‘දැක්ක ගමන් හිත බැදුනා’ එහෙමත් නැතිනම් ‘දුටුදා ඉඳලා ලූහු බැන්දා’ හෝ ඉංගී‍්‍රසියෙන් ‘love at first sight’ ආදී වශයෙන් කියැවෙන්නේ ආලය, ආදය පේ‍්‍රමය දෑසින් දැකීම හෙවත් දර්ශනය නිසා හට ගන්නා බවකි. “මං එයාට ආදරය කරන්න පටන් ගත්තේ එයාව මුලින්ම දැක්ක මොහොතේ ඉඳලයි” යනුවෙන් කියනු ඔබත් සමහරවිට අසා ඇත. එහෙත්, කෙනෙකු තවත් අයෙකුට ආකර්ෂණයවීමේදී සම්බන්ධවන සංවේදය (sense) දැකීම පමණක් නොවේ යයි අලූත්ම පර්යේෂණ පෙන්නුම් කරයි.
‘ලස්සන ඇත්තේ දකින්නාගේ ඇස තුළය’ යනුවෙන් අප අතරේ ප‍්‍රකට කියමනක් තිබුණ ද ලස්සන සමහර අවස්ථාවල නිරික්සන්නාගේ සවන් යුගලයෙහි හෝ නාසයේ ද තිබිය හැකිය. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට ආකර්ෂණයවීමේදී දර්ශනය හෙවත් දැකීම තරමටම එම තැනැත්තාගේ කටහඬ හා එම තැනැත්තාගේ රැඳී සුවඳ ද වැදගත් විය හැකි යයි මෙම නව පර්යේෂණා මගින් පෙන්නා දෙනු ලැබේ. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ වසර 30ක් තිස්සේ පළ කර ඇති පර්යේෂණ වාර්තා ගවේෂණය කිරීමෙනි. එම වාර්තාව Frontiers in Psychology නම් සඟරාවෙහි පළ කර තිබේ.

‘මෑතක බොහොමයක් පිරික්සුම් මගින් අවධානය යොමු කෙරුණේ දෘශ්‍යමය ආකර්ෂණය කෙරෙහියි. නිදසුනක් ගතහොත් මුහුණෙහි හෝ සිරුරෙහි සිරියාව දැක්විය හැකිය’යි අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ අගතා ග්‍රොයෙකා කියා සිටියි. ඇය පෝලන්තයේ ව්රොක්ලෝ විශ්වවිද්‍යාලයෙහි පර්යේෂිකාවකි. කෙසේ වෙතත්, අනෙකුත් සංවේදනයන් සහ ඒවායේ ඉටුවන කාර්ය භාරය ගැන බොහෝ පර්යේෂණ සිදු කර ඇති අතර ඒවායින් සොයා ගනු ලැබූ කරුණු කරනා අමතක කර දැමිය නොහැකි යයි ඇය කියා සිටියි. “සංවේදන මාර්ග තුනෙන්ම අන් අය ප‍්‍රත්‍යක්ෂ කර ගැනීම හෙවත් ප‍්‍රග‍්‍රහණය මගින් වඩාත් විශ්වාසය තැබිය හැකි එමෙන්ම පුළුල් විවිධත්වයකින් යුක්ත තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් විය හැකියි” ග්‍රොයෙකා සඟරාවකට පුවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නීය.

ලිංගිකත්වය (Gender = ස්තී‍්‍ර – පුරුෂභාවය) සහ වයස සමගම පුද්ගලයාගේ කටහඬ මගින්ද පුළුල් ගතිලක්ෂණ පරාසයක් හෙළිකර ගත හැකිවේ. ආධිපත්‍යය හෙවත් ප‍්‍රමුඛතාව (dominance), සහයෝගීතාව (cooperativeness) චිත්තවේගී ස්වාභාවය සහ සිරුරේ ප‍්‍රමාණය පවා මෙකී පරාසයට අයත් වේ. තවද කෙනෙකු තුළ රැඳි සුවඳ (scent) ද පුද්ගලයා පිළිබඳ එවන් ආකාරයේ තොරතුරු හෙළිකිරීමට හැකි බව මෑතක පර්යේෂණ දක්වයි.
මීට අදාළව, ආකර්ෂණයේ විවිධ පැතිකඩ ගැන පරිණාමීය පැහැදිලි කිරීම් ගණනාවක්
තිබිය හැකි යයි ග්‍රොසෙතා පෙන්වා දෙයි. දුරක සිට හෙළි කර ගත හැකි (ඒ කියන්නේ පෙනුමෙන් හා කට හඬින්) මෙන්ම ආසන්නයේ සිට හඳුනා ගත හැකි (ගන්ධය) ගති ලක්ෂණවල ප‍්‍රයෝජනය මෙම පරිණාමීය පැහැදිලි කිරීම්වලට එක් කර හැකිවේ.

මේ අතර Men’s Journal නම් වෙබ් අඩවියේ පළ කරනු ලිපියක චැප්මන් සරසවියේ පර්යේෂකයෙකු වන කෙලී ගිල්ඩර්ස්ලීව් පෙන්වා දෙන අන්දමට ගන්ධය සහ ගන්ධ සන්නිවේදනය කාමා සක්ත බව සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙහිදී පෙනී ගියේ ආකාර්ෂණය සඳහා වැඩිම විභවයක් සහිත ගන්ධය ලෙස ස්තී‍්‍රන් සළකන්නේ තමන්ගේ ප‍්‍රතිශක්ති ජානයන්ට වඩා වෙනස් ප්‍රතිශක්ති ජාන සහිත පුරුෂයන්ගේ රැඳි සුවඳ බවයි. කාන්තාවක් මෙලෙස ‘ඉව‘ කරන්නේ පුරුෂයන්ගේ ප‍්‍රධාන පටක අනුකූලතා සකීර්ණය(major histocompatibility complex (MHC) විය හැකිය යන්නයි මෙයින් අදහස් කෙරෙන්නේ. මේ පිළිබඳව අධ්‍යයන බොහොමයක් කර ඇතත් සහකරුවා (පිරිමියා) තෝරා ගැනීමේදී මේ කාරණාව කෙතරම් දුරට බලපාන්නේ ද යන්න ගැන තවමත් ඇත්තේ දෙපැත්තටම ඇදෙන මිශ‍්‍ර සාක්ෂි පමණක් බවයි ගිල්ඩර්ස්ලිව් පෙන්වා දෙන්නේ.
WebMD News හි Was It Love at First Smell? යන ලිපිය සහ Men’s Journal හි The Connection between Scent and Sexual Attraction ලිපියේ කොටස් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න