මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් 

ප්‍රතිඵල වශයෙන් දෙකෙහිම එකම ආනිසංස පවතින, කිරීමක(an act)  සහ ඊට ප්‍රතිවිරුද්ධව   අතෑරුමක(omission)   සාපේක්ෂ  තත්ත්වය දිගු කාලයක්  තිස්සේ දාර්ශනිකයන් සහ දේවවාදීන්ගේ විමසිල්ලට ලක්වුවක්. නිදසුනක් ගතහොත්, මුසාවක් පැවසීම සහ නිහඬව සිටිමෙන්  සත්‍යය පැවසීමට අපොහොසත්වීම අතර සදාචාරාත්මක වෙනසක් තියෙනවාද?  එහෙමත් නැත්නම්, ඝාතනය කිරීම හෝ ඝාතනයට ලක්වීමට ඉඩ හැරිම අතර වෙනසක්?

ප්‍රශ්නය, සංවිපාකවාදින් (consequentialists) සහ යුක්තිවාදින්(deontologists)  අතර — ඒ කියන්නේ උපේය(ends) මගින් උපාය(means) සාධාරණය වේය යන්න අදහන්නන් (වෙන වචනවලින් කියනවා නම්, ප්‍රතිඵලය යහපත් නම් ගන්න ක්‍රියාමාර්ගය කුමක් වුවත් කම් නැත හෙවත් ‘ගල හොඳ නම් අඹරන කහ මක්වේද?’ වැන්නක්) අතර  ප්‍රධාන වශයෙන් පවතින් දෝෂ ඉම ඉස්මතු කර දක්වයි. සංවිපාකවාදින් කිරීම් සහ අතෑරුම්  කිරා මැන  බලන්නේ  තනිකරම හෝ වැඩිකොටම ඒවායේ ප්‍රතිඵල මතය. මෙයට ප්‍රතිවිරුද්ධව යුක්තිවාදින් සැලකිල්ල යොමු කරන්නේ කල යුත්ත කිරීම නැතිනම් තම යුතුකම හෝ වගකීම ඉටුකිරීම කෙරෙහිය: එහෙත්, නිදසුනකට ගතහොත් (කෙනෙකු) මරණයට පත් නොකර සිටීමෙන් ඉටුකරන  යුතුකම ජිවිත බේරා ගැනීමට ඇති යුතුකමට වඩා පැහර හැරිය නොහැකි මුලික සදාචාරාත්මක යුතුකමක් ද  යන ප්‍රශ්නය මෙහි දී පැන නගියි. පොදුවේ ගතහොත්, වූවමනාවෙන් සිදුකරන මරණ මිනීමැරුම්(murder)  ලෙසත්,  මරණයට මග පාදන නොසැලකිල්ල(negligence)  වඩාත් ලිහිල් චෝදනාවක්  වන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන(manslaughter)  ලෙසත් නීතියේ දැක්වේ.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Acts and omissions කොටස ඇසුරෙනි

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending