ආහාරවලින් ලබා ගන්නා කැලරි ප‍්‍රමාණය අඩුකිරීම, වයසට යාමේ කි‍්‍රයාදාමය බාල කිරීමට හේතු වන්නේ යයි නව අධ්‍යයනයක් හෙළි කරයි.

තමන්ට ලැබෙන කැලරි ප‍්‍රමාණය අඩුකර ගැනීමට සමත් වූ මැදිවයසේ වැඩිහිටියන්ගේ ජෛවී විද්‍යාත්මක වියපත්වීම මන්දගාමීවූ බවක් පෙන්නුම් කළේ යයි මේ අධ්‍යයනයේදී හෙළි විණ. මෙයට පෙර සිදු කරන ලද පර්යේෂණවලදී සිරුරට ඇතුළුවන කැලරි ප‍්‍රමාණය සීමා කිරීමෙන් පණුවන්ගේ, මැස්සන්ගේ සහ මීයන්ගේ වියපත්වීම හීන වන බව පෙනී ගොස් තිබුණි. එහෙයින් එමගින් මිනිසුන්ගේ ජෛව විද්‍යාත්මක වියපත්වීමද මන්දගාමී කරන්නේ දැයි සෙවීමට ඩියුක් සරසවියේ පර්යේෂකයන්ට අවශ්‍ය විය. “ජෛව විද්‍යාත්මක වියපත්වීම කියන්නේ කාල ක‍්‍රමානුගත වයස ඉදිරියට යද්දී ශරීරයේ විවීධ පද්ධති තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් හෙවත් ප‍්‍රගාමීව සිදුවන පරිහානියයි” යනුවෙන් අධ්‍යයනයේ කර්තෘ, ඩැනියෙල් බෙල්ස්කි පෙන්වා දෙයි. හෙතෙම ඩර්හැම්හි ඩියුක් සරසවියේ සහකාර වෛද්‍ය මහාචාර්යවරයෙකි. ‘ජෛව විද්‍යාත්මක වියපත්වීමේ සීඝ‍්‍රතාව බාලකිරීම සඳහා අපට මැදිහත් වෙන්නට පුළුවන් නම් වයසටයාම හා සම්බන්ධ රෝග හා නොහැකියාවන් (දුබලතා) ගණනාවක්ම හැටගැනීම වළක්වා ගැනීමට හෝ අඩුතරමින් කල් දමා ගැනීමට පුළුවන් වේවි.’ යනුවෙන් ඔහු නිවේදනයක සඳහන් කරයි.

වසර දෙකක කාලය තුළ සිරුර තුළට කැලරි ගැනීම සියයට 12 කින් අඩුකර ගැනීමට සමත් වූ පුද්ගලයන් 145 දෙනෙක් සහ කැලරි ප‍්‍රමාණය සීමාකර නොගත් 75 දෙනෙකුගෙන් සමන්විත පාලක කණ්ඩායමක් ගැන පර්යේෂකයෝ අධ්‍යයනයකදී සොයා බැලූහ. අධ්‍යයනය ආරම්භයේ කණ්ඩායම් දෙකෙහිම සහභාගිවන්නන්ගේ සාමාන්‍යය ජෛව විද්‍යාත්මක වයස අවුරුදු 37ක් විය. සාමාන්‍ය කාලානුක‍්‍රම වයස ඊට ආසන්නව 38 ක් විය. ජෛව විද්‍යාත්මක වයස ගණන් බලන ලද්දේ පූර්ණ ක්ලෙස්ටරෝ ප‍්‍රමාණය, රුධිර පීඩනය සහ හෙමොග්ලොබින් මට්ටම් ඇතුළුව මාන කියැවීම් ගණනය කිරීම මගිනි.

පසු විපරමෙහි යෙදුණු වසර දෙකක කාල පරාසය තුළ කැලරි සීමා කළ කණ්ඩායමේ සෑම මාස 12ක කාල ෙඡ්දයක් සඳහා ජෛව විද්‍යාත්මක වයස සාමාන්‍යය ඉහළ ගියේ වසර 0.11කිනි. ඒ අතර පාලක කණ්ඩායමෙහි සෑම මාස 12 ක කාල ෙඡ්දයක් සඳහා ජෛව විද්‍යාත්මක වයස වැඩිවීම දක්වුණේ වසර 0.71 වශයෙනි. “සසම්භාවී පරිස්ථිතියක් තුළ මිනිසුන්ගේ වයස්ගතවීම කැලරි සීමාකරගැනීමෙන් මන්දගාමී වන්නේ දැයි ජෛව විද්‍යාත්මකව මැන බලා පරීක්ෂා කළ ප‍්‍රථම අධ්‍යයනය, අපේ අධ්‍යයනයයි” බෙල්ස්කි ඇතුළු පර්යේෂකයෝ ප‍්‍රකාශ කර සිටිති. “අන්තිමේදී නිදන්ගත රෝගාබාධ වළක්වාගත හැකිවන පරිදි කැලරි සීමා කිරීමේ බලපැම් අනුකරණය කළ හැකි විකිත්සාවන් වැඩිදියුණු කිරීම හා ඇගැයීම පිණිස ආකෘතියක් අපේ අධ්‍යනයෙන් සැපයිය හැකිවෙනවා” ඔවුහු පෙන්වා දෙති.
අධ්‍යයනය පසුගිය මැයි 22 මාර්ග ගතව Journals of Gerontology, Series A: Biological Sciences and Medical Sciences සඟරාවෙහි පළවින.
WebMD (News from HealthDay) හි පළවූ Cut Calories, Lengthen Life Span? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න