මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
ඉතිහාසය, එහි සරලතම ස්වරුපයෙන් ගතහොත් අතීතය ගැන අප අපටම කියාගන්නා කතාවලින් එය සමන්විතයි. මුල්ම ඉතිහාස ලේඛන, ඇත්තවශයෙන්ම රාජාවලියක් හෙවත් රජවරුන්ගේ නම් ලැයිස්තුවකි. පුරාණ කාලයේ මැදපෙරදිග එවැනි රාජාවලි දක්නට ලැබුණි. මේවායින් සාමාන්‍යයෙන් කෙරුනේ දෙවියෙකු දක්වා ආපස්සට පාලක රජුගේ පරම්පරාවේ සුලමුල සෙවීමයි. මෙමගින් බලාපොරොත්තුවුයේ ජනතාව පාලනය කිරීම සඳහා රජුට ඇති දිව්‍යමය අයිතිය තහවුරු කිරීමයි. ජනප්‍රවාද සහ පුරාවෘත්ත එවැනි රජ පෙළපත් හුවා දැක්වුණේ ලොව ඇති දේවල්, ඒවා පත්ව ඇති ස්වාභාවයට පත්වුයේ කෙසේද යන්න පැහැදිලි කරමිනි.
පසුව, ලේඛකයන් මෑතක අතීතය වාර්තා කිරීමට පටන් ගත් අවස්ථාවේ, කලින් ජනප්‍රවාද සහ පුරාවෘත්ත මගින් සිදු කරනු ලැබුවාක් මෙන් ඔවුන් සිය ආඛ්‍යායන නැඹුරු කිරීමට පෙළඹුනේ සිය රට, සංස්කෘතිය හෝ ආගම හුවා දක්වනු පිණිසය. යටි අරමුණු සහිතව ලේඛන ගත කිරීමට ඉතිහාසඥයන් දක්වන නැඹුරුව නැවත නැවතත් ඇතිවන ප්‍රවනතාවකි.

නිදසුනක් දක්වතොත්, දහනව වැනි සියවසේ දී බොහෝ ඉතිහාසඥයන් ඔවුන් සිටි කාලයට අදාලව පවතින තත්ත්වයෙහි උත්තරීතරත්වය කුටප්‍රාප්ත වන අයුරින් ඉතිහාසය ලියා දැක්වුයේ මානව ප්‍රගතියේ වාර්තාවක් ලෙසටය. මැකවුලේ සාමිවරයා (1800-1859) වැනි ඇතැම් බ්‍රිතානඥ ඉතිහාසඥයන් ඉතිහාසය දැක්කේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කරා යන සිත් පොළඹවන සුළු ගමන ලෙසටයි. ජර්මනියේ දර්ශනවාදියෙකු වන G.W.F. හේගල් ට අනුව ඉතිහාසය යනු (තමන් ද යටත්ව විසු) පරමාධිපත්‍යවාදී ප්‍රසියානු රාජ්‍යයෙන් කුටප්‍රාප්තවන වියුක්ත අදහස්වල නොවැලක්විය හැකි එළිදැක්මයි. කාල් මාක්ස් ද එවැනිම නියතිවාදී ප්‍රවේශයක් අනුගමනය කල ද ඔහු ඉතිහාසයේ අභිප්‍රේතාර්ථය ලෙස දැක්කේ කොමියුනිස්ට්වාදයයි.

ඉතිහාසය යනු කිසියම් අතිගාමි හෙවත් අතිප්‍රසාරි අරමුණක් ක්‍රියාවට නැංවීමක් යන්න වර්තමානයේ ඉතිහාසඥයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර වඩාත් වෛෂයික වාර්තාකරණයක් අගයති. එසේවුව ද, ඉතිහාසය දැක්වීමේදී පුර්ණ වෛෂයිකත්වයක් ළඟා කරගත නොහැක. යම් කාරණාවක් ඛණ්ඩනය කළ නොහැකි ලෙසට සත්‍යයක් බව දෑක්වියහැකි විටක පවා ඉතිහාසය සමන්විතවන්නේ කිසියම් ආකාරයක වාර්තාවක් හෝ පැහැදිලිකිරීමක් බවට පත්කරමින් සිදුකෙරන කරුණුකාරනාවල තේරීමක්ය. ඉතින්, කුමන කරුණු වැදගත්වේ ද එමෙන්ම ඒවා අනෙකුත් කරුණු වලට කෙසේ අදාලවේ ද යන්න තීරණය කිරීමේ ක්‍රියාවේදී ම ඉතිහාසඥයා අනිවාර්යයෙන්ම ඔහුගේ හෝ ඇගේ පන්තියේ(class), සංස්කෘතියේ සහ සිය ලිංගිකත්වයේ (ස්ත්‍රිපුරුෂ භාවයෙහි) පවා අභික්ෂාව ප්‍රදර්ශනය කරයි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ History කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න