ජීවිතය පැවතීම සඳහා සපුරාලිය යුතු ක‍්‍රියාදාම හතක් ගැන පාසල් ජීව විද්‍යා පෙළ පොත් සඳහන් කරයි : චලනය(movement), පෝෂණය(nutrition), ශ්වසනය(respiration), බහිස‍්‍රාවය(excretion), ප‍්‍රජනනය( reproduction), සංවේදනය(sensing) හා වර්ධනය(growth) එම ‘ජීවන ක්‍රියාදාමයි’( seven processes of life). ජීවියෙකු ලෙස සැලකෙන දේ අතර කුඩාම දේවල් අතරට වෛරස බොහොමයක් අයත්ය. නැනෝමීටර් වලින් කීවොත් 18-300 අතර වේ. සෑම සියළු වෛරස මානවයන්ට හෝ වෙනත් සංකීර්ණ ජීව ස්වරූපවලට  ප‍්‍රහාර එල්ල නොකරයි. බොහෝ වෛරස බැක්ටීරියා ගොදුරු කර ගනියි. ප‍්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න පෙර කියවන්න.

දැන් වෛරසයකට පණ තියනවා ද? යන ප‍්‍රශ්නයට පිළිතුර සළකතොත් : ඔව් සහ නැහැ යන දෙකම පිළිතුරු ලෙස දැක්විය හැකියි: වෛරසයට පණ පිටින් හා පණ පිටින් නොවේ. ඔය පිළිතුරට ලකුණු දෙනවා නම් ‘ඔව්’ යන්නට එක ලකුණයි; නැහැ එක ලකුණයි; ‘ඔව් නැහැ’ දෙකම නම් ලකුණු දෙකයි. නැතහොත් ‘අපි දන්නේ නැහැ’ හෝ  ‘‘පණ පිටින් යන්න අර්ථ විවරණය කරන ආකාරය අනුව රඳා පවතිය’’ යන පිළිතුරුවලටත් ලකුණු දෙක බැගින්.

වෛරසයකට පණ තියනවාද නැද්ද යන්න ගැන ඇත්තටම එකඟත්වයක් නැහැ. ඉහතින් අවධානයට යොමු කළ ජීව විද්‍යා පෙළ පොතෙහි සඳහන් ක‍්‍රියාදාම හත ගැන සැලකිල්ල යොමු කර බලන විට නම් වෛරසය පවතින්නේ  පණ පිටින් නොවෙයි. මන්ද කීවොත්  නිදසුනකට,  ඊට සම්ප‍්‍රදායානුකූල පරිවෘත්තියක් නැත. තවද, ඊට ප‍්‍රජනනය සඳහා අභ්‍යන්තරගත හෙවත් නෛසර්ගික යාන්ත‍්‍රණයක් ද ඇත්තේ නැත. ඒ වෙනුවට වෛරසය වෙනත් සෛලයක ප‍්‍රජනන යාන්ත‍්‍රණය  පැහැර ගනී. ප‍්‍රායෝගිකව ගත්තොත්, ප‍්‍රජනනය හා ව්‍යාප්ත වීමේ අරමුණින් ඇතිව  deoxyribonucleic acid (DNA) සහ ribonucleic acid (RNA) සඳහා වන වාහක යාන්ත‍්‍රණයකි.

වෛරස මුලින්ම සොයා ගත් අවධියේ ඒවා  සරලව සැලකුණේ බැක්ටීරියාවලට සමාන කුඩා ඒවා ලෙසයි. එහෙත් පසුව ඒවායේ ප‍්‍රජනන ක‍්‍රමය හඳුනා ගනු ලැබීමෙන් පසුව වෛරසයක් පණ පිටින් නැහැයි යනුවෙන්  සම්ප‍්‍රදායානුකූලව සැලකින. ඒ කෙසේ වෙතත්, නූතන ජීව විද්‍යාඥයන් ගණනාවක්ම මේ තර්කය අභියෝගයට ලක් කරති.   සෛල මට්ටමින් ක‍්‍රියා කිරීමේ දී (ඉහත දක්වා ඇති) ‘ජීවන ක‍්‍රියාදාම’ ප‍්‍රවේශයෙහි දැඩි සීමාවන් පැවතීම ඊට හේතුවයි. නිදසුනක් ලෙස දැක්වුවහොත්,  ජිවත් වේ දැයි පරික්ෂා  කිරීම උදෙසා පෙර සඳහන් ජීවන ක‍්‍රියාදාමය යොදා ගතහොත්, සජීවී මනුෂ්‍ය සෛලයක්ද  පණ පිටින් යයි කීමට සුදුසුකම් නොලබයි. (එම ක්‍රියා දාමයේ ඇතැම් අංග ඒවාට නොමැති හෙයිනි)

තවද, වෛරසයට ජීවයක් නැතැයි යන්න බැහැර කිරීමට විරුද්ධව තවත් තර්කයක් ලෙස මිමිවෛරස (mimiviruses) යන අතිශය විශාල වෛරස සොයා ගැනීම දැක්විය හැකියි. (මිමි වෛරසය යනු මෙතෙක් දැන සිටින කිසිම වෛරසයකට වඩා අතිශය විශාල,  එමෙන්ම වඩාත් සංකීර්ණ ජානමය ව්‍යුහයක් සහිත ඇමීබාවන්ගේ දැකිය හැකි වෛරසයකි)  සාමාන්‍ය වෛරසයක අපි බලාපොරොත්තු වනවාට වඩා සජීවී ජීවියෙකු සතුව ඇතැයි අප අපේක්ෂා කරන අභ්‍යන්තර යාන්ත‍්‍රණ වැඩි ගණනාවක් මිමි වෛසර සතු වේ.

එමෙන්ම, ජානමය ඉතිහාසය පිරික්සීමෙන් 2015 තරම් මැතක දී සොයා ගැනීමට හැකි වූයේ සජීවී සෛලවල ගුණාංග පාරාසයක්ම වෛරස ද සතු බවයි. තවද වෛරස වඩාත් සාම්ප‍්‍රදායානුකූල සෛලමය ජීවීන් ලෙස සම්භවය ලබන්නට ඇතැයි ද පරිණාමීය වාසි තකා සංකීර්ණතා හැලෙන්නට ඇතැයි ද සැක කෙරේ. ඒ අනුව, වෛරස සැමදාමත් මේ ආකාරව සරල නොසිටින්නට ඇතැයි ද සැලකේ.

සමස්තයක් වශයෙන් ගත් කළ වෛරසයකට පණ තිබේ ද යන්න ගැන විනිශ්චය කරන ජූරියේ තීරණය නම් තවමත් ලැබී නැත. එහෙත් පෙනෙන්නට ඇති සාක්ෂි නම්  තරමක් නැඹුරුව ඇත්තේ වෛරස පණ පිටින් යන්න දෙයටය.

 

WHAT COLOUR  IS THE SUN?  by BRIAN CLEGG(2016) ග්‍රන්ථයේ Is a virus alive? ප්‍රශ්නය ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending