ග‍්‍රහයන් සහ තාරකා (අපේ සූර්යයාත් තාරකාවක්) හැම විටම වගේ දකින්නට ලැබෙන්නේ වටකුරුවට නැතිනම් ගෝලාකාරවයි. හැම ග‍්‍රහයෙකු හා තාරකාවක්ම මේ හැඩය ගන්නේද නැතිනම් හතරැස් හෝ පිරමිඩ ආකාර ග‍්‍රහලෝක තිබේද? අපි සොයා බලමු.
තාරකා හා ග‍්‍රහලෝක වැනි දැවැන්ත වස්තූන් කොපමණ නම් බරකින් යුක්ත ද කීවොත් ගුරුත්වය සැම විටම (බලපෑම් ඇති කළ හැකි) අනෙකුත් බලයන් අබිභවමින් එම වස්තු ගෝලාකාර කෙරේ. ග‍්‍රහ ලෝකයක සියලූම පාෂාණමය ද්‍රව්‍ය සහ තාරකාවක සියලූම වායු මගින් අනෙකුත් සියලූ පදාර්ථ ආකර්ෂණය කරගනු ලබන බවට වගබලා ගත්නේ ගුරුත්වයයි. එමගින් උත්සාහ කෙරෙන්නේ ආකාශමය වස්තුවේ බඳ වටා හැකිතරම් පදාර්ථ ඒක රාශී කර ගැනීමටයි. එයින් තමයි ගෝලාකාර හැඩ නිර්මාණය වන්නේ. හරියට අපි පිටිගුලියක් හැම පැත්තකින්ම තෙරපන කොට බෝලයක හැඩයක් ගන්නා වාගෙයි.
කොහොමවෙතත්, ක්ෂුද්‍ර ග‍්‍රහයන් හෙවත් ග‍්‍රහක එමෙන්ම චන්ද්‍රයන් වැනි කුඩා වස්තු වෙන හැඩයකින් යුක්ත විය හැකියි. ඉතා දැවැන්ත වස්තු තමයි ගෝලාකාර හැඩගන්නේ. කුඩා ඒවා සාමාන්‍යයෙන් විෂම හැඩ ගනියි. ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ තාරකා භෞතිකඥයන් ගණන් බලා ඇති අන්දමට බෝල හැඩය හා විෂම හැඩය අතර ඉම කිලෝ මීටර් 600ක විෂ්කම්භයක් ගනී. පාෂාණවලින් මූලිකව සමන්විත ග‍්‍රහකයන්, . එය හරහා දුරින් කි.මී. 600 ඉක්ම වන්නේ නම් සැම විටම වටකුරු වන්නේය. තනිකරම අයිස්මය චන්ද්‍රයෙකු නම් සීමා රේඛාව වන්නේ කි.මී. 400 කි. මන්ද. පාෂාණමය ද්‍රව්‍යවලට වඩා පහසුවෙන් අයිස් සම්පීඩනය වන හෙයිනි.
සියලූම තාකරා හා ග‍්‍රහයන් වටකුරු වුවත් ඒව අවශ්‍යයෙන්ම පරිපූර්ණ ගෝල විය යුතු නොවේ. පාෂාණමය ග‍්‍රහයෙකුගේ පෘෂ්ඨය වල ගොඩැලි සහිත අසමානාකාර ස්වභාවයක් ගත හැකිය. ඉතින්, තාරකා හෝ ග‍්‍රහයන් භ‍්‍රමණය වන විට ඒවා සුළු වශයෙන් බඳ වටා නෙරා ආ හැකිවේ. පෘථිවියේ භ‍්‍රමණය හේතුවෙන් එය ඉතා මද වශයෙන් පැතලි බවක් ගනී. ඒ අනුව එහි සමකය දක්වා මධ්‍යයේ සිට කි.මී. 6,378 ක් වන ඇති මධ්‍යයේ සිට ධ‍්‍රැව වෙත දුර කි.මී. 6,354 කි. මේ පිළිබඳව දිය හැකි වඩාත් කැපී පෙනෙන නිදසුන වේගයෙන් භ‍්‍රමණය වන වේගා තාරකාවයි. එහි උසට වඩා පළල 23%කින් වැඩිය.

කි‍්‍ර.ව. 2006 දී අන්තර්ජාතික තාරකා විද්‍යාත්මක සංගමය (International Astronomical Union) ග‍්‍රහයෙකු හෝ වාමන ග‍්‍රහයෙකු ලෙස අර්ථ දැක්වීමට නම් එම වස්තුව එහිම ගුරුත්වය හේතුවෙන් ගෝලාකාර හැඩයට ආසන්න විය හැකි තරමට ප‍්‍රමාණවත්, විශාල ගුරුත්වයක්, ස්කන්ධයක් තිබිය යුතු යයි තීරණය කළේය. මේ තීරණයට පාදකවයි, එතෙක් ග‍්‍රහ තත්ත්වය හිමි කරගෙන සිටි ප්ලේටෝ ඉන් පහකර වාමන ග‍්‍රහයෙකු(dwarf planet) ලෙස නම් කෙරුණේ. ඉතින් මේ අර්ථ දැක්වීම අනුව ග‍්‍රහයන් මෙන්ම වාමන ග‍්‍රහයන් සැමවිටම රවුම්ය. ගෝලාකාරය.

ගෝලාකාර(Spherical)
ග‍්‍රහක පථයේ(වළල්ල) විශාලතම වස්තුව වන්නේ සීරිස් නම් ග‍්‍රහයයි. (ග‍්‍රහක වළල්ල යනු අඟහරු හා බ‍්‍රහස්පති අතර ඇති විවිධ හැඩයෙන් යුතු පාෂාණමය කැබලි වැනි වස්තුන් රැසක් ගහන තීරයයි හෙවත් පථයයි). සීරිස් ග‍්‍රහකයන් මෙන්ම වාමන ග‍්‍රහයෙකි. එහි විෂ්කම්භය කි.මී. 940 කි. රවුම් හැඩයේ යුතු වුවත් භ‍්‍රමණය හේතුවෙන් මද පැතැළි ස්වභාවයක් ගනී.

රවුම් (වටකුරු) හැඩය(Rounded)
එහි දිගැටි පැත්තේ කි.මී. 578 ක් දිග වෙස්ටා දෙවැනියම විශාල ග‍්‍රහකයයි. වෙස්ටාහි ගුරුත්වය එය ගෝලාකාර හැඩයකට පත්කිරීම තරම් බලවත් ගුරුත්වයකින් යුක්ත නොවේ. එහෙයින් වෙස්ටා යාම්තමට දිගටි හැඩයක් ගෙන ඇත.

අර්තාපල් හැඩය(Potato shaped)
ඉඩා ග‍්‍රහකය, එහි දිග පැත්තෙන් බලන විට කි.මී. 58ක් පමණක් දිගය. එහි ගුරුත්වය ඉඩා ගෝලාකාර කිරීමට තරම් කොහෙත්ම බලගතු නැත. ඉතින් ඒ වෙනුවට ඉඩා ග‍්‍රහකයට ඇත්තේ අර්තාපල් අලයක හැඩයකි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න