මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
නුතන දර්ශනවාදයේ වඩාත් වැදගත් රැහැනක් වනුයේ භාෂාවේ දර්ශනවාදයයි. භාෂාවේ ස්වභාවය මෙන්ම අප ඇත්තටම භාෂාව යොදා ගන්නේ කුමන ආකාරයට ද යන්න පැහැදිලි කර දීමට මහා දැවැන්ත ප්‍රයන්ත දර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අතීතයේ දර්ශනවාදින් ඉදිරිපත්කල න්‍යායන් බොහොමයක් පැන නැග ඇත්තේ භාෂාව වැඩකරන්නේ කෙසේද යන්න පිලිබඳ වැරදි මත තුලිනි.

සාම්ප්‍රදායනුකුලව, දර්ශනවාදීන් උපකල්පනය කර තිබුණේ වචනයක අර්ථය යනු සරලව එහි අභිධානයයි(හැඟවීමයි=reference), වචනය පෙනී සිටින්නේ කුමකට ද යන්නය. මෙය බොහෝ විට හොඳින් ක්‍රියාත්මක වෙතත් නොපවතින දේවල් සම්බන්දයෙන් අප කටයුතු කරන විට මෙය ප්‍රශ්න ඇතිකරයි. අප අතරේ ‘අවතාරය’ යනුවෙන් වචනයක් තිබු පලියටම එවන් යමක් ඇතැයි යන්න එයින් අවශ්‍යයෙන්ම හැඟවෙන්නේ නැහැ. ‘අශ්වයා’ ‘කවය’ හෝ ‘හොඳ’ ආදී පොදු පද ඇත්තටම අමුර්ත, අභෞතික ස්වරූප යයි විශ්වාස කිරීමට ප්ලටෝ පෙළඹවුයේ මේ උගුල තමයි.
ජර්මානු ජාතික ගොටලොබ් ෆ්රේජ් වචනයකට අභිධානයක් මෙන්ම ‘තේරුමක්’ද ඇතැයි යනුවෙන් විසිවැනි සියවස අවසානයේ කියා සිටියේය. වෙනස් හෙවත් විෂම වචනවල එකම අභිධානය පැවතිය හැකි නමුත් තේරුම් වෙනස් විය හැකියි. නිදසුනක් දක්වන්නේ නම්, එල්ටන් ජෝන්ස් සහ රෙජිනෝල්ඩ් ඩ්වයිට් යන නම් දෙකින්ම දැක්වෙන්නේ එක් පුද්ගලයෙකි. එහෙත් මුල් නමින් දෑක්වෙන්නා කිර්තිමතෙකු වන අතර, දෙවැන්නෙන් සාමාන්‍ය අයෙකු දැක්වේ. ආනුෂංගිකව, එක්කෝ ආනුභවික පරීක්ෂාවෙන් නැතිනම් භාවිත කරන වචනවල නිර්වචනයන්ගේ සහ ව්‍යකරණානුකුල ව්‍යුහයේ ගුණානුභාවයෙන් සත්‍යාපනය කල හැකි ප්‍රකාශනවල පමණක් අර්ථයක් ඇති බව තර්කානුසාරී යථානුභුතවාදිහු (logical positivists) අවධාරණය කරති.

බොහෝ ආනුභාවසම්පන්න ඔස්ට්‍රියානු දර්ශනවාදියෙකු වන ලඩ්විග් විට්ගන්ස්ටයින් (Ludwig Wittgenstein 1889 – 1951) බොහෝ සේ වෙනස් ප්‍රවේශයක් ඉදිරිපත් කළේය. ඔහු දැක්වුයේ වචනයක හෝ ප්‍රකාශයක අර්ථය රඳා පවතින්නේ එහි භාවිතය මත බවයි. වෙනත් වචන වලින් කිවොත් සමාජ සම්මතය මත බවයි. විවිධ සන්දර්භයන් තුල මනුෂ්‍යයෝ විවිධ ‘භාෂා ක්‍රීඩාවන්’() කරති; නිදසුනක් දක්වන්නේ නම් කවියක් ඇතුළත අර්ථයක් දනවන උක්තියක්, විද්‍යාත්මක ලේඛනයක දී සුනරුත් විය හැකියි. භාෂාව සම්බන්ධයෙන් විට්ගන්ස්ටයින්ගේ ප්‍රවේශය දර්ශනවාද ක්ෂේත්‍රය තුළඉමහත් බලපෑමක් ඇති කළේය.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ language and meaning කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න