඩි සූර්යාලෝකයක් අවශෝෂණය කර ගැනීමට මග පෑදීය.

ලෝක ජනගහන එන්ට එන්ටම ගෝලීයකරණය වෙද්දී එමෙන්ම ජනයා ඉතා කෙටි කාලවලදී සංක‍්‍රමණය වීමක් සිදු වෙද්දී අප උරුම කරගෙන ඇති අනුගතවීම් උපකාරයකට වඩා බාධාවක් ලෙස ක‍්‍රියා කිරීමට ඉඩ තිබෙන බව සයිඩි පෙන්වා දෙයි. නිදසුනක් ලෙස ගතහොත් ඉහළ උත්තාංශයක ජීවත් වන කළු සමක් සහිත ජනයාට සූර්යාලෝකය එපමණ නොමැති පරිසරයන්ට දුර්නුවර්තනයට ගැලපීම(mal-adaptation) සඳහා D විටමිනය අතිරේකව ගත යුතු වේ. නාසයේ හැඩය වේවා, සමෙහි පාට වේවා මේ අනුවර්තන ගැන හැදෑරීමෙන් අද පැන නැගිය හැකි ආකාරයෙන් එවැනි සෞඛ්‍ය ප‍්‍රශ්න ගැන අවබෝධයක් ලබා ගැනීම මෙන්ම ප‍්‍රතිකාර කිරීමට මග පෑදෙන බව හෙතෙම කියා සිටියි. එහෙත් මේවන් වෙනස්කම් තිබියදී වුව වඩාත් අපූරු දෙය වන්නේ අප කොපමණ වෙනස් ද යන්න නොව අප කොපමණ සමාන ද යන්න බව සයිඩි ගේ මතයයි.
‘‘ජානමය(genetic) සහ රූපානුදර්ශී (phenotypic) විචල්‍යයන් බොහොමයක් ම අපේ ජනගහනයන් ඇතුළත මිස ඒවා අතරේ නොවේ. මෙය හොඳින් අධ්‍යයනය කෙරුණු කාරණාවකි. පරිසරයට නිරාවරණය වීමෙන් සම වර්ණනය හා නාසයේ හැඩ වැනි ගති ලක්ෂණ අනෙක් ගති ලක්ෂණ බොහොමයකට වඩා ඉක්මණින් පරිණාමය වී ඇත්තේ ස්වභාවික වරණය(natural selection) නිසාවෙනි. ඒවා නීතිය හෙවත් න්‍යායට වඩා ව්‍යාතිරේකය ලෙස සැලකිය හැක. මිනිස්සු බොහෝ විට සමානකම් නොසලකා හැර වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරති. මානව වෙනස්කම්, ජනවර්ගය පිළිබඳ මති (notions of race) හා නොගැලපෙන බව මිනිසුන්ට නිරතුරුව සිහිපත් කළ යුතුයි’’ සයිඩි කියයි.
Naked Scientists හි පළවූ Nose shape dependent on ancestral climate යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න