මුහුද ආකර්ෂණීයයි. එක දිගට බලා සිටිය හැකි වූ මනාප කලාපයක්. එහෙත්, අප බොහෝදෙනෙකු දැක නැතුවාට මුහුදේ මතුපිටට යටින් ඇත්තේ ඒ හා සමානවම මනබඳින විසිතුරු ආගන්තුක ලෝකයක්. අපේ සාගර පත්ල තැන් තැන්වල ඇති ගැඹුරු මුහුදු පරිසර පද්ධති පුදුමාකාර විවිධත්වයකින් හා අසාමාන්‍ය ජීවන රටාවලින් යුක්තයි.

ගැඹුරු මුහුදු පරිසර පද්ධති අතරේ වඩාත්ම ප්‍රකට  ජලතාප කවුලුයි (hydrothermal vents). ඒවා ගැන වැටහීමක් ලබාගන්නට  නම් අපට භූවිද්‍යාව ගැන යම්  අවබෝධයක් තිබිය යුතුයි. අපේ ග‍්‍රහ ලෝකය වන පෘථිවිය වැසී ඇත්තේ තුනී විනියර කබොල්ලකිනි. බොහෝ විට මෙය සමාන කෙරෙන්නේ බිත්තරයක කටුවටයි. එහෙත් බිත්තර  කටුවක මෙන් නොව,  පෘථිවි කබොල්ල සම්පූර්ණව එකට තිබෙන්නක් නොවෙයි.  ඒ වෙනුවට එය සෑදී ඇත්තේ භූකාරක යනුවෙන් දැක්වෙන තැටි  වශයෙනි. භූකාරක තැටි(tectonic plates) සමහරක් අති දැවැන්තය. සමහරක් කුඩාය. ප‍්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මගින් අපේ ග‍්‍රහලෝකය කොපුවක ආකාරයට අසුරාගෙන තිබේ.

ඒවා අපසරනණයවිම(තැටි දෙපසට ගමන් කිරීම), අභිසරණයවීම(තැටි එකිනෙකට මුහුණ ලා ගමන් කිරීම)  හා තිරයක් විභේදයවිම(තැටි ආං ශිකව ගමන් කිරීම සිදුවන  අතර (භූ කම්පන හා යමහල් සමග සම්බන්ධ  කරගෙන අප විසින් සලකනු ලබන)  වඩාත්  හුරුපුරුදු තිරස් විස්ථාපනය(heave) එම කි‍්‍රයාවන්හි  ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවේ. එමෙන්ම අපට නොදැනෙන ආකාරයකට සිදුවන සියුම් චලනයන්ද ඇතිවේ. එසේ වුවද, පෘථිවි පෘෂ්ඨයට යට ඇති මැන්ටා හෙවත් ලෝ දිය හෝ උණු ව ගිය පාෂාණවල(magma or molten rock) සෙමින් සිදුවන චකී‍්‍රයකරණය මගින් මෙහෙයවනු ලබන චලනය සෑම දිනයකම  සිදුවේ. භූකාරක තැටි එකිනෙක හා ගැටීම  හෝ එකිනෙකින් ඈත් වීම වැනි අධික භූකාරක  කි‍්‍රයාකාරිත්වයක් ඇති ප‍්‍රදේශවල සාගර පත්ල ඔස්සේ පටු විවර හා පැල්ම ඇතිවේ. මේ ජිදා වලට ශීතල සාගර ජලය වේගයෙන් ගලා එන අතර එම ජලය සෙල්සියස් අංශක 400ක තරම් (ෆරන්හයිට්750 0) තරම් අධික උෂ්ණත්වයක් දක්වා රත්වේ. මේ අධික උෂ්ණත්වයන් රසායනික ප‍්‍රතිචාරයන්ට මගපාදන අතර එමගින් මුහුදු ජලයෙහි සංයුතිය වෙනස් වේ. ඔක්සිජන් ඉවත් කරන අතර මැග්නීසියම් සහ සල්පේට ඇතුල් වේ. එමෙන්ම, ජලය ආම්ලික වේ. කාලය ගෙවෙත්ම,  යකඩ, තඹ, කොබෝල්ට් වැනි තවත් මූලද්‍රව්‍ය  රත්වූ ජලයට ඇතුල් වෙයි. ඊළඟට මෙකී ජලය පටු සිදුරු තුළින් උඩට නගින්නේ  අවට ශීතල සාගර ජලය නැවත වරක් හමුවීමටය . තවද මෙහිදී අතිරේක රසායනික ප‍්‍රතිකි‍්‍රයා සල්ෆර් හා අනෙකුත් රසායන අවක්ෂේප කිරීමට හෙවත් ද්‍රාවණයක් ඉවත්වීමට බල පාන්නේ සාගර පත්ලෙහි ලෝහ බහුල කුලුනු නිර්මාණ කරමිනි. භෞතික ව්‍යුහයන් නිර්මාණය වීම පමණක් නොව මෙම තරල  ජිවය පෝෂණය කරයි.

අප බොහෝ දෙනෙකුට ප‍්‍රභාසංශ්ලේෂණය යන්න හුරුපුරුදුය. සූර්යාලෝකයෙන් බලගැන්වී කාබන් ඩයොක්සයිඞ් ඓන්ද්‍රීය කාබන් බවට පරිවර්තනය කෙරෙන කි‍්‍රයාදාමය ඉන් දැක්වේ. අන්තිමේදී, පෘථිවිය මත ජීවයෙන් වැඩි කොටස රඳා පවතින්නේ මේ කි‍්‍රයාදාමය මතයි. එහෙත් ගැඹුරු මුහුදේ එවන් ආලෝකයක් නොමැත. ඒ වෙනුවට ඓන්ද්‍රීය කාබන් සෑදීම සඳහා ක්ෂුද්‍ර ජීවීහු  හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් වැනි රසායනිකවල ශක්තිය යොදා ගනිති. මේ කි‍්‍රයාදාමය හඳුන්වනු ලබන්නේ රසායනික සංශ්ලේෂණය (chemosynthesis) යනුවෙනි. එය ජලතාපකවුළුවල  දැකිය හැකි සරු, ජීවය පෝෂණය කරයි. යෝධ නල පණුවන් (Riftia pachyptila),  යෙටි කකුළුවන්(Kiwa hirsute) විවර ඉස්සන්(Rimicaris hybisae) මේ ජීවීන් අතර වේ. ඒ එක්කම, මේ සත්ව විශේෂයන්ගේ බඩවැල්, කරමල හා කවච(shells) අතරේ ජීවත්වන ක්ෂුද්‍රජීවීන් ද අමතක කළ නොහේ. ඔවුන් නොමැතිව ජලතාප කවුළු  පරිසර පද්ධතියක් පැවතිය හැකිද?  නොහැකිය!

අවුරුදු 40ක් තරම් මෑතක් වන තුරු අප නොදැනුවත්ව පැවති ජලතාප කවුළු විද්‍යාඥයන් විසින්  මුලින්ම සොයා ගනු ලැබුවේ ශාන්තිකර සාගරයෙහි Alvin නම් දියයට නෞකාවේ ආධාරය ඇතිව. මෙම ජලතාප කවුළු ලොව පුරා සාගරවල පවතින  බව දැන් අපි දන්නෙමු. තවද, සාගරවල ඇත්තේ ඒවා පමණක් නොවේ. ජීවය ගහණ, රසායනික  සංශ්ලේෂණයෙන් පෝෂිත වෙනත් පරිසර පද්ධති ද  සාගරවල තිබේ.

සීතල කවුළු(Cold seeps)

එම පරිසර පද්ධති අතර ප‍්‍රධාන තැනක් සීතල කවුළු හෙවත් සීතල වැස්සීම් (Cold seeps) අත්පත් කර ගනී. මේවා කරිජ්ජ (කරදිය) තටාකවල දැක ගත හැකිය. කරිජ්ජ තටාක යනු මැක්සිකෝ බොක්කෙන් සොයා ගත් ඒවා අන්දමේ මුහුදු පත්ලේ තිබෙන ලවණ පෝෂිත තටාකයි. නොඑසේ නම්, සාගර පත්ලෙන් දියර (තරල) හා වායු තල්ලූකරගැනීම පිණිස යාන්ත‍්‍රණයක් සපයන භූ කාරක තැටි  හමුවන හෝ අභිසරණය වන (converging) මහද්වීප අද්දර දිගේ මේවා හමුවේ. මේ තරල, හයිඩ‍්‍රජන් සප්ෆයිඞ්, මීතේන් සහ අනෙකුත් හයිඩ්‍රොකාබන්වලින් පොහොසත්ය. රසායනික සංශ්ලේෂණයට අවශ්‍ය රසායනික ශක්තිය එමගින් සැපයේ. ජලතාප කවුළු මෙන්ම සීතල කවුළුද යෝධ නල පණුවන්ගේ පැවැත්මට ආධාර කරයි.

සාගර පත්ලෙන් පිහාටු ලෙස උඩට පැන නගින බුබුළු මගින්, එහෙමත් නැති නම් සිතල කවුළුවලට කලාල එළන ඝන ධවල  වර්ණ ක්ෂුද්‍ර ජිවී කලාල වලින් සීතල කවුළු හඳුනා ගත හැකියි. අවසාදිතවලින් බේරෙන හයිඩ‍්‍රජන් සප්ෆයිඞ් මගින් දිවි රැක ගන්නා ජීවිත පිළිබඳව මෙම කලාල මුල්ම පෙරනිමිත්තක් විය හැකියි.

ජලතාප කවුළු සහ ශීතල කවුළු එක්ව අපට සපයන්නේ අපට නුහුරු ආගන්තුක ලෝකයකට එබී බැලීමේඅවස්ථාවකි. එම අවසරය ලබාදීමෙන් අපට වෙනත් ග‍්‍රහ ලෝකවල අතිශය අන්ත තත්ත්වයක් යටතේ ජීවය කෙබඳුවේදැයි  උගෙනීමට අවස්ථාව සැලසේ. එමෙන්ම ඓන්ද්‍රීය ද්‍රව්‍ය තැනීමේ නව ක‍්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීමටද අවස්ථාව සැලසේ. තවද එමගින් අපට මේ ග‍්‍රහ ලෝකය තුළ ජීවය පරිණාමය වූ අන්දම ගැන ද අදහසක් ලබාගන්නට අපට හැකිවේ.

ඉතින් ඔබ මුහුද වෙරළට ගොස් මුහුදෙහි අසිරිය විඳිමින්  සිටින අවස්ථාවේ මුහුදු පත්ලෙහි ඇති ඒ ආගන්තුක ලෝකය ගැන සිහි කරන්න. එහි ඇති ජලතාප කවුළු  හා සීතල කවුළු ගැන ලියැවුණු මේ ලිපිය සිහියට නගා ගන්න. මෙය, ජලතාප කවුළු හා ශීතල කවුළු ගැන තවත් හැදෑරීම් කිරීමට ඔබ පොළඹවන උත්තේජනයක් වේවා  යයි අපි පතමු.

Naked Scientists හි පළවූ Hot Vents and Cold Seeps යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending